තීරු ලිපි

තීරු ලිපි
සමරසිංහ ගුණසේකර

බලු කතා

මිනිසා ළඟින්ම ඇසුරු කරන සතා බල්ලාය. අවුරුදු විසිදහසකටත් ඉස්සර කාලේ සිටි වෘකයන් මිනිස් ඇසුරට ඇවිත් ඒ ඇසුර නිසා ගෙදර හදන බල්ලා නම් මිතුරා මිනිසාට සමීප වුණේ යැයි විද්‍යාඥයෝ කියති. මිනිසුන් ඇසුරේදී බල්ලන් දක්වන සෙනෙහස, විශ්වාසය නම් බල්ලා මිනිසාගේ කල්‍යාණ මිත්‍රයා ලෙස සලකතත් බල්ලන් තරම් මිනිසුන්ගේ නව නින්දාවට ලක්වූ වෙනත් සතෙක් නැති තරම්ය.

වැඩිදුර කියවන්න »
තීරු ලිපි
කරුණාරත්න පීරිස්

සිදුහත් තවුසාණන්ගේ ධර්ම ගවේශණය (සිව්වන කොටස)

පසුගිය කලාපයෙන් සිදුහත් තවුසාණෝ බුද්ධත්වයට පත්වන අවස්ථාවේ කෙලෙස් සමග සටන් කළ අයුර, මාර පරාජය වශයෙන් සඳහන් කළ බැව් මතක ඇතැයි සිතමි. අද එම අවස්ථාවේ එතුමාණෝ

වැඩිදුර කියවන්න »
තීරු ලිපි
විෂ්ණු වාසු

ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම

ලංකාවේ ජාතික ගීය එහෙම මතක හිටින්නේ නැහැ. එක අතකට ශ්‍රී ලංකා මාතා ගීතය දිගයි. අනෙක් අතට අන් භාෂාවක් ප්‍රගුණ කළ අයෙකුට ගායනාව අපහසුයි. ජන ගන මන ගීතය සංස්කෘත භාෂාවේ යෙදෙන සරල වචන වලින් සැදුණු නිසා අර්ථය විග්‍රහ කරගන්න ලේසියි. ඒ නිසාම හැඟීමෙන් සහ මහත් අභිමානයෙන් යුතුව ගායනා කරන්න පුළුවනි.

වැඩිදුර කියවන්න »
තීරු ලිපි
දිනිති නවරත්න

ඇහිබැමි රහිත බලාපොරොත්තු

එකම ප්‍රශ්නෙට කීප වතාවක් උත්තර දෙන්න වෙනකොට නුරුස්සන සුළු ස්වභාවයකට පත්වීම මටත්, හුඟ දෙනෙක්ටත් වෙනවා. නමුත් සමහර රස්සා සහ සේවා වල කරන්න තියෙන්නෙම ප්‍රශ්න වලට උත්තර දෙන එක. ඒ ජාතියෙ රස්සා තෝරගන්න ගුරුවරු, දොස්තරලා, හෙදියො, වෙළෙන්දො වගේ අය තරහ ගන්නෙ නැතුව එකම ප්‍රශ්නෙට සිය සැරයක් උත්තර දෙන්න පුරුදු වෙන්න වෙනවා.

වැඩිදුර කියවන්න »
තීරු ලිපි
දිනිල් අබේගුණවර්ධන

මොනවහරි තේරුනාද හරියටම තේරුනාද?

තේරෙනව නම් ඕන මඟුලක්, ඕන විදියකට කිව්වට, ලිව්වට කමක් නෑ කියන කම්මැලිකම සහ බැරිකම මත පදනම් වෙච්ච විකාරය පැත්තකට දාලා, නිශ්චිත ඍජු අදහසක් නිශ්චිතව ප්‍රකාශ කරන්න භාෂාව නිශ්චිත ලෙස භාවිතා කරන්න ඕන කියන මූලික කාරණය අපි නැවත අපේ ළමයින්ට උගන්නන්න ඕන…

වැඩිදුර කියවන්න »
table with ipad teacup newspaper spectacles
තීරු ලිපි
දිනිල් අබේගුණවර්ධන

ඒ කාලෙ පත්තර සහ මේ කාලෙ පත්තර

අලවත්තාගොඩ ප්‍රේමදාස කියල මහත්තයෙකුයි නලින් ද සිල්වා කියලා මහත්තයෙකුයි හරි හරියට රණ්ඩු වෙනවා. සුචරිත ගම්ලත් කියලා මහත්තයෙක් එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයත් එක්ක ඔට්ටු වෙනවා.
සරච්චන්ද්‍ර මහත්තයා ගැන නම් අපි ඉස්කෝලෙදි අහල තිබුණා!
පියසීලි විජේගුණසිංහ කියලා නෝනා කෙනෙකුත් අතර මැද්දෙන් පැනලා මේ වලි වලට සෙට් වෙනවත් මතකයි.

පස්සෙ කාලෙක හැරිලා බලනකොට තමයි තේරෙන්න ගත්තේ මිනිස්සුන්ට ගහන්නේ නැතුව අදහස් මත වාද වලට ගැටෙන්න පුළුවන් කියලා.

වැඩිදුර කියවන්න »
Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත