

සීයාට නත්තල්
අවන්හල්වලින් නැගෙනා මියුරු සංගීතය වීදි පුරා ගලා ගියේය. නගරය පිරී තිබුණේ මිනිස් ගංගාවකිනි. නගරයේ අසිරිය විඳින්නටත්, උත්සව සමයට අවැසි ඇඳුම්-පැළඳුම්, නත්තල් උත්සවයට අවශ්‍ය බඩු බාහිරාදිය ලබා ගැනීමටත් පැමිණි ජනයා නිසා, සියලුම මංමාවත් පිරී ඉතිරී ගොසිනි. නත්තල් සමය වෙනුවෙන් මිහිපිට සුරපුරයක් බවට පත්කළ නගරය, ඒ හේතුවෙන් ම එහි විසූ ඇතැම් ජන කොට්ඨාසයකට මිහිපිට අපායක් බවට පත් කරන්නට සමත් විය.
ඉතාලියේ උතුරු ප‍්‍රදේශයේ අගනුවර වූ ”මිලානෝ” නගරය, අනවසර සංක‍්‍රමණිකයන්, යාචකයන්, අබිසරු ලියන්, පාතාල සාමාජිකයින්ගේ තෝතැන්නක් ලෙස ප‍්‍රසිද්ධව තිබිණ. වසන්ත සමයේ නගරයේ උද්‍යාන තුළ, උමං දුම්රිපොළවල හෝ පදිකවේදිකාවල රාත‍්‍රිය ගත කළ මිනිසුන්ට නගරයේ බොහෝ කලාප තහනම් කොට තිබිණ.