කවි
හොර හරක්
රජෙක් හැදුවා ඇතෙක් වාගේ අපේ බර කඳු අදින්න අනේ ඒ ඇතු කුළෙක් වීලා ඇනපි රටටම මැරෙන්න රජ සභාවම

රජෙක් හැදුවා ඇතෙක් වාගේ අපේ බර කඳු අදින්න අනේ ඒ ඇතු කුළෙක් වීලා ඇනපි රටටම මැරෙන්න රජ සභාවම

ශිල්ප නැණ ලැබ ලොවම පිරිසිඳ
දුක් ගැහැට විඳ කරන නිමැවුම්
තුටින් රස විඳ රසික සජ්ජන
නිවී සැනසෙන අයුරු මනරම්

මහන්සිය කැරකිල්ල අතැතිව
ගිලෙයි හිරු මහ මුහුද මැද්දක
හාන්සිය නැළවිල්ල මුසුකර
අඳුර හිනැහෙයි දෙනෙත් අද්දර

ගඟක් වී ඔබ ගලාගෙන එන්න
මගේ ජීවිතය විනිවිද යන්න
ගඟක් වී ඔබ වේගයෙන් එන්න
දෙගොඩ තලමින් ඉතින් බැසයන්න