i – අකුරේ විප්ලවය සහ අපි
නව ලොව තාක්ෂණ දැනුම මොහොතින් මොහොත යාවත්කාලීන වෙනවා. විටෙක එය අපේ අතට අසුකරගන්න නොහැකි තරම් වේගයකින් වෙනස් වෙනවා. මේ දැනුම අසීමිතයි.
මේ අසීමිත දැනුම් සම්භාරයෙන් බිඳක් “ආලෝචනා” පාඨකයින් වෙත ගෙන එන ලිපි මාලාවක ආරම්භයයි මේ.
මේ පළමු ලිපියට පාදක වන්නේ ජංගම දුරකථනයේ ව්‍යප්තියත් සමඟ අන්තරජාල භාවිතයේ වූ විප්ලවීය වර්ධනය සහ ඒ්ය ලෝකය පුරා සමාජ ආර්ථික ක්‍රියාවලිය වෙනස් කිරීමට දායක වූ ආකාරයයි. ලෝකය පුරාම අනාගත පරපුර තාක්ෂණය හා කරට කර ගමන් කර හැකි සුහුරු පරපුරක් බවට පත් කිරීමට වැයම් කරද්දී අපි අපගේ හෙට පරපුර තාක්ශණයෙන් බැහැර කිරීමට උත්සාහ කිරීම කේදනීය තත්වයක්.