ඉහළ අවදානමකින් යුතු කණ්ඩායම් | High Risk Groups – Professor Shyam Fernando
IME ආයතනය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ගෝපදේශ මත නිෂ්පාදනය කරන ලද කොවිඩ් –19 පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වීඩියෝ මාලාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ශ්‍යාම් ප්‍රනාන්දු විසින් කොරෝනා වෛරසය ආසාදනය නිසා සංකූලතා ඇති වීමට ඉහළ අවදානමක් ඇති පුද්ගල කණ්ඩායම් කවුරුන්ද යනුවෙන් කරන ඉදිරිපත් කිරීම ඇතුළත් වීඩියෝව ඉහතින් දැක්වේ.
Professor Shyam Fernando, Professor in Medicine at the Faculty of Medicine of the University of Colombo, explains ‘High Risk Groups’. This video is produced by the Institute of Multimedia Education under the guidelines of the Sri Lanka Medical Association for the COVID – 19 public awareness programme.
ඉහළ අවදානමකින් යුතු කණ්ඩායම්
කොවිඩ් 19 යනු නව කොරෝනා වෛරසය නිසා හට ගන්නා රෝගයකි. කෙළ බිඳිති හා ස්පර්ශය නිසා පැතිරෙන මූලිකවම ශ්වසන පද්ධතියට බලපාන මෙම රෝගය සමාජයේ ඇතැම් පුද්ගල කාණ්ඩ වලට ඇති කරන සංකූලතා හේතුවෙන් ඔවුන්ට මාරාන්තික විය හැකියි.
කොරෝනා වෛරසය අසාදනය බොහෝ අයට සුළු ආබාධයක් වුනත් සමහරක් අයට සංකූලතා නිසා විශේෂයෙන්ම පෙනහලු ආශ්‍රිත නියුමෝනියාව වැනි සංකූලතා නිසා මරණය පවා ඇති කිරීමේ හැකියාව පවතී. මෙම ඉහළ අවදානම් සහිත කණ්ඩායම් හඳුනා ගැනීම මගින් ඔවුන්ට ඇති අවදානම් සහගත තත්ත්වයන් අවම කිරීමට ක්‍රියා මාර්ග ගැනීම ඉතා පහසු වේ.
ඉහළ අවදානමකින් යුතු කණ්ඩායම් යටතට ගැනෙන පිරිස් වන්නේ
- පෙනහලු ආශ්‍රිත නිදන්ගත රෝග වලින් පීඩා විදින පුද්ගලයින්
උදා – ඇදුම රෝගීන් - හෘදයාබාධ සහිත පුද්ගලයින්
- දියවැඩියා තත්ත්වයෙන් පිඩාවිදින්නන්
- වකුගඩු අකර්මණ්‍ය වීමට ලක්ව ඇති පුද්ගලයින්
- වැඩිහිටි, වයෝවෘද්ධ පුද්ගලයින්
- ස්ථූලත්වය නිසා පීඩා විඳින පුද්ගලයින්
- දුම්පානයට ඇබ්බැහිවූවන් – ඔබ දුම්පානය කරන්නට පුරුදු වී ඇත්නම් මෙය ඔබේ දුම්පානය නවතා දැමීමට ඉතා අනගි අවස්ථාවකි.
ඉහත කරුණු සමීක්ෂණ මගින් අනාවරණය කරගෙන ඇත.
ඉහත අවදානම් සාධක සහිත පුද්ගලයින් ඔබගේ පවුලේ, නෑදෑ හිතමිතුරන්, සේවා ස්ථානයේ යනාදී ලෙස ඔබ අතරම සිටින බැවින් ඔවුන් කෙරෙහි වැඩි අවධානයක් යොමුකොට ඔවුන්ට මෙන්ම ඔබටද රෝගය වැළඳීම සඳහා ඇති අවදානම් සාධක කළමනාකරණය කොට ගෙන දැනුවත්ව ක්‍රියා කොට සැමගේ ආරක්ෂාව තහවුරු කිරීම ඔබගේත් අපගේත් වගකීම බව මතකයේ තබා ගත යුතුයි.
IME ආයතනය, සහ ආලෝචනා කොවිඩ් 19 වසංගතය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා SLMA මාර්ගෝපදේශ වලට අනුකූලව නිර්මාණය කරන ලද වීඩියෝ මාලාවේ “කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ශ්‍යාම් ප්‍රනාන්දු විසින් කොරෝනා වෛරසය ආසාදනය නිසා සංකූලතා ඇති වීමට ඉහළ අවදානමක් ඇති පුද්ගල කණ්ඩායම් කවුරුන්ද යනුවෙන් කරන ඉදිරිපත් කිරීම ඇතුළත් වීඩියෝව නරඹන ලද ඔබට පහත දක්වා ඇති සබැඳිය හරහා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය මනුජ් වීරසිංහ විසින් කොරෝනා නිවසට නොගෙන ඒමට ගත යුතු ක්‍රියා මාර්ග මොනවා දැයි පහදා දීම සඳහා කරන ඉදිරිපත් කිරීම ඇතුළත් වීඩියෝව සඳහා ප්‍රවේශ විය හැක.
කොවිඩ් –19 පිළිබඳ නිවැරැදි දැනුම ලබා ගැනීම සඳහා මෙම නිල වීඩියෝ මාලාව නරඹන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු. මෙය නැරඹීමෙන් නොනැවතී මෙම වීඩියෝවේ අඩංගු කරුණු කාරණා හොඳින් අවබෝධයට ගෙන ඒවා පිළිපැදීම සමාජමය හා ජාතික වගකීමක් බව අපි ඔබට මතක් කර දීමට කැමැත්තෙමු. එසේම මේ දැනුම අන් අය වෙත බෙදාහැරීමට ද දායක වන ලෙස ඉල්ලා සිටිමු.
පහත සදහන් සබැඳි හරහා පෙර වීඩියෝ නැරඹිය හැක.
- කොරෝනා යනු / What is Corona – Dr Shirani Chandrasiri
- කොරෝනා පරදවමු – අත් සේදීම – Hand Washing – Dr Shirani Chandrasiri
- කොරෝනා පැතිරීමේ දාමය බිඳීම / Breaking the chain of corona transmission – Professor Saroj Jayasinghe
- මුව ආවරණ නිවැරදිව පැළඳීම – Wearing Face Masks Correctly – Professor Shyam Fernando
- කැස්ස හා කිවිසුම් යැවීමේදී ආචාරශීලී වීම / Coughing & Sneezing etiquette – Professor Shyam Fernando
අප සියලුදෙනා කොවිඩ් 19 වසංගතය පරාජය කිරීමට දැනුවත්ව පෙළ ගැසෙමු.