අත් සේදීමේ වැදගත්කම සහ නිවැරදි ක්‍රමය – Hand Washing – Dr Shirani Chandrasiri

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

IME ආයතනය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ගෝපදේශ මත නිෂ්පාදනය කරන ලද කොවිඩ් –19 පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වීඩියෝ මාලාවේ “කොරෝනා පරදවමු – අත් සේදීම – Hand Washing” වීඩියෝව මගින් ශායනික ක්ෂුද්‍රජීව විද්‍යා විශේෂඥ වෛද්‍ය ශිරාණි චන්ද්‍රසිරි මහත්මිය නිවැරදිව අත් සේදීම පිළිබඳ කරන පැහැදිලි කිරීම ඔබට නැරඹිය හැක.

Consultant Medical Microbiologist Dr. Shirani Chandrasiri explains  ‘why’ and the ‘how’ of washing hands. This video is produced by Institute of Multimedia Education (IME) under the guidelines of Sri Lanka Medical Association for the COVID -19 public awareness program.

කොරෝනා පරදවමු – අත් සේදීම

නව කොරෝනා වසංගතයෙන් බේරීම සඳහා වඩාත් වැදගත් ප්‍රයෝගික උපක්‍රම වන්නේ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම සහ අත් සේදීමයි. තමන් අවට පරිසරයේ පවතින විෂබීජ, අත්ලේ තැවරුණ පසුව සාමාන්‍ය පුරුදු විදියටම මුඛය, නාසය හා දෑස් ස්පර්ශ කිරීමේදී නොදැනුවත්වම විෂබීජ ශරීර ගත වීම වෙන්න පුළුවන්. ඔබ නිරන්තරයෙන් අත් සේදීමට පුරුදු වන්න. අත් සේදිය යුත්තේ ගලා යන ජලයෙන් සබන් දා සේදීමෙනුයි. අත් සබන් යොදා සේදීමෙන් නව කොරෝනා වෛරසය විනාශ වන අතර ඒ මක්නිසාද යන්න වෙනත් වීඩියෝවක් මගින් ඔබට පැහැදිළි කර ඇත.

සබන් සපයා ගත නොහැකි අවස්ථා වලදී විෂබීජහරණ ද්‍රාවණයක් දෑත් වල තවරා පිරිසිදු කර ගත යුතුයි.

නිවැරැදිව අත් සෝදාගන්නා ආකාරය 
  • පළමුව දෑත් ගලා යන ජලයෙන් තෙමන්න.
  • අවශ්‍ය පමණ සබන් අතට ගන්න.
  • අත්ල මත අත්ල තබා හොඳින් අතුල්ලා ගන්න. පිටි අත්ලෙන් ඇඟිලි වල පිටුපසද ඇඟිලි අතර තුරද සබන් තැවරෙන ලෙස අතුල්ලන්න. නිය පටලවා ඇඟිලි අතර පිරිසිදු කර ගන්න. මහපට ඇඟිලිද පිරිසිදු කර ගන්න. ඇඟිලි තුඩුද එකට එක් කොට රවුමට එක් අතකින් අනෙක් අතෙහි පිටි අත්ලේ අතුල්ලමින් පිරිසිදු කරන්න.
  • අවසානයේ ගලා යන ජලයෙන් අත් හොඳින් සෝදා හරින්න. 
  • “අවම වශයෙන් තත්පර විස්සක්වත් සබන් යොදා අත්සේදීම අත්‍යවශ්‍යයි.” 
  • තවදුරටත් සැලකිලිමත්විය යුතු කරුණු 
  • ස්වයංක්‍රීයව ක්‍රියා කරන හෝ පැඩලයක් පාදයෙන් පාගා ක්‍රියා කරන කරාම නැති විට අත් සේදීමට පෙර කරාමය සබන් යොදා සෝදා හරින්න.
    අත් සේදීමෙන් පසු අත් වේලා ගැනීම සඳහා වෙනත් අයකු භාවිතා නොකළ අත් පිස්නාවක් හෝ ඉවත දමන ටිෂූ කඩදාසියක් පාවිච්චි කරන්න.
    අත්වල බැඳ ඇති ඔරලෝසු, නූල්, ඇඟිලි වල බැඳ ඇති මුදු යනාදී සියල්ල විෂබීජ වලට රඳා පැවතීමට පෘෂ්ඨයන් හා පිරිසිදු කිරීමට අපහසු ස්ථාන ඇති කරන බැවින් ඒවා භාවිතය අත් හැරීම හෝ හැකිතාක් අවම කිරීම කළ යුතු බව මතකයේ තබා ගත යුතුයි.
    “නිවැරදිව අත සේදුවත් මුද්දක් හා ඇඟිල්ලක් අතර ඇති ප්‍රදේශය පිරිසිදු වන්නේ නෑ.”

IME ආයතනය, සහ ආලෝචනා කොවිඩ් 19 වසංගතය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා SLMA මාර්ගෝපදේශ වලට අනුකූලව නිර්මාණය කරන ලද වීඩියෝ මාලාවේ “කොරෝනා පරදවමු – අත් සේදීම – Hand Washing” වීඩියෝව නරඹන ලද ඔබට පහත දක්වා ඇති සබැඳිය හරහා කොරෝනා පැතිරීමේ දාමය බිඳීම පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශායනික වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රධාන මහාචාර්ය සරෝජ් ජයසිංහ කරන පැහැදිලි කිරීම ඇතුළත් වීඩියෝව සඳහා ප්‍රවේශ විය හැක.

කොරෝනා පැතිරීමේ දාමය බිඳීම / Breaking the chain of corona transmission – Professor Saroj Jayasinghe

කොවිඩ් –19 පිළිබඳ නිවැරැදි දැනුම ලබා ගැනීම සඳහා මෙම නිල වීඩියෝ මාලාව නරඹන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු. මෙය නැරඹීමෙන් නොනැවතී මෙම වීඩියෝවේ අඩංගු කරුණු කාරණා හොඳින් අවබෝධයට ගෙන ඒවා පිළිපැදීම සමාජමය හා ජාතික වගකීමක් බව අපි ඔබට මතක් කර දීමට කැමැත්තෙමු. එසේම මේ දැනුම අන් අය වෙත බෙදාහැරීමට ද දායක වන ලෙස ඉල්ලා සිටිමු.

පහත සබැඳිය හරහා පළමු වීඩියෝව නැරඹිය හැක.

කොරෝනා යනු / What is Corona – Dr Shirani Chandrasiri 

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

වර්ගීකරණය
කර්තෘ
සංරක්‍ෂිත