සුරංගනීට මාළු ගෙනාවා
දේශපාලකයන් වගේ ඔලුවේ අසූචි තියාගෙන අනිත් මාළුන්ට අවවාද දෙන්නෙත්, අර පක්ෂයෙන් මේ පක්ෂයට පනින්නේත් ඉස්සාය. හරහට යමින් අපට කෙලින් යන්න කියන උපදේශකයන් වගේ ජාතියක් මුහුදේ සිටිති. ඒ කකුලුවාය. මුහුදේ ජීවත් වී ගඟ දිගේ බිත්තර දමන්නට උඩහට යන සැමන් මාළුවෝ ආපහු ගෙදර එන්නේ සැමන් ටින්වලය. බස් එකේ සෙනඟ තද වුණාම මතක් වෙන්නේ සාඩින් මාළුවාය. සාඩින් වගේ අහුරන නිසාය.

සුහසර – ඒම්. ඩී. මහින්දපාල
මෙවර සුහසර සංවාදයට එක්වන්නේ මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම කැමරා අධ්‍යයක්ෂවරයෙකු, ලේඛකයෙකු සහ සිනමාකරණය පිළිබඳ ආචාර්යවරයෙකු වන M.D. මහින්දපාල.
තරුණයෙකුව සිටියදී කැමරාකරණයට හිත යොමුවීමට හේතු වූ කරුණු කාරණා මෙන්ම රජයේ චිත්‍රපට දෙපාර්තමේන්තුවෙන් ඇරඹී වෘත්තීය චාරිකාවේදී ඔහුට හමු වූ සුවිශේෂී චරිත සහ ඔහු දායකු වූ සුවිශේෂී නිර්මාණ ගැන රසබර මතකයන් රැසක් පාදක කොට ගනිමින් පිළිසඳරේ යෙදෙන අතරේ ශ්‍රී ලාංකික රූපවාහිනී කලාව සහ සිනමාවේ විකාශනය ගැන මහින්දපාලයන්ගේ ආචරජනයත් සුහසරින් ගෙන එනු ලබනවා.


සිදුහත් බෝසතුන්ගේ ධර්ම ගවේශනය
බුදුන් වහන්සේ තමන් වහන්සේ විසින් ම ධර්මය අවබෝධ කරගත් අයුර පිළිබඳව යම් දැනීමක් අප තුළ තිබිය යුතු බැවින් මෙතැන් පටන් ඒ පිළිබඳව වැටහීමක් ලැබ ගැනීමට වෑයම් කරමු.


වාරි ක්රමයේ එල්ලංගා පද්ධතිය
විසිරී තිබූ ගල් පරීක්ෂා කළ විට අපට දැක ගත හැකි වූයේ ඒ හැම ගලකම වාගේ කිසියම් හැඩයකට තිබෙන කැපුමක් වැනි දෙයක් තිබෙන බවයි. මේවා මේ ගල් එකිනෙකට සම්බන්ධ කළ හැකි විවර එනම් අසවු විය හැකිද යන පැනය අපේ කණ්ඩායමේ අය තුළින් පැන නැගුණා. නැතහොත් interlocking system එකකට මේ ගල් සකස්කර අමුණක් නිර්මාණය වූ වාදැයි යන පැනය අපට ඇති වුණා. එසේ නම් අමුණ කඩා දැමීමේදී මේ සන්ධිය විසන්ධි කිරීම පහසුවෙන් කළ හැකිව තිබුණා..
ඇතීතයේ වෙල්ලස්ස අදට වඩා සෞභාග්‍යමත් වූයේ මෙම ජල සැපයුම් පද්ධතිය මගින් එහි සාරවත් පොළොවට අවශ්‍ය ජලය සැපයූ නිසායි.
එල්ලංගා පද්ධතියේ ආරම්භය රජරට නොව වෙල්ලස්ස විය යුතුයි.


නාද සිත්තම් – තුන්වෙනි වෙළුම
ඕලන්ද ජාතික වින්සන්ට් වැන් ගොහ් [30 March 1853 – 29 July 1890] බටහිර කලා ලෝකය තුළ වැජඹුණු කීර්තිමත් චිත්‍ර ශිල්පියෙක්. තෙල් සායම් චිත්‍ර 860 ක්ද ඇතුලුව වසර දහයක් තුළ ඔහු කළ නිර්මාණ


ටික් ටොක් වීරයන්ට වඩා විද්‍යා විරුවන්ගේ අවශ්‍යතාව තදින් දැනෙමින් පවතී
සත්ත්ව විශේෂයක් වශයෙන් මිනිස් අප සුවිශේෂී වීමට කාරණා වන එක් හේතුවක් වන්නේ ගවේෂණයට ඇති අපගේ ළැදියාවයි. පෘථිවි ගෝලයේ විශාල පරිමාණයක් ගවේෂණයට ලක් නොවී තිබූ අතීතයේ ජීවත් වූ නිර්භීත ගවේෂකයින් විසින් තම ජීවිත


එඩිතර නෞකාවෙන් උතුරේ ආවේක්ෂණ කලාපයට
A – ඇල්ෆා (Alfa), B – බ්රාවෝ (Bravo), C – චාලි (Charlie), D – ඩෙල්ටා (Delta) ආදී වශයෙන් සෑම ඉංග්‍රීසි අකුරක්ම නාමකරණයට ලක් කොට තිබුණා. ඒ අනුව මගේ නම වන හෙන්රි (HENRY) යන්න නාවික ගුවන් විදුලිය සංඥා මගින් කියවුණේ හොටේල්, එකෝ, නොවෙම්බර්, රෝමියෝ, යැන්කි යනුවෙනුයි.