කොරෝනා යනු / What is Corona – Dr Shirani Chandrasiri

IME ආයතනය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ගෝපදේශය මත නිෂ්පාදනය කරන ලද කොවිඩ් -19 පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වීඩියෝ මාලාවේ පළමු වීඩියෝව වන “කොරෝනා යනු / What is Corona”  නම් මෙම වීඩියෝව මගින් ශායනික ක්ෂුද්‍රජීව විද්‍යා විශේෂඥ වෛද්‍ය ශිරාණි චන්ද්‍රසිරි මහත්මිය කොරෝනා යනු කුමක්දැයි පහදා දීම සඳහා කරන ඉදිරිපත් කිරීම නැරඹිය හැක.

Consultant Medical Microbiologist Dr. Shirani Chandrasiri’s presentation on ‘what is corona’. This video  is  produced by the Institute of Multimedia Education (IME) under the guidelines of the Sri Lanka Medical Association (SLMA) for the COVID – 19 public awareness program.

කොවිඩ් 19 යනු?

“කොවිඩ් 19 යනු කොරෝනා වෛරස ප්‍රභේදයක් නිසා ඇතිවන ශ්වසන පද්ධතියට බලපාන රෝගයකි. වෛරස ඒවායේ ජානමය සංයුතිය අනුව DNA වෛරස සහ RNA වෛරස ලෙස වර්ග දෙකකට බෙදා දැක්විය හැකියි. කොවිඩ් 19 රෝග තත්වය ඇති කරන වෛරසය RNA වෛරස ගණයට අයත් වේ. සමහර වෛරස් වලට මේදයෙන් සෑදුණු පිටත ආවරණයක් තිබෙනවා.

වෛරසය විනාශ වන්නේ කෙසේද?

මේ පිටත ආවරණය සබන් වැනි ද්‍රව්‍යකින් සෝදා විනාශ කරන්න පුළුවන්. සබන් යොදා තත්පර විස්සක් අත් සේදීමෙන් හෝ සියයට හැත්තෑවකට වැඩි මධ්‍යසාර සාන්ද්‍රණයක් අඩංගු පිරිසිදු කාරක දියරයක් එහෙමත් නැත්නම් Hand Wash එකක් පාවිච්චි කරලා මේ වෛරසය විනාශ කරන්නට පුළුවන්.

ආසාදනය වන ආකාරය?

වෛරසය අසාදනය වූ කෙනෙකුගේ කැස්ස, කිවිසුම් යාම හෝ කතා කිරීමේදී සිදුවන බිඳිති විසිරී වාතාශ්‍රයට මුදා හැරෙන විට තව කෙනෙකුට අසාදනය විය හැකියි. එමෙන්ම මෙම වෛරසය කාමර උෂ්ණත්වයේ හෝ ඊට වඩා සිසිල් උෂ්ණත්වයක් ඇති පෘෂ්ඨඨයක් මත සෑහෙන වෙලාවක් තියෙන්න පුළුවන්. එම නිසා එම පෘෂ්ඨඨය ස්පර්ශ කොට නැවත නාසය, මුඛය ඇල්ලීම මඟින් මෙම වෛරසය ශරීර ගත වීමටද හැකියාව පවතී.

වළක්වා ගන්නේ කෙසේද?

කොරෝනා අසාදනය වැළැක්වීම සඳහා භාවිතා කරන සියලු ක්‍රමවේදයන්ගේ අරමුණ සජීවී වෛරසය නිරෝගී කෙනෙකුගේ ශ්වසන පද්ධතියට ඇතුළුවීමට ඇති ඉඩකඩ ඇහිරීමයි. මේ සඳහා අප භාවිතා කරන ප්‍රධානතම උපක්‍රම වන්නේ භෞතික දුරස්ථභාවය (මීටරයක පරතරය) පවත්වා ගැනීම සහ නිවැරදි ක්‍රමයට අත් සේදීමයි. අප සැමදෙනා එක්වී මේ වසංගතය මැඩලන්න දැනුවත්ව පෙළ ගැසෙමු.”

IME සහ ආලෝචනා කොවිඩ් 19 වසංගතය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා SLMA මාර්ගෝපදේශ වලට අනුකූලව නිර්මාණය කරන ලද වීඩියෝ මාලාවේ පළමුවෙනි වීඩියෝව වන “කොරෝනා යනු / What is Corona” නරඹන ලද ඔබට පහත දක්වා ඇති සබැඳිය හරහා නිවැරැදිව අත් සේදීම පිළිබඳ ශායනික ක්ෂුද්‍රජීව විද්‍යා විශේෂඥ වෛද්‍ය ශිරාණි චන්ද්‍රසිරි මහත්මියගේ පැහැදිලි කිරීම ඇතුළත් මීළඟ වීඩියෝව සඳහා ප්‍රවේශ විය හැක.

කොවිඩ් –19 පිළිබඳ නිවැරැදි දැනුම ලබා ගැනීම සඳහා මෙම නිල වීඩියෝ මාලාව නරඹන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු. මෙය නැරඹීමෙන් නොනැවතී මෙම වීඩියෝවේ අඩංගු කරුණු කාරණා හොඳින් අවබෝධයට ගෙන ඒවා පිළිපැදීම සමාජමය හා ජාතික වගකීමක් බව අපි ඔබට මතක් කර දීමට කැමැත්තෙමු. එසේම මේ දැනුම අන් අය වෙත බෙදාහැරීමට ද දායක වන ලෙස ඉල්ලා සිටිමු.

අත් සේදීම – Hand Washing – Dr Shirani Chandrasiri

වර්ගීකරණය
සංරක්‍ෂිත