විශේෂාංග

තීරු ලිපි
දිනිති නවරත්න

ඇහිබැමි රහිත බලාපොරොත්තු

එකම ප්‍රශ්නෙට කීප වතාවක් උත්තර දෙන්න වෙනකොට නුරුස්සන සුළු ස්වභාවයකට පත්වීම මටත්, හුඟ දෙනෙක්ටත් වෙනවා. නමුත් සමහර රස්සා සහ සේවා වල කරන්න තියෙන්නෙම ප්‍රශ්න වලට උත්තර දෙන එක. ඒ ජාතියෙ රස්සා තෝරගන්න ගුරුවරු, දොස්තරලා, හෙදියො, වෙළෙන්දො වගේ අය තරහ ගන්නෙ නැතුව එකම ප්‍රශ්නෙට සිය සැරයක් උත්තර දෙන්න පුරුදු වෙන්න වෙනවා.

වැඩිදුර කියවන්න »
විශේෂාංග
රවිබන්ධු විද්‍යාපති‍

අපට නව නර්තන සංස්කෘතියක් අවශ්‍යයි

වත්මන් ලාංකේය නර්තන කලාව තුළ ඇති ප්‍රධාන අර්බුදකාරී තත්ත්වයන් කීහිපයක් දක්නට ඇත. සුභාවිත නර්තන කලාවක් වර්තමානයෙහි නොමැතිවීම.  නො එසේම පෙර පැවති එම සුභාවිත ධාරාව සම්පූර්ණයෙන්ම

වැඩිදුර කියවන්න »
තීරු ලිපි
සමරසිංහ ගුණසේකර

සුරංගනීට මාළු ගෙනාවා

දේශපාලකයන් වගේ ඔලුවේ අසූචි තියාගෙන අනිත් මාළුන්ට අවවාද දෙන්නෙත්, අර පක්‍ෂයෙන් මේ පක්‍ෂයට පනින්නේත් ඉස්සාය. හරහට යමින් අපට කෙලින් යන්න කියන උපදේශකයන් වගේ ජාතියක් මුහුදේ සිටිති. ඒ කකුලුවාය. මුහුදේ ජීවත් වී ගඟ දිගේ බිත්තර දමන්නට උඩහට යන සැමන් මාළුවෝ ආපහු ගෙදර එන්නේ සැමන් ටින්වලය. බස් එකේ සෙනඟ තද වුණාම මතක් වෙන්නේ සාඩින් මාළුවාය. සාඩින් වගේ අහුරන නිසාය.

වැඩිදුර කියවන්න »
ඉතිහාසය
රෝහණ දයාරත්න

වාරි ක්‍රමයේ එල්ලංගා පද්ධතිය

විසිරී තිබූ ගල් පරීක්ෂා කළ විට අපට දැක ගත හැකි වූයේ ඒ හැම ගලකම වාගේ කිසියම් හැඩයකට තිබෙන කැපුමක් වැනි දෙයක් තිබෙන බවයි. මේවා මේ ගල් එකිනෙකට සම්බන්ධ කළ හැකි විවර එනම් අසවු විය හැකිද යන පැනය අපේ කණ්ඩායමේ අය තුළින් පැන නැගුණා. නැතහොත් interlocking system එකකට මේ ගල් සකස්කර අමුණක් නිර්මාණය වූ වාදැයි යන පැනය අපට ඇති වුණා. එසේ නම් අමුණ කඩා දැමීමේදී මේ සන්ධිය විසන්ධි කිරීම පහසුවෙන් කළ හැකිව තිබුණා..
ඇතීතයේ වෙල්ලස්ස අදට වඩා සෞභාග්‍යමත් වූයේ මෙම ජල සැපයුම් පද්ධතිය මගින් එහි සාරවත් පොළොවට අවශ්‍ය ජලය සැපයූ නිසායි.
එල්ලංගා පද්ධතියේ ආරම්භය රජරට නොව වෙල්ලස්ස විය යුතුයි.

වැඩිදුර කියවන්න »
විශේෂාංග
රෝහණ දයාරත්න

ඖෂධවේදය සහ වෛද්‍ය විද්‍යාව පිළිබඳ දැනුම අපට ලැබුනේ කෙසේද?

සමහරු ඖෂධ වේදය සහ වෛද්‍ය විද්‍යාව පිළිබඳ  දැනුම දෙවියන්ගෙන් ලැබුණා යයි විශ්වාස කරති. දෙවියන්ගෙන් ලැබුණා යයි සිතා සිටි ඇතැම් වසංගත රෝග වයිරස්  නිසා ඇතිවන බව

වැඩිදුර කියවන්න »
විශේෂාංග
වසන්ත විජේනායක

ආන්ත්‍රික හා ගුද මාර්ගය ආශ්‍රිත ශල්‍යවේදය (Colorectal Surgery)

ආන්ත්‍රික හා ගුද මාර්ගය ආශ්‍රිත ශල්‍යවේදය ඉතා පුළුල් පරාසයක පැතිර පවතී. මෙයට සුවිශේෂී විශේෂඥතා සම්බන්ධ කර ගනිමින් පරීක්ෂණ සිදු කිරීම, සැත්කම් සිදු කිරීම තුළින් ප්‍රතිකාර සිදු කිරීම හා රෝග පාලනය කිරීම අයත් වේ. මේ යටතේ බඩවැල් අකර්මන්‍ය වීමේදී කරනු ලබන සැත්කම් (intestinal failure surgery), ගුදය සහ ගුද මාර්ගයට අදාළ රෝග හඳුනගැනීම හා ප්‍රතිකාර කිරීම හා සම්බන්ධ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය (proctology), බඩවැල් හා සම්බන්ධ විවර නොකර සිදුකරන සැත්කම් (laparoscopy/keyhole), බඩවැල් වල ඇතිවන පිළිකා හා සම්බන්ධ සැත්කම්, ප්‍රවේණිගත වෛද්‍යමය තත්ත්වයන්, සංකීර්ණ වූ උදරය හා සම්බන්ධ ශල්‍යකර්ම සිදුකිරීම, අන්ත්‍ර ප‍්‍රදාහ රෝග (Inflammatory Bowel Disease -IBD) හා අන්ත්‍රීය ක්‍රියාකාරීත්වය පිළිබඳ රෝග තත්ත්වයන් (functional bowel conditions) පිළිබඳ සිදු කරන ප්‍රතිකාර අයත් වේ.

වැඩිදුර කියවන්න »
Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත