තීරු ලිපි

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest
Anchor-alochana-column
තීරු ලිපි
හෙන්රි වර්ණකුලසූරිය

නාවික භාෂාව වෙනම භාෂාවක්

නාවික ජීවිතය ගැන කතා බහ කරද්දී නාවික භාෂාව ගැන යම් දැනීමක් තිබීම අවශ්‍යයි. ඊට හේතුව නාවික කටයුතු වලදී යොදන සමහර වචන අප සාමාන්‍ය ජීවිතයේ සමාන අවස්ථා හා දේවල් හැඳින්වීමට යොදන වචන වලට වඩා එහැම පිටින්ම වෙනස් වීමයි.

නෞකාවන්හි එක් එක් අංශයන්, නැතිනම් කොටස් වගේම ක්‍රියාකාරකම් හැඳින්වීමට යොදන වදන් මාලාව ඉතා පුළුල් වුවත් අපට නිතර දෙවේලේ භාවිතය වූ වචන අපට ඉක්මනින් ඉගෙන ගන්න සිදු වුණා.

නැවක කොටස් නම් කෙරුණේ මේ ආකාරයටයි. පහත රූප සටහන් දෙකෙහි ඉංග්‍රීසි භාෂාවෙන් සඳහන් කොට ඇති ප්‍රධාන කොටස් මා පැහැදිලි කරන්නම්.

වැඩිදුර කියවන්න »
Alochana-Copycat-plagiarism-Katakahanawata-Siyathu
කට කහනවට
සියාතු

කොපි කැට් කලාවේ පිකාසෝලා

තමන් යතුරු ලියනයට බාරගත් නවකතාවක් පොතේ නම වෙනස් කොට තමන්ගේ නමින් ප්‍රකාශකයෙකු ලවා එළිදක්වා වංචා කිරීමට අධිකරණයෙන් වරදකරුවෙකු වූ ප්‍රසිද්ධ පත්තරකාරයෙකුගේ නම ලේඛනාගාරයේ ලියාපදිංචියෙන් ඉවත් කළේ 60 දශකයේ මුල් භාගයේදී.

කලෙක ගුවන් විදුලි ගීත රචනා බැංකුවට ආධුනිකයින් යැවූ නිර්මාණ ප්‍රවීනයින් තම නමින් ගායකයින් ලවා ගායනා කළ බවට චෝදනා නැගුණා. තරඟ සඳහා හෝ කියවන්නට ලැබුණ චිත්‍රපට තිර රචනා ප්‍රවීනයින් විසින් මංකොල්ල කනු ලැබූ බවටද චෝදනා එල්ල වූ අවස්ථා තිබුණා.

එපමණක් නොවේ තමන්ගේ නවකතාවක් ඇසුරෙන් නිෂ්පාදනය කළ චිත්‍රපටයට වෙනෙකෙකු ලියූ ගීත තමන්ගේ නමින් ලේබල් ගසා ගත් ප්‍රසිද්ධ සිංහල උපකාර පංති ගුරුවරයෙකු ලියූ තිරනාටකයක්ද තවත් උන් සොරකම් කිරීමේ අත්දැකීම් අප කියවා තියෙනවා.

විශිෂ්ට චිත්‍රපටයකට හෙළ කව්, ගී අරණේ දැවැන්තයා ලියූ ගීතයක් තමන්ගේ නමින් ලේබල් ගසා ගත් මහාචාර්ය චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් ගැනද, ජ්‍යෙෂ්ඨ ජන වහර පර්යේෂකයෙකුගේ පර්යේෂණ සොරා ගෙන තමන්ගේ පොත් වලට යොදා ගත් ලේඛක ප්‍රකාශකයෙක්, හෙළ කලා ලොව මුදුන් මල් කඩක් වන් නිර්මාණකරුවන්ගේ පොත් පිටින් හොරෙන් මුද්‍රණය කොට විටෙක උසාවි ගොස් වැරදි කරුවන් වූ බවද, උසාවි නොගිය සොරකම් එසේම ඉතිහාසයේ වැලි තලාවට යට වූ බවද ප්‍රචලිතයි.

වැඩිදුර කියවන්න »
Alochana-Feature-Parackama-Niriella-Chamminda-Welagedara
තීරු ලිපි
චම්මින්ද වෙලගෙදර

සංස්කෘතියේ සංසාර බද්ධය – පරාක්‍රම නිරිඇල්ල

බලන්න චිත්‍රපට කර්මාන්තය දිහා. මොනවද චිත්‍රපට සංස්ථාව කරන්නේ. චිත්‍රපටකරුවා රැක ගන්නවා තියා ඔවුන් ඉතා අමාරුවෙන් නිෂ්පාදනය කරගන්නා චිත්‍රපටයකට ඒක පෙන්න ගන්න හරි හමන් තැනක් හරි සූදානම් කරල දෙනවද? බෙදා හැරීම ගැන බැලුවත් ප්‍රදර්ශනය ගැන බැලුවත් ඔක්කොම ජරාජීර්ණයි. යල් පැන ගිහින්. ජාත්‍යන්තර සම්මාන ලබන්න, බටහිර නිර්මාණ සමග තරග කරන්න පුළුවන් නව තරුණ පරපුරක් අපිට ඉන්නවා. එහෙත් ඔවුන්ට මේ රටේ දී ලැබෙන උපකාරය, මගපෙන්වීම හා දිරිය කුමක්ද?

අපි ප්‍රංශයට ඕස්ට්‍රේලියාවට යන්න ඕනෙ නෑ. අපේ අල්ලපු රට ඉන්දියාවට යමු. බලන්න ප්‍රාන්ත වල දී පවා ඒ රටේ කලාකරුවා රැකගන්න ඔවුන් දෙන සහයෝගය. දැන් සෑම රටකම කලාව සහ සංස්කෘතිය මානව ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක්. මේ නිසා තමයි ඉන්දියාව ඔවුන් හඳුනාගෙන ඔවුන්ට උපකාර වන්නේ. ජාතික අධ්‍යාපනය පුහුණුවීම් ආයතන පිහිටුවා සිනමාවට කලාවට උදව් කරන්නේ. ඒ නිසාම අද ඉන්දියාව සිය ජාතික ආදායමෙන් 35% සිනමාව හරහා උපයා ගන්නවා. එහෙත් අපේ රටේ සිනමා විද්‍යාර්ථයින් බිහි කිරීම තබා ඔවුන් ඉතා අමාරුවෙන් නිර්මාණය කර ගන්නා නිර්මාණයන්ට හෝ දියයුතු උපහාරය කරනවාද?

බටහිර රටවල නිර්මාණකරුවා රැකගන්න නඟා සිටුවන්න අරමුදල් පවා පිහිටුවා තිබෙනවා. හැම ආණ්ඩුවක්ම බලයට පත්වූ විගස සිනමාව කලාව හා සංස්කෘතිය ගැන කතා කරනවා. ඉන් පසුව ඒවා යළිත් පැරණි හුදකලා ඉබි ගමනේමයි.”

වැඩිදුර කියවන්න »
තීරු ලිපි
සමරසිංහ ගුණසේකර

ගමක විපරිනාමය

ගමේ පවුල් අතරෙන් හතරෙන් තුනක් රත්නායක මුදියන්සේලාය. ඉතිරි හතරෙන් එක දිසානායක මුදියන්සේලාය. ගැමි පිරිමි අතර ගනරත් බංඩලා, කලු බංඩලා, සුදු බංඩලා, රතු බංඩලා, නිලමෙලා, හේරත් බංඩලාය. ගමේ ගැහැණු වැඩිදෙනා සුදු මැණිකෙලා, රතු මැණිකෙලා, කලු එතනලා, සුදු එතනලාය.
මගේ මිත්‍රයා ගමේ පාසලේ විදුහල්පතිය. එකම ගුරුවරයාය. ඒ වගේම පාසලේ මුල් ගුරුවරයාය. එය තනි ගුරුවරයාගේ පාසලක් වූ අතර බාලාංශයේ සිට අටවැනි ශ්‍රේණිය දක්වා ළමයින් හැත්තෑවක් පමණ සිප් සතර හැදෑරුවෝය.

අප ලැගුම් ගත්තේ පාසලේ කන්තෝරු කාමරයට යාබද ගබඩා කාමරයේය. පොළ දවසට මම නිදි පැදුරේ හිඳ පාසල සමීප කරත්ත පාරේ යන කරත්ත ගණන් කළෙමි. කෙසෙල්, මඤ්ඤොක්කා, බතල වැනි ගැමියන්ගේ අතිරික්ත භව භෝග පුරවාගත් කරත්ත හත අටක් උදේ පාන්දරම මැදගම පොළට යයි. ගැමියෝද බඩු පුරවා ගත් මලු හිසින් ගෙන උදේ පොළට යති.

සවස ඔවුන් ආපසු එනවිට මලුවල ඇත්තේ තුනපහ, දියලුණු, කරවල වැනි ගමේ නැති කළමනා විතරය. ඉතිරි සියල්ලෙන් ගම ස්වයංපෝෂිතය.

වැඩිදුර කියවන්න »
Alochana-Aa-giya-katha-Thusith-abeynayake-Goddess in dog Shelter
ආ ගිය කතා
තුසිත් රවීන්ද්‍ර අබේනායක

බලු අනාථාගාරයේදී දුටු දෙව් දුව…

මම ඇය කතාවට අල්ලා ගතිමි. ඇය බල්ලන් ගැන බොහෝ දේ දන්නා අයෙකි. මේ මිශ්‍රණයෙන් බිහිවෙන බල්ලන් අතිශය මිත්‍රශීලි වන බවත් ඒ තරම් හොඳ සත්ත්ව යහළුවන් ලෝකයේ කිසිම තැනකින් වත් නොලැබෙන බවටත් ඇය මට කීවාය.

මේ අතර කඩේ මැනේජර් ලෙස වැඩ කරන වයස 20 ක් පමණ පිරිමි ළමයාද අපේ කතාවට එකතු විය.
“මෙතනට තිස්සෙම පැටව් එනවා….යනවා… හැබැයි මං මූට මාර ආදරෙයි … මම හැමදාම රෑට ජර්සිය අස්සේ දාගෙන මූ ගෙදර අරන් යනවා.. මූට මොලේ තියනවා.. මම සල්ලි එකතු කර ගන්න කල් තමයි මෙච්චර දවසක් තිය ගත්තේ. ඒත් උඹට සල්ලි තියනවනම් මූ ගනින්… උඹ මූට අදරෙයි කියලා මම දැකල තියනවා…” හේ මට කීය.

“පොඩ්ඩක් හිටපන්…”කී මම බැංකුවට ගියෙමි.
ගෙවමින් පවතිනා නිවාස ණයෙන් අපදා සඳහා කෙතරම් මුදලක් ආපසු ගන්නටව පුලුවන්දැයි විමසුවෙමි. බල්ලා ගේ ගණනට වඩා ඩොලර දෙතුන් සියයක් ආපදාවකදී මට ලබා ගත හැක. මට ඒ ප්‍රමාණවත්ය.
“වැට කඩා වැටුණ ඊයේ රෑ ..” මම බැංකුවට කීවෙමි. වැට කඩා වැටීම අපදාවකි.

වැඩිදුර කියවන්න »
Anchor-alochana-column
තීරු ලිපි
හෙන්රි වර්ණකුලසූරිය

නැව් වලට නම් තැබීම

හැත්තෑව සමගි පෙරමුණ රජය සමයේ චීනයෙන් ගෙන්වන ලද වේග ප්‍රහාරක බෝට්ටු ‘සූරයා’, ‘වීරයා’, ‘රණකාමී’ හා ‘දක්ෂයා’ ලෙස නම් තබා ඇත්තේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක නමේ මුල් අකුරු යොදාගෙනයි. අසූව දශකයේ මුල් භාගයේ නාවික හමුදාවට අලුතෙන් ලැබුණු වේග ප්‍රහාරක බෝට්ටු ‘ජගතා’ හා ‘රක්ෂක’ ලෙස නම් තැබුවේ එවකට ජනාධිපති වූ ජේ. ආර්. ජයවර්ධනගේ නමේ මුල් අකුරු යොදා ගෙනයි. ‘ජයසාගර’, ‘සාගරවර්ධන’ යාත්‍රා දෙකට නම් තැබුවේද ජයවර්ධන නාමය සනිටුහන් වන ආකාරයටයි. මේ ආකාරයෙන් රටේ පාලකයා සතුටු කරන්නට හෝ ඔහුට ගෞරවයක් ලෙස අලුතින් අධිකාරියට පත් වෙන නෞකා නම් කිරීමට ඒ ඒ යුගවල සිටි නාවික හමුදාපතිවරුන් පියවර ගනු ලැබුවා.

වැඩිදුර කියවන්න »
Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest
Ad
වර්ගීකරණය
කර්තෘ
සංරක්‍ෂිත