ලෝක සංගීත ඉතිහාසය ශිෂ්ටාචාරයේ ආරම්භය තෙක්ම දිව යනවා. ජනවාර්ගික සංගීත පර්යේෂකයින්ට අනුව ලෝක සංගීත ඉතිහාසය වසර හැටහත් දාහක් පැරණියි. ඒ එක තර්කයක්. සුප්‍රකට සංගීතවේදී වයලීන වාදක ශ්‍රීමත් යෙහුඩි මෙනුහින් Yehudi Menuhin විසින් රචිත මියුසික් ඔෆ් ද මෑන් Music of the Man නැමැති මාහැඟි ග්‍රන්ථයේ සදහන් ආකාරයට ලෝක සංගීත ඉතිහාසයේ විකාශය ආරම්භ වන්නේ මීට වසර තිස්හත් දාහකට ප්රථමයි. මෙසේ විවිධ කාල වකවානුවල ජීවත් වූ විවිධ සංගීත පර්යේෂකයින් කලින් කලට ලෝක සංගීත ඉතිහාසය හා එහි විකාශය පිළිබඳ අනේක විධ තර්ක විතර්ක ඉදිරිපත් කොට තියෙනවා. වඩාත්ම හුදෙකලා වූ ගෝත්‍රික කණ්ඩායම් ඇතුළුව ලෝකයේ සියලුම මිනිසුන් තමතමන්ගේ වපසරිය තුළ තමන්ටම ආවේනික සංගීත ආරවල් නිර්මාණය කොට ගෙන තියෙනවා. මිනිස් ප්‍රජාව ලොව පුරා විසිරෙන්නට පෙර අතීතයේ සිටම අපේ මුතුන් මිත්තන් කිසියම් හෝ සංගීත ක්‍රමයක් ඇසුරු කරන්නට ඇති වගට පැහැදිලි සාක්ෂි තියෙනවා. ඉතිහාසඥයින්ගේ පර්යේෂණවලට අනුව ලෝක සංගීතයේ ආරම්භය සිදුවන්නේ අප්‍රිකානු මහද්වීපයයේදී. මෙසේ වසර දහස් ගණනක අතීතයකට හිමිකම් කියන සංගීතය, වර්තමානය වන විට සුවිශේෂී අනන්‍යතාවක් සහිත සංස්කෘතික විශ්වයක් ලෙස වර්ධනය වී හමාරයි.
ඕනෑම ප්‍රජාවක් මූලික කරගෙන බිහිවන සංගීත ආරක් ඔවුන්ගේ විවිධ ආගම්, ඇදහිලි හා විශ්වාස, සමාජ ආර්ථික පසුබිම, අත්දැකීම්, දේශගුණික වෙනස්කම් හා තාක්ෂණික මෙවලම් භාවිතයට ඇති හුරුව ආදී විවිධ හේතු කාරණා මත පදනම් වෙනවා.
ආදී මිනිසා සිය හැගීම් දැනීම් සංනිවේදනය කිරීම සදහා භාවිතා කළ කටහඩ පසු කලෙක මදක් සංවිධානාත්මක ලෙස ගායනය සදහා යොදාගත්තා. ක්‍රිස්තුවර්ෂ 900ටත් ප්‍රථම ආරම්භ වූ මේ ගායන,ලෝකයේ කොහේවත්ම තැනක ලේඛනගත වී නැහැ. ඒ මුඛ පරම්පරාවන්ට අයත් ගායනා ලෝක ඉතිහාසය හා එහි විකාශය පිළිබද වටිනා තොරතුරැ රැසක් සම්ප්‍රෙෂණය කරන්නට ඇති වගට සැකයක් නැහැ. ක්‍රිස්තු පූර්ව 1400 දී පමණ ලේඛනගත ලෝක ඉතිහාසයේ ප්‍රථම ගී රචනා සමුච්චය හරියාන් ගීතිකා ලෙස හැඳින්වෙනවා. දෙවියන්ට ප්‍රශංසා කිරීම සදහා ලියැවුනු මේ ගීතිකා සහිත මැටි පතුරු සිරියාවේ උගරිට් නගරය ආශ්‍රිතව කළ කැණීම් වලදී සොයාගනු ලබන්නේ 1950 වසරේදී.
ලොව ප්‍රථම වාදන භාණ්ඩය ලෙස බටනලාව ඉතිහාසගත වෙනවා. සංගීත සමාජවිද්‍යාඥයින් විශ්වාස කරන ආකාරයට බටනලාවේ ඉතිහාසය අවුරුදු තිස්පන් දහසක්. මහාභාරත කාව්‍යයට අනුව නම් බටනලාවේ ඉතිහාසය වසර 5152 යි. ක්‍රිෂ්ණා දෙවිඳුන් බටනලාව වයමින් වෘන්දාවනයේ සැරිසැරූ වගක් එහි ලියැවී තියෙනවා.
අප සංගීත සමාජ විද්‍යා විෂයය හදාරද්දී සුවිශෛ්ෂයෙන්ම බටහිර සංගීතය විකාශය වූ ආකාරය බෙදා දක්වන අනුපිළිවෙළ මෙහෙමයි. ප්රාග් අයිතිහාසික යුගය (Pre-Historic era), පුරාණ යුගය (Ancient music), බයිබලය හා සම්බන්ධ යුගය (Biblical era), මුල් යුගය (Early music era), මධ්‍යකාලීන යුගය (Medieval ear), පුනරුද යුගය (Renaissance era) බැරොක් යුගය (Baroque era) සම්භාව්‍ය සංගීත යුගය (Classical era), ප්‍රෙමවන්ත යුගය Romantic music era), 20 වන සහ 21 වන සියවස්වල සංගීතය සහ ජනප්‍රිය සංගීතය (Pop Music) වශයෙන්.
ශ්‍රී ලංකාවේ බහුලව භාවිත ඉන්දියානු සංගීත ඉතිහාසය වෛදික යුගය තෙක් දිව යනවා. හින්දු පුරාවෘත්තයට අනුව, විශ්වයේ ආරම්භයත් සමගින් සමස්ත විශ්වය පුරා පැතිරුණු ප්‍රථම ශබ්දය නාද්බ්රහ්ම ලෙස සැලකෙනවා. එය විශ්වයේ ඇති සුපිරිසිදුම ශබ්දය වන බවත් එය අස්ථිර බවත් විශ්වාස කෙරෙනවා.
විවිධ යුග හරහා ක්‍රමිකව විකාශය වූ ඉන්දියානු සංගීත දාසය වැනි සියවසේ සිදුවූ මෝගල් ආක්රමණයත් සමගින් වෙනස්ම මගකට අවතීර්ණ වෙනවා. එතෙක් වන්දනීයව සැලකූ ශුද්ධ ඉන්දියානු සංගීතය උතුරු දකුණු භූගෝලීය සාධක පදනම්ව හිස්දුස්ථානී සහ කර්ණාටක වශයෙන් සංගීත ආරන් දෙකකට බෙදෙනවා.
මිනුත් ලාංකේය ගායන සහ වාදන සදහා බහුලව භාවිතාවන්නේ උතුරු ඉන්දියානු නැතහොත් හින්දුස්ථානී සංගීතය ලෙස නම් කිරීම නිවැරදියි. දූපත්වාසීන් කර්ණාටක සංගීතය හදුන්වන්නේ ද්‍රවිඩ සංගීතය ලෙස. එය නම් හරීම කණගාටුවට කාරණයක්.
ලෝක සංගීතය, එහි විකාශය සහ වර්තමාන සංගීත ප්රවණතා පිළිබද කෝපි කෝප්පයක් බොනගමන් කතාබහක පැටලෙන්නට 077 226 2267 න් අපව අමතන්න.