ඡායාරූපකරණය බිහිවීම

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

Joseph Nicéphore Niépce

බ්‍රිතාන්‍ය ජාතික ජෝසප් නිසිෆෝර් නියප්සේ උපන්නේ 7 මාර්තු 1765 මාර්තු මස 7දා ය. මියෙන්නේ – 5 ජූලි 1833 ජූලි මස 05දා ය. එංගලන්තයේ උපන්න ද හේ ප්‍රංශ නව නිපැයුම්කරුවෙකි. අප ඇසින් දකින දෙයක් ස්ථාවර ව රඳවා ගන්නට උත්සාහ ගත් බොහෝ දෙනා අතර ප්‍රමුඛයෙකි, ඡායාරූප වංශ කතාවේ නොමැකෙන නමක් සටහන් කළ නව නිපැයුම්කරුවකු සහ පුරෝගාමියෙකි. ආලෝකය භාවිතයෙන් රසායනික ව ප්‍රතිබිම්බයක් ස්ථාවර ව සටහන් කර ගන්නා ක්‍රමයක් මගින්, ලොව මුල් ම ඡායාරූපය ලෝකයට දායාද කළ දැවැන්ත යුග පුරුෂයා ඔහු ය. එම ක්‍රමය ඔහු හැඳින්වූයේ හීලියෝග්‍රැෆි Heliography නමිනි. 1825 වසරේ දී ඔහු ප්‍රාථමික කැමරාවක් භාවිතා කරමින්, සැබෑ ලෝකයේ දර්ශනයක දැනට ඉතිරි ව ඇති පැරණි ම ඡායාරූපය නිර්මාණය කළේ ය. නියප්සේ ගේ අනෙක් නව නිපැයුම් අතර, ලොව ප්‍රථම අභ්‍යන්තර දහන එන්ජිම වන පයිරොලොෆෝර් ද වෙයි. ඔහු එය නිර්මාණය කලේ ඔහුගේ වැඩිමහල් සොහොයුරු ක්ලෝඩ් නියප්සේ සමඟ ය.

ජෝසප් නිසිෆෝර් නියප්සේ [ජෝසප් නිසිෆෝර් නියප්සේ]

නියප්සේ උපත ලැබුවේ එංගලන්තයේ, සාන්-එට්-ලොයර් හි චාලොන්-සර්-සාන්හි ය. ඔහුගේ පියා එවක ධනවත් නීතිඥයෙකි. නියප්සේ ගේ නව නිපැයුම් සඳහා දායක වූයේ ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන ක්ලෝඩ් (1763–1828) ය. නමුත් පසු කාලීන ව, ඔහු මානසික ආබාධයකින් පෙළෙමින් සිට අසරණ ව මිය පරලොව ගියේ ය. නියප්සේ ට ඒ හැර තවත් සහෝදරියක ද බාල සහෝරයකු ද සිටියේ ය.

නීයෙප්සේ උපන් නිවස[නීයෙප්සේ උපන් නිවස]

නියප්සේ, නිසෙෆෝ නමින් බව්තීස්ම වූයේ, නවවන සියවසේ කොන්ස්ටන්ටිනෝපල්හි ගෞරවණීය පුරවැසියකු වූ ශාන්ත නිසෙෆෝගේ නාමයෙනි. තෘතීය පාසැල් අධ්‍යයන කාලයේ දී, ඔහු විද්‍යාව සහ පර්යේෂණාත්මක ක්‍රම ඉගෙන ගෙන වේගයෙන් සාර්ථකත්වය අත්කර ගත්තේය. සහ පසු ව එම විශ්වවිද්‍යාලයේ ම මහාචාර්යවරයකු ලෙස සේවය කිරීමට සමත් විය..

නැපෝලියන් අධිරාජයා යටතේ ප්‍රංශ හමුදාවේ මාණ්ඩලික නිලධාරියෙකු ලෙස සේවය කළ නියප්සේ වසර ගණනාවක් ඉතාලියේ හා සාඩීනියා දූපතේ ගත කළ නමුත් අසනීප තත්ත්වය නිසා ඔහුට ඉල්ලා අස්වීමට සිදුවිය. ඉන්පසු ඔහු ඇග්නස් රොමේරෝ සමඟ විවාහ වී නයිස් දිස්ත්‍රික්කයේ පරිපාලක ලෙස පත්විය. 1795 වසරේ දි ඇරඹි කාර්මික විප්ලවයේ දී නියප්සේ සිය සහෝදර ක්ලෝඩ් සමඟ විද්‍යාත්මක පර්යේෂණ සඳහා නයිස් හි පරිපාලක ධුරයෙන් ඉල්ලා අස්විය.

1801 දී නියප්සේ සිය සහෝදරයන් සමග ඔවුන්ගේ විද්‍යාත්මක පර්යේෂණ දිගටම කරගෙන යාම සඳහා චාලොන්හි පිහිටි පවුලේ වතු වෙත ආපසු ගිය අතර එහිදී ඔවුන් මව, සහෝදරිය සහ බාල සොහොයුරු බර්නාඩ් සමඟ එක්විය. එහිදී ධනවත්, වංශවත් පරම්පරාවෙන් ම අත් වූ සිය පවුල් සතු වතුයායන් ස්වාධීන ව කළමනාකරණය කළ අතර, එම වතුවල බීට් වගා ඇති කිරීම සහ සීනි නිෂ්පාදනය කිරීම කළේ ය.

1827 දී නියප්සේ නැවත එංගලන්තයට ගියේ ඔහුගේ බරපතල ලෙස රෝගාතුර ව සිටි වැඩිමහල් සොහොයුරා වන ක්ලෝඩ් බැලීමට ය. ක්ලෝඩ් අභ්‍යන්තර දහන එන්ජිම වන පයිරෝලෝෆෝරය වැඩි දියුණු කිරීමට නුසුදුසු ව්‍යාපාරික අවස්ථාවන් හඹා යමින් පවුලේ වාසනාව සහ ධනය නැති නාස්ති කර ඇත.

1833 ජූලි 5 වන දින නිසෙෆො නියප්සේ ආඝාතයකින් මිය ගියේය. එම කාල වකවානුව වන විට, මූල්‍යමය වශයෙන් විනාශයට පත් ව, අතිශය ධන හානියට පත් ව, දුක්ඛිත තත්ත්වයට පත් ව සිටි ඔහු මිය ගිය පසු, ශාන්ත ලූප් ද වරෙනස්ගේ සුසාන භූමියේ දී ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා මුදල් යෙදවූයේ මහ නගර සභාව විසිනි. සුසාන භූමිය පිහිටා ඇත්තේ ඔහු අත්හදා බැලූ සහ ලොව ප්‍රථම ඡායාරූප රූපය නිර්මාණය කළ පවුලේ නිවස අසල ම වීම අතිශය ඛේදජනක ය….
ඔහුගේ පුත් ඉසිඩෝර් (1805-68)සිය පියාගේ අභාවයෙන් පසු, එවක තවත් සිය පියාණන්ගේ සමකාලීනයකු වූ, සහ නව නිපැයුම්කරුවකු වන ඩැගියුරේ සමඟ හවුල්කාරිත්වයක් ඇති කර ගත් අතර 1839 දී නිසෙෆෝර්ගේ අභ්‍යන්තර දහන එන්ජිමේ ක්‍රියාවලියේ තාක්ෂණික තොරතුරු හෙළි කිරීම වෙනුවෙන් රජයන් විශ්‍රාම වැටුපක් ද ලබා දෙන ලදී.
නියප්සේගේ ඥාති සහෝදරයෙක් වන ක්ලෝඩ් ෆීලික්ස් අබෙල් නිප්සෙ ඩි සෙන්ට්-වික්ටර් (1805–1870) රසායනඥයකු වූ අතර, ඡායාරූපකරණයේදී ඇල්බියුමන් භාවිතා කළ ප්‍රථමයා ද විය. ඔහු වානේ මත ඡායාරූප කැටයම් ද නිෂ්පාදනය කළේය. 1857-1861 කාලය තුළ යුරේනියම් ලවණ මිනිස් ඇසට නොපෙනෙන විකිරණ ආකාරයක් විමෝචනය කරන බව ඔහු සොයා ගත්තේය.

ඡායාරූපශිල්පය Photography නාමික ව ලොව භාවිතයට එන්නටත් පෙර, 1825 දී නිසෙෆෝර් නියප්සේ විසින් නිර්මාණය කරන ලද පැරණි ම ඡායාරූප කෞතුක වස්තු තුනෙන් එකකි, කඩදාසියක් මතතීන්තෙන් මුද්‍රණයක් සිදු කිරීම. එය මුද්‍රණය කිරීමට භාවිතා කරන මුද්‍රණ තහඩුව ඡායාරූපමය වශයෙන් නිර්මාණය කරන ලද්දේ නීප්සෙගේ හීලියෝග්‍රැෆි ක්‍රියාවලියෙනි. එය 17 වන සියවසේ ෆ්ලෙමිෂ් කැටයමක් ප්‍රතිනිෂ්පාදනය කරන්නට ද සමත් විය.

 [අශ්වයා සමග මිනිසා මුද්‍රණ තහඩුව] [අශ්වයා සමග මිනිසා මුද්‍රණ තහඩුව]

නියප්සේ ගේ පළමු ඡායාරූප අත්හදා බැලීම් දිනය සැබැවින් ම අවිනිශ්චිතය. නව ලිතෝග්‍රැෆි කලාව කෙරෙහි ඔහු දැක්වූ උනන්දුව නිසා ම ඔහු ඡායාරූප ස්ථාවර ක්‍රමය වෙතට ගෙන යන ලදී. 18 වන සියවසේ අගභාගයේ සහ 19 වන සියවසේ මුල් භාගයේ දී කැමරා ඔබ්ස්කුරා නම් වූ සුන්දර නමුත් චමත්කාරජනක කුඩා උපකරණයක් භාවිතයෙන්, තෝමස් වෙජ්ඩ්වුඩ් සහ හෙන්රි ෆොක්ස් ටෝල්බට් ඇතුළු බොහෝ දෙනෙකුට පැන්සලකින් ඒවා සොයා ගැනීමෙන් කළ හැකි ප්‍රමාණයට වඩා පහසුවෙන් හා ඵලදායී ලෙස “සැහැල්ලු සිතුවම්” අල්ලා ගැනීමට යම් ක්‍රමයක් සෙවීමට පෙළඹුණි.

නියප්සේ භාවිතා කළ කැමරා ඔබ්ස්කියුරා [නියප්සේ භාවිතා කළ කැමරා ඔබ්ස්කියුරා]

1816 දී පමණ ඔහුගේ නැන්දම්මාට ලියූ ලිපිවලින් පෙනී යන්නේ රිදී ක්ලෝරයිඩ් ආලේපිත කඩදාසි මත කුඩා කැමරා රූප ලබා ගැනීමට නියප්සෙ සමත් වී ඇති බවයි. එවැනි උත්සාහයකදී කිසියම් සාර්ථකත්වයක් ලැබූ ප්‍රථමයා ඔහු බවට පත්විය. නමුත් ප්‍රතිඵල නිෂේධනීය වූයේ ය. ඒ ඒවා නැරඹීම සඳහා ආලෝකය ඇති තැනකට ගෙන ආ විට, ඒවා නැවතත් අඳුරු වීම වළක්වා ගැනීමට ඔහුට ක්‍රමයක් සොයාගත නොහැකි වීම නිසා ය.

නියප්සෙ අවධානය යොමු කළේ ආලෝකයෙන් බලපෑමට ලක් වූ අනෙකුත් ද්‍රව්‍යයන් වෙතය. අවසානයේදී අවධානය යොමු කළේ පුරාණ කාලයේ සිට ම විවිධ අරමුණු සඳහා භාවිතා කරන ලද ස්වාභාවිකව ම නිපදවන තාර වර්ගයක් වන බිටුමන් Bitumen of Judea වෙත ය. එකළ එය තඹ තහඩු මත ඇසිඩ්-ප්‍රතිරෝධී ආලේපනයක් ලෙස මුද්‍රණ කලාකරුවන් විසින් භාවිතා කරන ලදී. චිත්‍රශිල්පියා තඹ තහඩුව මත ආලේප කළ බිටුමින් ස්ථරය සියුම් ව සූරා, ඒ මත තීන්ත තට්ටුවක් ආලේප කරන ලදී. පසු ව එම තීන්ත තට්ටුව යළි සූරා ඉවත් කළ විට බිටුමින් රහිත ප්‍රෙද්ශයේ පමණක් තැවරී ඇති තීන්ත කඩදාසිය මතට ප්‍රක්ෂේපණය කිරීම එම ක්‍රමය විය. නීයප්සේ උනන්දු වූයේ මේ බිටුමන් ආලේපනය ආලෝකයට නිරාවරණය වීමෙන් පසුව ද්‍රාව්‍ය වීම අඩු කර ස්ථාවර කරන ක්‍රමයක් සොයා ගැනීමට ය.

බොහෝ විට වාර්නිෂ් නිෂ්පාදනය සඳහා භාවිතා කරන ද්‍රාවකයක් වන ලැවෙන්ඩර් තෙල්වල බිටුමන් දිය කළ නියප්සෙ, එය ලෝහ තහඩුවක් හෝ වීදුරු තහඩුවක් හෝ මත තුනී ව ආලේප කළේ ය. ආලේපනය වියළී ගිය පසු, ඒ මත රේඛා සටහන් ඇති කඩදාසියක් තබා, එය සෘජු හිරු එළියට නිරාවරණය කළේ ය. ප්‍රමාණවත් නිරාවරණයෙන් පසුව යළි එය ගැසොලින් දියරයකින් සේදූ පසු, කඩදාසියේ සටහන් ව තිබූ කළු රේඛා හෝ අඳුරු ප්‍රදේශ මගින්, තහඩුව ආලෝකයෙන් ආරක්ෂා කර ඇති බව නිශ්චය කර ගත්තේ ය. මෙසේ සාදා ගත් ප්‍රතිබිම්බ පෘෂ්ඨය මත ඇසිඩ් තැවරීමෙන් විඛාදනය වන තහඩුව මත තීන්ත ආලේප කිරීමෙන් පසු එය ලිතොග්‍රැෆික් මුද්‍රණයේ ජල විකර්ෂක ද්‍රව්‍යය ලෙස භාවිතා කළ හැකිය.

නියප්සෙ ඔහුගේ ක්‍රියාවලිය හීලියෝග්‍රැෆි heliography ලෙස හැඳින්වූ අතර එහි තේරුම “හිරු එළියෙන් ඇඳීම” යන්නයි. 1822 දී ඔහු ලොව පළමු ස්ථිර ඡායාරූපයැයි විශ්වාස කරන දේ නිර්මාණය කිරීමට එය භාවිතා කළේය. මෙම ක්‍රමය අනුසාරයෙන්, VII වන පියුස් පාප්තුමාගේ කැටයමක පිටපතක් මුද්‍රණය කිරීමට උත්සාහ කළ විට එය විනාශ විය. 1825 දී නියප්සෙ විසින් නිර්මාණය කරන ලද පැරණි ම ඡායාරූප කෞතුක වස්තු අතර 17 වන සියවසේ අශ්වයෙකු සහිත මිනිසකුගේ කැටයමේ පිටපතක්, කැරකෙන රෝදයක් සහිත කාන්තාවකගේ කැටයමක පිටපතක් ආදිය විය. ඒවා එකල භාවිතා කළ සාමාන්‍ය මුද්‍රණ යන්ත්‍ර මගින්, කැටයම් හෝ ලිතෝග්‍රැෆි වැනි මුද්‍රණාලයක තීන්ත ආලේප කර ඇති සරල කඩදාසි තහඩු ය. නමුත් ඒවා මුද්‍රණය කිරීම සඳහා භාවිතා කරන තහඩු නිර්මාණය කරනු ලැබුවේ නියප්ස්ගේ හෙලෝග්‍රැෆි ක්‍රියාවලියෙනි. අශ්වයකු සමඟ පිරිමියාගේ මුද්‍රණ පිටපත සහ කැරකෙන රෝදය සහිත කාන්තාව මුද්‍රණය කළ පිටපත අදටත් නොනැසී පවතී. පළමුවැන්න පැරීසියේ බිබ්ලියෝටෙක් ජාතික කෞතුකාගාරයේ Bibliothèque nationale de France එකතුවෙහි වන අතර දෙවැන්න එක්සත් ජනපදයේ පුද්ගලික එකතුවක ඇත.

1824 දී කැමරාවක් මගින් ස්ථිර ඡායාරූපයක් නිර්මාණය කිරීම සඳහා බිටුමන් භාවිතා කිරීමේ ඔහුගේ පළමු සැබෑ සාර්ථකත්වය 1824 දී නිප්ස්ගේ සහෝදරයා වන ක්ලෝඩ් සමඟ කළ ලිපි හුවමාරුව මගින් තහවුරු වී ඇත. එම මුල් ඡායාරූපය ලිතොග්‍රැෆික් තහඩුවක් මත සටහන් කරන ලද්දකි. 1826 හෝ 1827 දී ඔහු නැවතත් එම දර්ශනය ම, ඔහුගේ නිවසේ ජනේලයක සිට බිටුමන් ආලේපිත පියුටර් මිශ්‍ර ලෝහ තහඩුවක් මත ඡායාරූප ගත කළේය. ආලෝකයට නිරාවරණය වූ විට බිටුමින් ඝණ බවට පත් වෙයි. අනාවරණය නොවූ කොටස් ගැසොලින් දියරයකින් සෝදා හැරිය හැකි ය. එම ප්‍රතිඵලය අදටත් සංරක්ෂිත ව, නොනැසී පවතින අතර එය දැනට පවතින පැරණි ම කැමරා ඡායාරූපයයි. එම ඓතිහාසික ප්‍රතිරූපය විසිවන සියවසේ මුල් භාගයේ දී නැති වී ඇති බවක් වාර්තා වී තිබුණත්, 1952 දී ඡායාරූප ඉතිහාසඥ හෙල්මුට් ගර්න්ෂයිම් එය නැවත සොයා ගැනීමට සමත් විය. එය සෑදීමට අවශ්‍ය නිරාවරණ කාලය සාමාන්‍යයෙන් පැය අටක් හෝ නවයක් යැයි කියනු ලැබේ. නමුත් 20 වන ශතවර්ෂයේ මැද භාගයේ පර්යේෂකයන්ගේ සොයා ගැනීම් සහ උපකල්පනයන් අනුව, ප්‍රතිවිරුද්ධ දෙසින් එන ආලෝකයෙන් ආලෝකවත් වන ගොඩනැගිලිවල ඡායාරූපයක් සටහන් කර ගන්නටනම්, නියප්සෙගේ ඓතිහාසික ක්‍රියාදාමයට අනුව, ඇත්ත වශයෙන්ම එවැනි රූපයක් බිටුමන් ආලේපිත තහඩුවක ප්‍රමාණවත් ලෙස ග්‍රහණය කර ගැනීමට කැමරාවට දින කිහිපයක් නිරාවරණය වීම අවශ්‍ය බවය.

කැමරා ඔබ්ස්කියුරාවකින් නිර්මාණය කරන ලද, සැබෑ ලෝක දර්ශනයක දැනට ඉතිරිව ඇති පැරණිතම ඡායාරූපය වන ලේ ග්‍රාස් (1826 හෝ 1827)හි නියප්සේගේ දර්ශනය View from the Window at Le Gras, මුල් තහඩුව (වමේ) සහ වර්ණ ගැන්වූ ප්‍රතිනිර්මාණය වැඩි දියුණු කිරීම (දකුණේ). [කැමරා ඔබ්ස්කියුරාවකින් නිර්මාණය කරන ලද, සැබෑ ලෝක දර්ශනයක දැනට ඉතිරිව ඇති පැරණිතම ඡායාරූපය වන ලේ ග්‍රාස් (1826 හෝ 1827)හි නියප්සේගේ දර්ශනය View from the Window at Le Gras, මුල් තහඩුව (වමේ) සහ වර්ණ ගැන්වූ ප්‍රතිනිර්මාණය වැඩි දියුණු කිරීම (දකුණේ)]

1829 දී, නීයප්සෙ සමකාලීන නවනිර්මාණකරුවකු වන ලුවී ඩැගියුරේ සමඟ හවුල්කාරිත්වයකට එළඹුණු අතර ඔහු ද කැමරාවක් සමඟ ස්ථිර ඡායාරූප රූප නිර්මාණය කිරීමේ ක්‍රමයක් ද සොයමින් සිටියේ ය. ඔවුන් එක්ව ඡායාරූපයක භෞතික සැකැස්ම වැඩි දියුණු කරන ලද ක්‍රියාවලියක් සෙවූ අතර එහිදී ඡායාරූප සංවේදී ද්‍රව්‍යයක් ලෙස ලැවෙන්ඩර් තෙල් ඇල්කොහොල් ද්‍රාවණයක දිය කර සාදා ගත් රසායනයක් භාවිතා කලේ ය. ඔවුන්ගේ මෙම හවුල්කාරිත්වය 1833 දී නියප්ස්ගේ මරණය දක්වා පැවතුණි. පසුව ඩැගියුරේ දිගින් දිගටම අත්හදා බැලීම් කළ අතර, අවසානයේ දී නියප්සේගේ ක්‍රමයට සමාන වූ ක්‍රියාවලියක් දියත් කළේය. ඔහු එය “ඩැගියුරේටයිප්” ලෙස නම් කළේය. ඔහු වඩාත් පැහැදිලි, ස්ථිර මෙන් ම කල් පවතින ක්‍රමයක් වූ අතර, 1839 දී ප්‍රංශයේ ජනතාව වෙනුවෙන් ඔහුගේ නව නිපැයුම මිලදී ගැනීමට ප්‍රංශ රජය කැමැත්ත ප්‍රකාශ කළෝ ය. ප්‍රංශ රජය ඩැගුවර්ට ඔහුගේ ජීවිත කාලය පුරාම ෆ්‍රෑන්ක් 6,000 ක වාර්ෂික දීමනාවක් ප්‍රදානය කිරීමටත්, නොයප්සේගේ වතුයායට වාර්ෂික ව ෆ්‍රෑන්ක් 4,000 ක් ලබා දීමටත් එකඟ විය. නියප්සේගේ මරණින් පසු, ඩැගියුරේ සහ එක් ව කටයුතු කළ නියප්ස්ගේ පුත්‍රයා කියා සිටියේ ඩැගියුරේ තම පියාගේ සොයාගැනීම්වලින් සියලු ප්‍රතිලාභ ලබා ගන්නා බවයි. යම් ආකාරයකින් ඔහු නිවැරදි වූ අතර, ඇත්තෙන් ම වසර ගණනාවක් තිස්සේ, ඔහුගේ දායකත්වය වෙනුවෙන් නීප්සේට එතරම් ගෞරවයක් නොලැබුණි. නමුත් පසුකාලීන ඉතිහාසඥයින්, නියප්සේ ව සාපේක්ෂ අපැහැදිලි තත්වයෙන් ගොඩ ගත් අතර, දැන් අපි “ඡායාරූපකරණය” ලෙස හඳුන්වන පළමු සාර්ථක උදාහරණය ඔහුගේ “හීලියෝග්‍රැෆි” බව දැන් පිළිගෙන ඇත. ආලෝක සංවේදී පෘෂ්ඨයක් මත ආලෝකයේ ක්‍රියාකාරිත්වය මගින් ස්ථාවර ප්‍රතිබිම්බයක් සටහන් කිරීමේ ක්‍රමය නීයප්සේගේ සොයා ගැනීමක් වන අතර, පසු ව කළේ ඒ සඳහා විවිධ රසායන ද්‍රව්‍ය ආදේශ කිරීම සහ සැහැල්ලු වේගවත් හා ස්ථිර ක්‍රම ආදේශ කිරීම පමණ ය.

ඩැගියුරේටයිප් හඳුන්වාදීම නිසා ඇති වූ උද්දීපනය මධ්‍යයේ මුලදී නීයප්සේගේ ක්‍රමය නොසලකා හරින ලද නමුත්, කැමරාවක් භාවිතයෙන් ඡායාරූප නිර්මාණය සඳහා එතරම් ප්‍රායෝගික නොවන තරමට සංවේදී නොවූවත්, නියප්ස්ගේ මුල් ක්‍රියාවලිය එහි මූලික සිද්ධාන්තය බව අවසානයේදී අවබෝධ විය. එයින් පසු ද, 1850 ගණන්වල සිට 20 වන සියවස දක්වාම මුද්‍රණ තහඩු සෑදීම සඳහා සිහින් බිටුමන් ආලේපනයක් භාවිතා කරන ලදී. මන්දගාමී නමුත් එය ඉතා ඵලදායී හා ආර්ථික වශයෙන් ලාබදායක හෙයින් මුද්‍රණකරුවන් එම ක්‍රමය බහුලව භාවිතා කළෝ ය.

ලොව ප්‍රථම අභ්‍යන්තර දහන එන්ජිම වන පයිරොලොෆෝර් Pyréolophore නියප්සේ සොහොයුරන් විසින් සොයා ගන්නා ලද අතර 1807 දී ඊට පේටන්ට් බලපත්‍රය ලබා ගන්නා ලදී. එම වචනය සෑදෙන්නේ ‘‘ගින්න, සුළඟ, සහ මම නිෂ්පාදනය කරමි“ යන ග්‍රීක වචනවලිනි. 20 වන සියවසේ පෙට්‍රල් බලයෙන් ක්‍රියාකරන එන්ජින් වලට සමාන පිස්ටන් සහ සිලින්ඩර පද්ධතියක වැඩ කරන, ලයිකොපෝඩියම් කුඩු මගින් බල ගැන්වුනු එන්ජිමක් සහිත බෝට්ටුවක් ෂෝන් නදිය මත ධාවනය කරන්නට ඔවුන් සමත් විය. එයින් අවුරුදු දහයකට පසු, ඉන්ධන අධි පීඩිත සියුම් කුඩු බවට පත් කර එන්නත් කිරීමේ ක්‍රමය හෙවත් ඉන්ජෙක්ටර් පද්ධතියක් සමඟ එන්ජිමක් ක්‍රියාත්මක කළ ලොව මුල් ම නිර්මාපකයෝ ද එම සහෝදරයන් දෙපල විය.

1807 දී අධිරාජ්‍ය රජය සයින් ගඟෙන් වර්සයිල්ස් මාළිගාවට ජලය ලබා දුන් මුල් මාර්ලි යන්ත්‍රය (මාර්ලි-ලෙ-රෝයි හි පිහිටා ඇත) වෙනුවට හයිඩ්‍රොලික් යන්ත්‍රයක් නිර්මාණය කිරීම සඳහා තරගයක් ආරම්භ කළේය. එවකටත්, 1684 දී බුගිවාල් හි ඉදිකරන ලද මෙම මාර්ලි යන්ත්‍රය කිලෝමීටරයක දුරක් ජලය පොම්ප කර මීටර් 150 ක් ඉහළට ඔසවා තබන ලදී. නියප්සේ සහෝදරයන් මෙම යන්ත්‍රය සඳහා නව ජල ස්ථිතික මූලධර්මයක් සකස් කර 1809 දී එය තවත් වරක් වැඩිදියුණු කරන ලදී. ඔවුන්ගේ නිර්මාණ යන්ත්‍රය එහි බොහෝ කොටස් වෙනස්කම්වලට භාජනය කළ අතර, වඩාත් නිවැරදි පිස්ටන් ද ඇතුළුව ප්‍රතිරෝධය ඉතා අඩු කරන්නට සමත් විය. ඔවුන් එය බොහෝ වාරයක් පරීක්‍ෂා කළ අතර එහි ප්‍රතිඵලය වූයේ අඩි 4 අඟල් 4 ක දිය පහරක් සමඟ එය අඩි 11 ක් ජලය ඔසවා තැබීමයි. නමුත් 1809 දෙසැම්බරයේ දී ඔවුන් ඒ සඳහා අනුමැතිය ලබා ගන්නට බොහෝ කාලයක් බලාපොරොත්තු ව සිටිය ද, එය ඉටු නොකර මාර්ලි හි පොම්ප ක්‍රියාත්මක කිරීම සඳහා වාෂ්ප එන්ජිමක් තැනීමට පෙරියර් 1742-1818)නම් ඉංජිනේරුවරයාගෙන් ඉල්ලා සිටීමට අධිරාජ්‍යයා තීරණය කර තිබේ.

බයිසිකලයේ මුතුන් මිත්තා සොයා ගන්නා ලද්දේ කාල් වොන් ඩ්‍රේස් විසින් 1817 දී ය. එහි එක් රෝදයක් විශාල වූ අතර, හරවන රෝදය කුඩා විය. එයින් පසු නියප්සේ තමාට ම ආවේණික ආදර්ශයක් ගොඩනඟා ගෙන සමාන රෝද ඇති බයිසිකලයක් නිර්මාණය කලේ ය. ඔහු එය වොලොසිපෙඩ් (වේගවත් පාදය) ලෙස හැඳින්වූ අතර අභ්‍යන්තර මාර්ගවල ධාවනය සඳහා ලොකු ඉල්ලුමක් ඇති කළේය. වෙනස් කළ හැකි ආසනයක් හෙවත් සෑදලයකින් නියප්සේ එම බයිසිකලය වැඩිදියුණු කළ අතර, එම අලුත් යන්ත්‍රය යතුරුපැදියක් බවට පරිවර්තනය කරන්නට කල්පනා කරන බව සිය සහෝදරයා වෙත ලිපියක් මගින් දන්වා යැවී ය. මෙම නිර්මාණය අදටත් නීයප්සේ කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරේ. 

වොලොසිපෙඩ්, 1818 – නිසෆෝර් නීයප්සේ කෞතුකාගාරය [වොලොසිපෙඩ්, 1818 – නිසෆෝර් නීයප්සේ කෞතුකාගාරය]

නියෙප්සේගේ අභාවයෙන් බොහෝ කලකට පසු, ඔහුට ගරු කිරීමක් ලෙස, හඳේ ආවාටයක් ඔහුගේ නමින් නම් කර ඇත. වරක් අතුරුදහන් වූ මෙම ඡායාරූපය 1952 දී ඉතිහාසඥයින් වන ඇලිසන් සහ හෙල්මට් ගර්න්ෂයිම් විසින් නැවත සොයා ගන්නා ලදී.

2008 සිට අද දක්වා නිප්ස්ගේ View from the Window at Le Gras මුල් ඡායාරූපය ඔස්ටින් හි, ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ, හැරී රැන්සම් මානව ශාස්ත්‍ර පර්යේෂණ මධ්‍යස්ථානයේ ප්‍රදර්ශනය කෙරේ.
වසර 3 කට වැඩි කාලයක් ප්‍රංශයේ ජීවත් වූ සහ සේවය කළ වෘත්තීය ඡායාරූප ශිල්පියකුට 1955 සිට වාර්ෂික ව නීයෙප්සේ ත්‍යාගය පිරිනමනු ලැබේ. නියෙප්සේට ගෞරවය පිණිස එය හඳුන්වා දෙනු ලැබුවේ එල් ඇසෝසියේෂන් ජෙන්ස් ඩි ඉමේජස් හි ඇල්බට් ප්ලෙසි විසිනි.

නියප්සේගේ අත්සන [නියප්සේගේ අත්සන]

 

* සටහන
ඡායාරූප සහ තොරතුරු මූලාශ්‍ර අන්තර්ජාලය සහ පොත් පත් ඇසුරෙනි.

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Ad
වර්ගීකරණය
කර්තෘ
සංරක්‍ෂිත