තීරු ලිපි

තීරු ලිපි
සමරසිංහ ගුණසේකර

බස දන්නෝ රස හඳුනති

“…….අඹ ගැට කාලයේදී ඇඹුල් රසය. ඉදුණාම පැණි රසය. කුණු වුණොත් කුණු රසය. සමහර මාලු පිළී රසය. මාලු පිහිනන මහ මුහුද ලුණු රසය. සමහර ළිංවල වතුර කිවුල් රසය. මේ විදිහට දිවට දැනෙන රස නානාප‍්‍රකාරය. හිනි රස, දුම් රස, ජරා රස, තෙල් රස, මුඩු රස, මිරිජ්ජ රස, කරෝල රස ලෙස නොයෙකුත් රසවල් දිවට දැනේ. දිවට නොදැනෙන තවත් අමුතු රසවල්ද තිබේ. පෙම් රස එවැනි රසකි…..”

වැඩිදුර කියවන්න »
තීරු ලිපි
සමරසිංහ ගුණසේකර

එපිට රටෙන් ආ දෙපිට පිස්කල්

මේ කාලේ අපේ මිනිස්සු එංගලන්තයෙන් ගෙනා ඉංග්‍රීසි නම්ද සිංහල කටටම හුරුවන ලෙස තලාපෙලා සකස් කරගත්තෝය. එංගලන්තයේ ඩේවිඩ්ලා ලංකාවේ දාවිත්ලා වූ අතර ග්‍රෙගරිලා ගිරිගෝරිස්ලා වූහ. එංගලන්තයේ මේරිලා, මාගරට්ලා, මැගිලින්ලා රෙදි හැට්ට අඳින මේරි නෝනලාය. මාගරට් නෝනලාය. මැගිලින් නෝනලාය. ඒ අතර බේබි අක්කලා එලිසබත් හාමිනේලාද සිටියෝය.

වැඩිදුර කියවන්න »
කට කහනවට
සියාතු

සම්මාන හා අවමාන

මේ අල්ල පනල්ලේ හොඳම අල කලංචි සිද්ධ වෙන්නේ සම්මාන ප්‍රදානයේදීය. දැන් ප්‍රධාන පෙළේ සාහිත්‍ය සම්මාන උළෙල 4ක් සාහිත්‍ය මාසයේදී සිදු වෙනවා. ආණ්ඩුව දෙන රාජ්‍ය සාහිත්‍ය සම්මාන, පොත් ප්‍රකාශකයින්ගේ සංගමය ප්‍රකාශකයින්ගේ පොත් සඳහා පමණක් දෙන ස්වර්ණ හා රජත පුස්තක සම්මාන, ගොඩගේ ප්‍රකාශකයින් පිරි නමන ගොඩගේ සම්මාන හා විද්‍යෝදය විශ්වවිද්‍යාලය සංවිධානය කරන විද්‍යෝදය සම්මාන ලෙස මේ උත්සව සාහිත්‍ය මාසයේදී පැවැත් වෙනවා..

මේවායේ හරිම අලකලංචි සිද්ධ වෙන එක දැන් දැන් සාමාන්‍යයයි. සම්මාන අවමාන වී ලේඛකයින් අවමානයට ලක් කෙරෙන එක හැම වසරකම කුමක් හෝ සම්මාන උළෙලක දී සිදු වන තරමට මේ සෙල්ලම දුර දිග ගොස් තියෙන බවයි පෙනෙන්නේ.

වැඩිදුර කියවන්න »
Anchor-alochana-column
තීරු ලිපි
හෙන්රි වර්ණකුලසූරිය

සී සික් හා ෂිකේ ෂික්….

මා අනුයුක්ත කොට තිබූ එඩිතර නෞකාව ඒ වන විට රඳවා තිබුණේ උතුරු ආරක්ෂණ කලාපයේ බව පැවසූ අපගේ පුහුණු භාර නිලධාරීවරයා උදයේ පිටත් වන ජයසාගර නැවෙන් එඩිතර බලා පිටත් විය යුතු බව දැන්වූවා. මා මෙන් පුහුණුවට යන ආධුනික නිලධාරීන් කිහිප දෙනෙකු ජයසාගර නැවේ යාත්‍රා කළා.
විවිධ ආයතන හා නැව් වලට අනුයුක්තව පුහුණුවට ගිය අප ලබා දී තිබූ රෙදි බෑගයක ඇඳුම් පුරවාගෙන කරේ එල්ලාගෙන ජයසාගර නැවට ගොඩ වුණා. එකට පුහුණු වූ ආධුනිකයින් කිහිප දෙනෙකුම ජයසාගර නැවට ගොඩ වූයේ ජයසාගර නෞකාවේ මෙන්ම උතුරු ආවේක්ෂණ කලාපයේ රඳවා තිබූ සාගරවර්ණ, එඩිතර, අභීත නෞකා මෙන්ම කරෙයිනගර් හි පිහිටි “එළාර” නාවික කඳවුර බලා පිටත් වන්නටයි.

මුහුදේ රළ පහරට හසුව එහාට මෙහාට පැද්දෙමින් ආ ගමන මගේ හිසේ කරකැවිල්ල ඇති කළා. “ඕකට කියන්නේ සී සික් (Sea Sick)” ජයසාගර නැවේ සිටි නිලධාරියෙකු පැවසුවා. “ගනන් ගන්නෙපා. දෙතුන් වතාවක් එහාට මෙහාට sail(යාත්‍රා) කළාම ඕක හරියනවා.”

වැඩිදුර කියවන්න »
තීරු ලිපි
ගීතික පළඟපතිරණ

සුළගේ හමනා පිළිතුර

මාවත් කීයක් තරණය කළ යුතුද ඔහු ඔබ ඔහුට මිනිසකු යයි කීමට කලින්? සාගර කීයක් තරණය කළ යුතුද සුදු පරෙවි දෙන වැලි තලයක ඇය නිද්‍රාවක් ලැබීමට

වැඩිදුර කියවන්න »
Anchor-alochana-column
තීරු ලිපි
හෙන්රි වර්ණකුලසූරිය

පේරාදෙනි ගිහින් එන්න අනපේක්ෂිත නිවාඩුවක්

නාවික හමුදාවට අධිකාරිලත් නිලයන් සදහා ඍජු බඳවා ගැනීම් යටතේ උපාධිධාරීන් හා අවසන් උපාධි පරීක්ෂණයට පෙනී සිට උපාධි පාඨමාලා අවසන් කොට තිබූ පිරිසක් අවශෝෂණය කර ගනිද්දී

වැඩිදුර කියවන්න »
Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත