බස දන්නෝ රස හඳුනති

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

අද අපි රස ගැන කතා කරමු. ඉංග‍්‍රීසියෙන් Taste කියන රසය පසිඳුරන්ගෙන් දිවට දැනෙන පහසයි. දිවට දැනෙන රසයද නානාප‍්‍රකාරයි. අපි උදේ සවස බොන වතුර දිය රසය. සමහර හෝටල්වල හොදි මාලුද දිය රසය. එහෙම නැත්නම් ලුණු වැඩිවෙලා ලුණු රසය. මේ නිසා හොදි මාලු උයන විට අල්ලට ටිකක් දමා රස බලා පදමට ලුණු ඇඹුල් ඇතිව හදන කොයි කෑමත් රසවත්ය. තේ වවන අපි වැඩිපුර තේ බොන්නෙමු. සීනි නොදා බොන තේ කහට රසය. සීනි දැම්මොත් පැණි රසය. කිරි ටිකක්ද දැම්මොත් කිරි රසය. බත ගැන කිව්වොත් බත කරවුණොත් රොස් රසය. නැත්නම් කර රසය. පිළුණු වුණොත් පිළුණු රසය. බෙරි වුණොත් බෙරි රසය. ඇට්ටකුනා වුණොත් තවත් රසක්ය. කරවිල තිත්ත රස වුණත් කරවිල වෑංඡනයට මිනිස්සු කැමැතිය. එහෙත් සමහර වැටකොලු තිත්ත වුණොත් කටේ තියන්න බැරි තරම් වහුතු රසක් දැනේ.

අඹ ගැට කාලයේදී ඇඹුල් රසය. ඉදුණාම පැණි රසය. කුණු වුණොත් කුණු රසය. සමහර මාලු පිළී රසය. මාලු පිහිනන මහ මුහුද ලුණු රසය. සමහර ළිංවල වතුර කිවුල් රසය.

මේ විදිහට දිවට දැනෙන රස නානාප‍්‍රකාරය. හිනි රස, දුම් රස, ජරා රස, තෙල් රස, මුඩු රස, මිරිජ්ජ රස, කරෝල රස ලෙස නොයෙකුත් රසවල් දිවට දැනේ. දිවට නොදැනෙන තවත් අමුතු රසවල්ද තිබේ.
පෙම් රස එවැනි රසකි. පෙම්වතුන්ට පේ‍්‍රමය ගැන කවි සිංදු ලියන අයට දැනෙන මේ රසය සමහරුන්ට පට්ට රසයකි. අප කොලු කාලේ නිල් චිත‍්‍රපට තිබුණේ නැත. අපි ඉස්කෝල පොත් අස්සේ දමාගෙන කියැවූ සඟරා අතර අතිරස නම් සඟරාවක්ද විය. මේ සඟරාව කියවා ගුරුවරුන්ට අසුවුවොත් කන්නට වෙන ගුටිවල රස වෙනමම රසකි.

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Ad
වර්ගීකරණය
කර්තෘ
සංරක්‍ෂිත