කැස්ස හා කිවිසුම් යැවීමේදී ආචාරශීලී වීම / Coughing & Sneezing etiquette – Professor Shyam Fernando

IME ආයතනයශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ගෝපදේශ මත නිෂ්පාදනය කරන ලද කොවිඩ් -19 පිලිබඳ ජනතාව දැනුවත් කිරීමේ වීඩියෝ මාලාවේ පස් වන වීඩියෝව වන මෙහිදී කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ශ්‍යාම් ප්‍රනාන්දු මහතා විසින් කැස්ස හා කිවිසුම් යැවීමේදී ආචාරශීලී වන්නේ කෙසේද යනුවෙන් කරන ඉදිරිපත් කිරීම නැරඹිය හැකියි.

Professor Shyam Fernando, Professor in Medicine at the Faculty of Medicine of the University of Colombo, explains ‘Coughing & Sneezing etiquette ’. This is the fifth video of the series of videos produced by the Institute of Multimedia Education under the guidelines of Sri Lanka Medical Association for the COVID – 19 public awareness program.

කොරෝනා පරදවමු – කැස්ස හා කිවිසුම් යැවීමේදී ආචාරශීලී වීම

පෙර වීඩියෝ වලදී පැහැදිලි කළ ආකාරයට කොවිඩ් 19 වැනි ශ්වසන පද්ධතිය ආශ්‍රිත අසාදන පැතිර යන්නේ අප නාසයෙන් හා මුඛයෙන් වාතාශ්‍රයට එකතු වන ඉතා සියුම් බිඳිති මගිනුයි. විශේෂයෙන්ම කහින විටත් කිවිසුම් යවන විටත් මේ බිඳිති ඉතා වැඩි දුර ප්‍රමාණයකට ගමන් කිරීමටත් පැතිරීමටත් හැකියාව පවතිනවා. ඒ අවට සිටින ඕනෑම පුද්ගලයකුට ඔවුන්ගේ නාසය හා මුඛය තුළින් මෙම බිඳිති ඇතුළු වී කොරෝනා රෝගය වැළඳීමේ දැඩි අවදානමක් ඇති වෙනවා.

එම නිසා මෙය වැළැක්වීමට ගත හැකි සුවිශේෂී ක්‍රියාමාර්ගයක් වන්නේ අප විසින් කහින විටදී සහ කිවිසුම් යැවීමේදී එම ආසාධිත බිඳිති පැතිර යාමට ඇති අවස්ථා අවම කිරීමයි.

  • ඒ සඳහා කළ යුත්තේ නිවැරැදිව මුව ආවරණ පැළදීමයි. මේ පිළිබඳ පැහැදිලි කරන අපගේ වීඩියෝ මාලාවේ තවත්  වීඩියෝවකට පහත සබැඳිය හරහා ඔබට ප්‍රවේශ විය හැකියි.
  •  මුව ආවරණයක් නොපැළඳගෙන සිටින අවස්ථාවක කැස්ස හෝ කිවිසුමක් හදිසියේ ඇතිවුවහොත් තවත් අය ළඟ සිටී නම් ඒ අයගෙන් බැහැරව හිස මුහුණ ඉවතට හරවා ගැනීම කළ යුතුයි.
  • එසේම නාසය සහ කට ආවරණය කර ගැනීමට උත්සුක විය යුතුයි. මේ සඳහා සුපුරුදු ලෙස අත්ල  භාවිත නොකළ යුතු අතර භාවිත කළ යුත්තේ ඔබගේ බාහුව හෝ වැලමිටයි. මක්නිසාද යත් අප විසින් අත්ල භාවිත කළහොත් අත්ලේ පතිත වන මේ විෂබීජ සහිතව අප වෙනත් පෘෂ්ඨයක් ස්පර්ශ කිරීම නිසා එම පෘෂ්ඨය ස්පර්ශ කරන පුද්ගලයන්ට රෝග කාරක විෂබීජ පැතිරී කොරෝනා අසාදනය විය හැකියි. 

 

අප සියලුදෙනා මතකයේ තබා ගත යුතු තවත් වැදගත් කරුණු කිහිපයක් නම්,

  • කාරා තැන තැන කෙළ ගැසීමෙන් වැළකීම.
  • ලේන්සු හෝ ටිෂූ භාවිත කිරීමේදී තැන් තැන් වල නොගැටෙන සේ තබා ගැනීම.
  • ටිෂූ භාවිතයේදී පරීක්ෂාකාරී ලෙස බැහැර කිරීම.
  • එක් අයෙකු භාවිත කළ ලේන්සුවක් තවත් අය භාවිතා නොකිරීම. 
  • ලේන්සුව, ටිෂූ භාවිතයෙන් පසු දෑත් හොඳින් පිරිසිදු කර ගැනීම. නිවැරදිව දෑත් පිරිසිදු කර ගන්නා ආකාරය පැහැදිලි කරන අපගේ වීඩියෝ මාලාවේ තවත් වීඩියෝවකට ඔබට පහත සබැඳිය හරහා ප්‍රවේශ විය හැකියි.

 

IME ආයතනය, සහ ආලෝචනා කොවිඩ් 19 වසංගතය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා SLMA මාර්ගෝපදේශ වලට අනුකූලව නිර්මාණය කරන ලද වීඩියෝ මාලාවේ “කැස්ස හා කිවිසුම් යැවීමේදී ආචාරශීලී වීම / Coughing & Sneezing etiquette – Professor Shyam Fernando” වීඩියෝව නරඹන ලද ඔබට පහත දක්වා ඇති සබැඳිය හරහා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ශ්‍යාම් ප්‍රනාන්දු විසින් ඉහළ අවදානමකින් යුතු කණ්ඩායම් පිළිබඳ කරන ඉදිරිපත් කිරීම ඇතුළත් වීඩියෝව සඳහා ප්‍රවේශ විය හැක.

 

කොවිඩ් -19 පිළිබඳ නිවැරදි දැනුම ලබා ගැනීම සඳහා මෙම නිල වීඩියෝ මාලාව නරඹන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු. මෙය නැරඹීමෙන් නොනැවතී මෙම වීඩියෝවේ අඩංගු කරුණු කාරණා හොඳින් අවබෝධයට ගෙන ඒවා පිළිපැදීම සමාජමය හා ජාතික වගකීමක් බව අපි ඔබට මතක් කර දීමට කැමැත්තෙමු. එසේම මේ දැනුම අන් අය වෙත බෙදාහැරීමට ද දායක වන ලෙස ඉල්ලා සිටිමු.

පහත සදහන් සබැඳි හරහා පෙර  වීඩියෝ නැරඹිය හැක.

  1. කොරෝනා යනු / What is Corona – Dr Shirani Chandrasiri
  2. කොරෝනා පරදවමු – අත් සේදීම – Hand Washing – Dr Shirani Chandrasiri
  3. කොරෝනා පැතිරීමේ දාමය බිඳීම / Breaking the chain of corona transmission – Professor Saroj Jayasinghe
  4. මුව ආවරණ නිවැරදිව පැළඳීම – Wearing Face Masks Correctly – Professor Shyam Fernando

 

අප සියලුදෙනා කොවිඩ් 19 වසංගතය පරාජය කිරීමට දැනුවත්ව පෙළ ගැසෙමු. 

වර්ගීකරණය
සංරක්‍ෂිත