කොරෝනා පැතිරීමේ දාමය බිඳීම / Breaking the chain of corona transmission – Professor Saroj Jayasinghe

IME ආයතනය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ගෝපදේශ මත නිෂ්පාදනය කරන ලද කොවිඩ් -19 පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වීඩියෝ මාලාවේ තුන් වන වීඩියෝව වන මෙහිදී කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශායනික වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රධාන මහාචාර්ය සරෝජ් ජයසිංහ මහතා විසින් කොරෝනා පැතිරීමේ දාමය බිඳ දැමිය හැක්කේ කෙසේ දැයි පහදා දීම සඳහා කරන ඉදිරිපත් කිරීම.

Professor Saroj Jayasinghe, The Chair Professor of Clinical Medicine at the Faculty of Medicine of the University of Colombo explains how to ‘break the Corona transmission chain’. This is the third  video of the series of videos produced by the Institute of Multimedia Education (IME) under the guidelines of Sri Lanka Medical Association for the COVID – 19 public awareness program.

කොරෝනා පරදවමු 

කෙනෙකුගෙන් තවත් කෙනෙකුට කොරෝනා පැතිරීමේ දාමය බිඳ දමන්නේ කෙසේද?

කොරෝනා අසාධනය වන්නේ කෙසේද?

බිඳිති සමඟ කෙලින්ම හෝ පෘෂ්ඨයක තැන්පත් වී ඉන්පසු ස්පර්ශය හරහා වෛරසය තවත් කෙනෙකුගේ ශ්වසන පද්ධතියට ඇතුළු වීම මගිනි.

එනම් කොරෝනා ආසාධිත පුද්ගලයෙකු ප්‍රාශ්වාස කරන විට වෛරසය අවට පරිසරය වෙත මුදා හැරීමක් සිදුවන අතර එවන් අවස්ථාවන් ලෙස 

  • කිවිසුම් යාම
  • කහින විට 
  • කතා කරන විට 

යනාදිය දැක්විය හැක.

මෙලෙස වෛරස බිඳිති පිටවීම නිසා නිරෝගී කෙනෙකු ආසාධනය වීමට හේතු වන්නේ එම බිඳිති නිරෝගී පුද්ගලයාගේ මුණට කෙලින්ම වැදීම නිසා හෝ පෘෂ්ඨයක තැන්පත් වී ස්පර්ශය හරහා එය එම වෛරසය නාසය හා මුඛය වෙත ළගා වීම නිසයි.

සජීවී වෛරස් තවත් කෙනෙකු වෙත ළඟා වන ඉහත පැහැදිලි කළ කොරෝනා පැතිරීමේ දාමය බිඳ දැමීම අප සියලු දෙනා සතු වගකීමකි. 

ඒ සඳහා ආසාධිත පුද්ගලයෙකුගෙන් බිඳිති තවත් පුද්ගලයෙකුට යාම හෝ පෘෂ්ඨයක් මත තැන්පත් වීම වළක්වා ගත යුතුයි. 

කොරෝනා පැතිරීමේ දාමය බිඳ දැමීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග නම්,
  • මුහුණු ආවරණ පැළඳීම 
  • නිරන්තරයෙන් දෑත් පිරිසිදු කිරීම (නිවැරැදිව දෑත් පිරිසිදු කරන ආකාරය පිළිබඳ අපගේ පෙර වීඩියෝව නැරඹීමට මෙම සබැඳියෙන් ප්‍රවේශ විය හැක >> කොරෝනා පරදවමු – අත් සේදීම – Hand Washing – Dr Shirani Chandrasiri
  • කැස්ස, කිවිසුම් ආවරණය කර ගැනීම
  • සෑමවිටම භෞතික දුරස්ථභාවය පවත්වා ගැනීමයි.
  • පෘෂ්ඨයන් විෂබීජ නාශක දියර වලින් පිරිසිදු කිරීම සහ එම පෘෂ්ඨයන්ට ඉර අව්ව වැටීමට සැලැස්වීම.
  • අත්වල මෙම විෂබීජය තැවරුණද ශ්වසන පද්ධතියට ඇතුළු වීමට පෙර සෝදා දැමීම හරහා අසාදනය වීම වළක්වා ගත හැකියි.
  • මුහුණ, කට, නාසය ඇල්ලීමෙන් වැළකීම.

ප්‍රායෝගික ජීවිතයේදී එනම් නිවසේදී, කඩපොළේදී, ගමන් බිමන් යෑමේදී විශේෂයෙන්ම පොදු ප්‍රවාහන සේවා යොදා ගැනීමේදී යනාදී සෑම අවස්ථාවකදීම  කොරෝනා පැතිරීමේ දාමය බිඳ දැමීමට අප සියලුදෙනා කටයුතු කළ යුතු අතර නව සාමාන්‍යකරණයකට හුරු වීම අත්‍යවශ්‍ය වේ.

IME ආයතනය, සහ ආලෝචනා කොවිඩ් 19 වසංගතය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා SLMA මාර්ගෝපදේශ වලට අනුකූලව නිර්මාණය කරන ලද වීඩියෝ මාලාවේ තෙවන වීඩියෝව වන “කොරෝනා පැතිරීමේ දාමය බිඳීම / Breaking the chain of corona transmission – Professor Saroj Jayasinghe” නරඹන ලද ඔබට පහත දක්වා ඇති සබැඳිය හරහා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ශ්‍යාම් ප්‍රනාන්දු මහතා විසින් මුව ආවරණ නිවැරදිව පළඳීන්නේ කෙසේද යනුවෙන් කරන ඉදිරිපත් කිරීම ඇතුළත් හතරවන වීඩියෝව සඳහා ප්‍රවේශ විය හැක.

කොවිඩ් -19 පිළිබඳ නිවැරදි දැනුම ලබා ගැනීම සඳහා මෙම නිල වීඩියෝ මාලාව පිළිවෙළින් නරඹන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු. මෙය නැරඹීමෙන් නොනැවතී මෙම වීඩියෝවේ අඩංගු කරුණු කාරණා හොඳින් අවබෝධයට ගෙන ඒවා පිළිපැදීම සමාජමය හා ජාතික වගකීමක් බව අපි ඔබට මතක් කර දීමට කැමැත්තෙමු.

පහත සදහන් සබැඳියන් හරහා පෙර  වීඩියෝවන් නැරැඹීය හැක.

  1. කොරෝනා යනු / What is Corona – Dr Shirani Chandrasiri
  2. කොරෝනා පරදවමු – අත් සේදීම – Hand Washing – Dr Shirani Chandrasiri

 

අප සියලුදෙනා කොවිඩ් 19 වසංගතය පරාජය කිරීමට දැනුවත්ව පෙළ ගැසෙමු.

වර්ගීකරණය
සංරක්‍ෂිත