තීරු ලිපි

තීරු ලිපි
විෂ්ණු වාසු

නාද සිත්තම් – සංගීතයේ ඉතිහාසය

ශ්‍රී ලංකාවේ බහුලව භාවිත ඉන්දියානු සංගීත ඉතිහාසය වෛදික යුගය තෙක් දිව යනවා. හින්දු පුරාවෘත්තයට අනුව, විශ්වයේ ආරම්භයත් සමගින් සමස්ත විශ්වය පුරා පැතිරුණු ප්‍රථම ශබ්දය නාද්බ්‍රහ්ම ලෙස සැලකෙනවා. එය විශ්වයේ ඇති සුපිරිසිදුම ශබ්දය වන බවත් එය අස්ථිර බවත් විශ්වාස කෙරෙනවා.
විවිධ යුග හරහා ක්‍රමිකව විකාශය වූ ඉන්දියානු සංගීත දාසය වැනි සියවසේ සිදුවූ මෝගල් ආක්‍රමණයත් සමගින් වෙනස්ම මගකට අවතීර්ණ වෙනවා. එතෙක් වන්දනීයව සැලකූ ශුද්ධ ඉන්දියානු සංගීතය උතුරු දකුණු භූගෝලීය සාධක පදනම්ව හිස්දුස්ථානී සහ කර්ණාටක වශයෙන් සංගීත ආරන් දෙකකට බෙදෙනවා.

වැඩිදුර කියවන්න »
තීරු ලිපි
සමරසිංහ ගුණසේකර

මහත්තයා බග්ගියා

බග්ගි සමග හරකුන්ට ලාඩම් ගහන, බග්ගි හදන, බග්ගි අලුත්වැඩියා කරන, හරකුන් හංවඩු ගහන තැනද අපමණ තිබුණේය. හරක් වෙද්දුද සිටියෝය. අපේ වත්තට අල්ලපු දානේ වත්තේ පදිංචි වී සිටි කලු අප්පු පොඩි පුතා චිත්‍රපටියේ ප්‍රධාන නලුවා කොළඹ කෝච්චියෙන් බසින විට “එන්න මහත්තයා බග්ගිය” කියා එක දවසෙන් චිත්‍රපටි නලුවෙක් වුණේය. අපි බ්‍රොඞ්වේ තියටරයට ගොස් විමලවීර මාස්ටර්ගේ පොඩි පුතා හතර පස් සැරයක් බැලුවෙමු. ඒ ප්‍රධාන නලුවා වූ ආනන්ද වීරකෝන්ට වඩා අපේ කලු අප්පු රඟපාන නිසයි.

වැඩිදුර කියවන්න »
Anchor-alochana-column
තීරු ලිපි
හෙන්රි වර්ණකුලසූරිය

ආවේක්ෂණ කලාපයේ “හොර බඩු” වල්ලම

අප අසලින් කිසියම් යාත්‍රාවක් ඇදී යනු නිරීක්ෂණය කරනු ලැබුවේ එවන් අවස්ථාවකයි. අපට අණ ලැබුණේ එකවරම flare එකක් දල්වා කුඩා යාත්‍රාව කවරක් දැයි නිශ්චය කරගෙන ඊට අනතුරු සංඥා කරමින් ළඟා වන ලෙසයි.

පරිසරය ඒකාලෝක කරමින් විහිදුණු ආලෝක ධාරාවෙන් අප දුටුවේ වල්ලම් යාත්‍රාවක් අප පසුකොට වේගයෙන් ඉවතට ඇදෙන්නට උත්සාහ කරන බවයි. එහි පුද්ගලයින් සිව් දෙනෙකු සිටිනු නිරීක්ෂණය කළ හැකි වුණා. ඔවුන් අත පෙනෙන්නට ආයුධ නොතිබූ නමුදු උපක්‍රමශීලී ලෙස ආයුධ සඟවා ගෙන සිටින ත්‍රස්තවාදීන්ද නැතහොත් ඉන්දියාවේ සිට contraband නොහොත් නීති විරෝධී ලෙස භාණ්ඩ ප්‍රවාහනය කරන සංවිධානාත්මක මුහුදු සොරුන් දැයි අපට එකවර නිශ්චය කර ගැනීමට හැකි වූයේ නෑ.

වැඩිදුර කියවන්න »
කට කහනවට
සියාතු

මළ මිනී විකුණන්නෝ බොහෝ වෙත්

මේ සියල්ල උඩුයටිකුරු කළේ කොරෝනාය. කොරෝනා හැදී මියයන පුද්ගලයන්ගේ මළසිරුරු කිසිසේත්ම භූමදානය කළ නොහැකි බව ආණ්ඩුව ප්‍රකාශයට පත් කළේද, ඒ තීන්දුව ඉතා දැඩි ආකාරයෙන් ක්‍රියාත්මක කළේද ඒ පිළිබඳ විශේෂඥයන්ගේ උපදෙස් පරිදිය.
ඒකට කිව්වේ විද්‍යාත්මක ක්‍රමවේදය කියාය.
හුටා…. ඒ මගින් ආගමික විශ්වාසයන්ට කෙලවුණේය. පොළවේ පසෙන් උපන් එකා පොළවට පස් විය යුතුය,

වැඩිදුර කියවන්න »
ඡායාරූපකරණය
ඉන්ද්‍රනාථ තේනුවර

ඡායාරූපකරණය බිහිවීම

ඡායාරූපශිල්පය Photography නාමික ව ලොව භාවිතයට එන්නටත් පෙර, 1825 දී නිසෙෆෝර් නියප්සේ විසින් නිර්මාණය කරන ලද පැරණි ම ඡායාරූප කෞතුක වස්තු තුනෙන් එකකි, කඩදාසියක් මතතීන්තෙන් මුද්‍රණයක් සිදු කිරීම. එය මුද්‍රණය කිරීමට භාවිතා කරන මුද්‍රණ තහඩුව ඡායාරූපමය වශයෙන් නිර්මාණය කරන ලද්දේ නීප්සෙගේ හීලියෝග්‍රැෆි ක්‍රියාවලියෙනි. එය 17 වන සියවසේ ෆ්ලෙමිෂ් කැටයමක් ප්‍රතිනිෂ්පාදනය කරන්නට ද සමත් විය.

වැඩිදුර කියවන්න »
තීරු ලිපි
දේශාන් කරුණාරත්න

නව වසරේ ස්මාර්ට් පුරවැසියෙක් වෙන්න නම්…

කොවිඩ් වසංගතය මගින් ඇති කළ නව සාමාන්‍යය තත්ත්වය විසින් බොහෝ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ද එදිනෙදා කටයුතු කර ගැනීම සඳහා තාක්ෂණය භාවිතා කිරීමට අනිවාර්ය අවශ්‍යතාවක් බවට පත් කොට තිබෙනවා. එහෙයින් බොහෝ වැඩිහිටියන් අකමැත්තෙන් වුවත් තාක්ෂණය භාවිතා කරමින් අන්තර්ජාලය භාවිතයට මෙන්ම සමාජ ජාලා භාවිතයට පිවිසීමට සිදුවී තිබීම එක්තරා අයුරකින් ධනාත්මක ප්‍රවණතාවක්.

වැඩිදුර කියවන්න »
Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත