මුව ආවරණ නිවැරදිව පැළඳීම – Wearing Face Masks Correctly – Professor Shyam Fernando

IME ආයතනය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ගෝපදේශ මත නිෂ්පාදනය කරන ලද කොවිඩ් -19 පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වීඩියෝ මාලාවේ මෙම වීඩියෝ‍වේ ඉදිරිපත් කිරීමෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ශ්‍යාම් ප්‍රනාන්දු මහතා විසින් මුව ආවරණ නිවැරැදිව පළඳින්නේ කෙසේද යනුවෙන් කරන ඉදිරිපත් කිරීම නැරඹිය හැකියි.

Professor Shyam Fernando, Professor in Medicine at the Faculty of Medicine of the University of Colombo, explains ‘How to wear masks correctly. This  video is produced by the Institute of Multimedia Education under the guidelines of Sri Lanka Medical Association for the COVID – 19 public awareness programme.

පුද්ගලයෙකුගේ ශරීරයට කොරෝනා වෛරසය ඇතුළු වීම හා අන් අයට පැතිරීමද සිදු වන්නේ ශ්වසන මාර්ගය හරහායි. එනම් හුස්ම ගැනීමේදී, හුස්ම පිටකිරීමේදී, කහින විට, කිවිසුම් යවන විට මෙන්ම කතා කිරීමේදී ද අපගේ මුඛයෙන් හා නාසයෙන් ඉතා සියුම් බිඳිති පිට වේ. මේ බිඳිති හරහා විශේෂයෙන්ම මෙම කොවිඩ් 19 වෛරසය පැතිරී යයි.

මෙය වළක්වා ගැනීමට ගත හැකි එක් ක්‍රියාමාර්ගයක් වන්නේ මුව ආවරණ එසේත් නැතිනම් Masks පැළදීමයි.

මුව ආවරණ නිවැරැදිව පැළඳිය යුත්තේ කෙසේද?

අප හුස්ම ගැනීම වැඩිපුරම සිදු කරනු ලබන්නේ නාසය හරහායි. එම නිසා අප මුව ආවරණයක් පළඳින විට එය නාසය හා මුඛය යන දෙකම ආවරණය වන ලෙස පැළඳිය යුතුයි.

මුව ආවරණ නිවැරදිව භාවිත කිරීමට නම් නොකළ යුත්තේ මොනවාද?
  • මුඛය පමණක් ආවරණය වන සේ මුව ආවරණ පැළඳීම 
  • වෙනත් පුද්ගලයන් සමඟ කතා කිරීමේදී මුව ආවරණය පහත් කොට කතා කිරීම.
  • සමීපතමයින් සමග කතා කිරීමේදී මුව ආවරණ නොපැළඳීම 
  • මුව ආවරණය ගලවා විෂබීජ සහිත මතුපිටක තබා නැවත පැළඳීම 
  • මුව ආවරණය නිතර නිතර අත් වලින් ඇල්ලීම, සැකසීම, නහය සහ කට ස්පර්ශ කිරීම.

 

අප අවබෝධ කරගත යුතු වැදගත්ම දෙය නම් මුව ආවරණ පැළඳීම වැදගත් වනවා සේම එය නිවැරැදිව පැළඳීම ද එතරම්ම වැදගත් බවයි. මන්ද යත් කුඩා අතපසුවීමකින් ඔබ යෙදූ සියලු ප්‍රයන්තයන් ව්‍යවර්ථ වී කොරෝනා වෛරසයට ඔබව ගොදුරු කර ගැනීමට ඇති ඉඩකඩ ඉතා ඉහළ ප්‍රතිශතයක් ගන්නා නිසයි. කොරෝනා වෛරසය ඔබට බෝ වීමේදී ඊට ඔබේ ඥාති සම්බන්ධතා කිසිවක් අදාළ නොවන අතර ඔබ අනාරක්ෂිතව නිසි පරිදි මුව ආවරණ නොපැළඳ කිසිවෙකු හෝ සමග කතා බහ කරයි නම් එම පුද්ගලයා රෝගී වාහකයෙක් නම් ඔබට රෝගට පැතිරීමේ හැකියාව ඉතා වැඩිය.

වඩාත් සුදුසු මුව ආවරණයක් තෝරා ගන්නේ කෙසේද? මුව ආවරණ නැවත නැවත සෝදා භාවිතය සුදුසුද? මෙවැනි වැදගත් කරුණු තවත් වීඩියෝවකින් අපි ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වන්නෙමු.

මුව ආවරණ පළඳින්න. එසේම එය නිවැරදිව භාවිත කරන්න. ඒ හරහා ඔබව ආරක්ෂා කර ගෙන අන් අයටද පැතිරයාමට ඇති අවස්ථාවන් වළක්වාගැනීමට කටයුතු කරන්න.

IME ආයතනය, සහ ආලෝචනා කොවිඩ් 19 වසංගතය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා SLMA මාර්ගෝපදේශ වලට අනුකූලව නිර්මාණය කරන ලද වීඩියෝ මාලාවේ  “මුව ආවරණ නිවැරදිව පැළඳීම – Wearing Face Masks Correctly – Professor Shyam Fernando” වීඩියෝව නරඹන ලද ඔබට පහත දක්වා ඇති සබැඳිය හරහා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ශ්‍යාම් ප්‍රනාන්දු මහතා විසින් කැස්ස හා කිවිසුම් යැවීමේදී ආචාරශීලී වීම පිළිබඳ කරන ඉදිරිපත් කිරීම ඇතුළත් වීඩියෝව සඳහා ප්‍රවේශ විය හැක.


කොවිඩ් -19 පිළිබඳ නිවැරැදි දැනුම ලබා ගැනීම සඳහා මෙම නිල වීඩියෝ මාලාව නරඹන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු. මෙය නැරඹීමෙන් නොනැවතී මෙම වීඩියෝවේ අඩංගු කරුණු කාරණා හොඳින් අවබෝධයට ගෙන ඒවා පිළිපැදීම සමාජමය හා ජාතික වගකීමක් බව අපි ඔබට මතක් කර දීමට කැමැත්තෙමු. එසේම මේ දැනුම අන් අය වෙත බෙදාහැරීමට ද දායක වන ලෙස ඉල්ලා සිටිමු.

පහත සදහන් සබැඳියන් හරහා පෙර  වීඩියෝවන් නැරැඹීය හැක.

  1. කොරෝනා යනු / What is Corona – Dr Shirani Chandrasiri
  2. කොරෝනා පරදවමු – අත් සේදීම – Hand Washing – Dr Shirani Chandrasiri
  3. කොරෝනා පැතිරීමේ දාමය බිඳීම / Breaking the chain of corona transmission – Professor Saroj Jayasinghe


අප සියලුදෙනා කොවිඩ් 19 වසංගතය පරාජය කිරීමට දැනුවත්ව පෙළ ගැසෙමු.

වර්ගීකරණය
සංරක්‍ෂිත