ශිල්ප නැණ ලැබ ලොවම පිරිසිඳ
දුක් ගැහැට විඳ කරන නිමැවුම්
තුටින් රස විඳ රසික සජ්ජන
නිවී සැනසෙන අයුරු මනරම්
නිසි විලස රස විනිස නූගත්
අවරසික කැල කළ ද ගැරහුම්
කුණුව ඕජස් ගලන මේ රට
වැණුම නම් කිසිවකුට නොතරම්
කෙටිකතාවක කවක ගැඹුරක්
මිහිරි ගීයක රැඳුණු රසයක්
නොදැන දෙන පුහු මුග්ධ විනිසක්
සිරගත කරයි හෙට තවත් කවියක්
සිරගෙවල් දහසක දැමූවත්
නතර කළ හැකි නොවේ කවිසිත්
මිනිස් දුක ළඟ හඬ නගන්නයි
නැගුණෙ කවදත් ලියන මේ අත්