ළඟදී අපේ මිත්‍රයෙක් මුහුණු පොතේ සටහනක් තබල තිබුණා ඉංග්‍රීසි භාෂාව ගැන. එතැනදී ඔහු කියා සිටියේ දැනට දශක කිහිපයකට කලින් ආපු ‘සිංහල පමණයි’ සංකල්පයෙන් ඉංග්‍රීසියෙන් විතැන් කළ පරම්පරාවන් සහ ඔවුන් විසින් උගන්වන්නට යෙදුනු පසු පරම්පරාවල් වල ඉංග්‍රීසි දැනුම දුර්වලවීම නිසා අපට සිදුවී ඇති අලකලංචි ගැන.
මේ සටහනට වැටිල තිබුණු සමහර උත්තර නිසා මේ ගැන නිතර අහන වාක්‍ය කිහිපයක් මතක් වුණා.
‘ඉංගිරිසි හරියට කතාකරන්න ඕන ලංකාවේ විතරයි’
‘කියන දේ තේරෙනවා නම් කොහොම කිව්වම මොකද’
‘සුද්දෝ මොකෝ හරියට සිංහල කතා කරනවද’
දැන් දැන් සිංහල භාෂාව ගැනත් මෙහෙම අදහස් අපිට ඇහෙනවා…
‘කියන දේ තේරෙනවා නම් එච්චරයි නේද’?…..
කණගාටුදායක කාරණය තමයි, වර්තමාන වෙන්න මොඩ් එෆ් එම් නිවේදක නිවේදිකාවෝ විතරක් නෙවෙයි, යම් විදග්ධ හැඩයක් ඇති සමහර අයගෙනුත් මෙවැනි අදහස් ඇහෙන එක. මේවා අපේ සමහර නාකි තිරිහන් වෙන්න දාන ගොන් පාට්ද කියලත් වෙලාවකට හිතෙනවා.
කාලෙකට කලින් පාසැල් ශිෂ්‍යයෙක් වෙලා ඉන්න කාලේ මටත් මේ වගේ මැටි අදහස් තිබුණා. ටිකක් වයසට යනකොට තේරෙන්න පටන් ගත්තා නියමිත අර්ථයක් ඇති අදහස් ප්‍රකාශ කරන්න ඕන නම් නියමිත අර්ථ ඇති වචන, නියමිත ස්ථානවල, නියමිත කාලයට අනුව පාවිච්චි කරන්න ඕන කියන එක.
ඕනම භාෂාවකින් අදහස් ප්‍රකාශ කරන්න වියරණ දැනගන්න ඕන කියන දේ තේරුම් ගන්න අපට කාලයක් ගියා.
වියරණ කියන්නේ පන්තියේ හිටපු වැඩ දන්න අය හරියට ලියල ලකුණු ගන්න අපබ්‍රංසයක් විතරක් නෙවෙයි අපි හැමෝම එදිනෙදා ජීවිතයෙදී දැනුවත්ව හරි නොදැනුවත්ව හරි පාවිච්චි කරන රීති මාලාවක් කියල තේරෙන්න තවත් කාලයක් ගියා.
කාලෙකින් ගෙදර ගියේ නැත්තම් අම්මට කතා කරලා කියන්නේ ‘අම්මේ හෙට ගෙදර එන්නං’ කියල මිසක්, ‘හෙට ගෙදර ගියා’ කියල නෙවෙයි…. ඇහෙන කොටම ඒක විකාරයක් බව හැමෝටම තේරෙනවා.
සඳුදා වැඩට ගිහින් යාළුවන්ට කියන්නේ ‘ඊයේ ගෙදර ගියා’ කියල.
මේ සරල උදාහරණ වල තියෙන නිවැරදි අතීත කාල සහ අනාගත කාල අපි නොහිතම භාවිතා කරනවා.
අපේ පැරැන්නෝ කෘෂිකර්මයේදී, දඩයම් කිරීමේදී, වාරි කර්මාන්තයේදී, කලා ශිල්පවලදී ඉතාම නිශ්චිත දැනුම්, නිශ්චිත ලෙස සන්නිවේදනය කළා. ඉතා දියුණු වාරි ඉංජිනේරු ශිල්පයක් වගේම සංස්කෘතියක් අපට තිබුණා. දැන් ඒවාට වෙලා තියෙන්නේ මොකක්ද කියන එක අපි හැමෝම දන්නවා.
ඉන්දීය ජාතිකයෝ ඉන්දීය ඌරුවට ඉංග්‍රීසි කතා කරනවා, නමුත් ඔවුන්ගේ ඉංග්‍රීසි පරිචය ඉතා ඉහළයි. ගීතාංජලිය ඉංග්‍රීයෙන් නැවත ලියන්නේත් තාගොර්මයි. ඔහු සාහිත්‍යය සඳහා නොබෙල් තෑග්ග දිනාගන්නවා විතරක් නොවෙයි ඔහුගෙන් පස්සේ එන පරම්පරාවලට මාර්ගෝපදේශනයක් වනවා. අරුන්දතී රෝයිලා මෑන් බුකර් තෑගි දිනද්දී, අද ඇඩෝබි, ගූගල් වගේ සමාගම් දුවවන්නේ ඉන්දියන් සම්භවයක් ඇති අය.
තේරෙනව නම් ඕන මඟුලක්, ඕන විදියකට කිව්වට, ලිව්වට කමක් නෑ කියන කම්මැලිකම සහ බැරිකම මත පදනම් වෙච්ච විකාරය පැත්තකට දාලා, නිශ්චිත ඍජු අදහසක් නිශ්චිතව ප්‍රකාශ කරන්න භාෂාව නිශ්චිත ලෙස භාවිතා කරන්න ඕන කියන මූලික කාරණය අපි නැවත අපේ ළමයින්ට උගන්නන්න ඕන.
භාෂාව සිංහලද, දෙමළද, ඉංග්‍රීසිද, ප්‍රංසද කියන එක අදාළ නැහැ.