
ඔහේලා, තමුසෙලා හා ඔයාලා
“….ඉංග‍්‍රීසි බසින් මහරජුටත්, මහරැජණටත්, ඇමතිටත්, ගෙදරක මෙහෙකරුවාටත්, යාලුවාටත්, හතුරාටත්, බිරිඳටත්, දරුවාටත් අමතන පදය You ය. සිංහලෙන් තැන නොතැන අනුව මේ පදය වෙනස් වේ. අපේ ගම් පළාත මාතරය, මාතර මිනිස්සු You වෙනුවට ඔහේ යැයි කියති.
මාතර ඔහේලාට පේන්න බැරි වහකදුරු වගේ වචනයක් තිබේ. ඒ තමුසේය. තමුසේ කියන්නේ පාච්චලේට බව මාතර මිනිස්සු දනිති. ගරු කටයුතු අයට තමුන්නාන්සේ, තමුන්නැහේ කියා අනිත් අයට තමුසේ කියනවිට මොකක්දෝ නුහුරු ගතියක් අපට දැනේ….”





