

කිරිල්ලී
පැතූ පැතුමන් පෙරදින ගිනි ගනිද්දී අනන්තය තෙක් එකිනෙක ගැටෙද්දී ගල් බොරලු නොව හිත් පතුලෙන්ම පියුමන් යදිද්දී සදෙව් කුලයෙන් වැඩියාදෝ නුඹ කිරිල්ලී නැගුණු සුසුමන් පෙරදින ලය
පැතූ පැතුමන් පෙරදින ගිනි ගනිද්දී අනන්තය තෙක් එකිනෙක ගැටෙද්දී ගල් බොරලු නොව හිත් පතුලෙන්ම පියුමන් යදිද්දී සදෙව් කුලයෙන් වැඩියාදෝ නුඹ කිරිල්ලී නැගුණු සුසුමන් පෙරදින ලය
තමන් යතුරු ලියනයට බාරගත් නවකතාවක් පොතේ නම වෙනස් කොට තමන්ගේ නමින් ප්‍රකාශකයෙකු ලවා එළිදක්වා වංචා කිරීමට අධිකරණයෙන් වරදකරුවෙකු වූ ප්‍රසිද්ධ පත්තරකාරයෙකුගේ නම ලේඛනාගාරයේ ලියාපදිංචියෙන් ඉවත් කළේ 60 දශකයේ මුල් භාගයේදී.
කලෙක ගුවන් විදුලි ගීත රචනා බැංකුවට ආධුනිකයින් යැවූ නිර්මාණ ප්‍රවීනයින් තම නමින් ගායකයින් ලවා ගායනා කළ බවට චෝදනා නැගුණා. තරඟ සඳහා හෝ කියවන්නට ලැබුණ චිත්‍රපට තිර රචනා ප්‍රවීනයින් විසින් මංකොල්ල කනු ලැබූ බවටද චෝදනා එල්ල වූ අවස්ථා තිබුණා.
එපමණක් නොවේ තමන්ගේ නවකතාවක් ඇසුරෙන් නිෂ්පාදනය කළ චිත්‍රපටයට වෙනෙකෙකු ලියූ ගීත තමන්ගේ නමින් ලේබල් ගසා ගත් ප්‍රසිද්ධ සිංහල උපකාර පංති ගුරුවරයෙකු ලියූ තිරනාටකයක්ද තවත් උන් සොරකම් කිරීමේ අත්දැකීම් අප කියවා තියෙනවා.
විශිෂ්ට චිත්‍රපටයකට හෙළ කව්, ගී අරණේ දැවැන්තයා ලියූ ගීතයක් තමන්ගේ නමින් ලේබල් ගසා ගත් මහාචාර්ය චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් ගැනද, ජ්‍යෙෂ්ඨ ජන වහර පර්යේෂකයෙකුගේ පර්යේෂණ සොරා ගෙන තමන්ගේ පොත් වලට යොදා ගත් ලේඛක ප්‍රකාශකයෙක්, හෙළ කලා ලොව මුදුන් මල් කඩක් වන් නිර්මාණකරුවන්ගේ පොත් පිටින් හොරෙන් මුද්‍රණය කොට විටෙක උසාවි ගොස් වැරදි කරුවන් වූ බවද, උසාවි නොගිය සොරකම් එසේම ඉතිහාසයේ වැලි තලාවට යට වූ බවද ප්‍රචලිතයි.
අසීමිතයි ඔය සෙනෙහස දැහැන්ගතව එය විදින්න නුඹ මට භාවනාවක් ය ජීවිතයට සතුට ගෙනෙන. .. දයාබරව අමතන විට නිවෙනවා දුක්ගිනි සියල්ල ජිවත්වෙන ඩිංගට ඇති දැහැන්ගතව මෙත්
බලන්න චිත්‍රපට කර්මාන්තය දිහා. මොනවද චිත්‍රපට සංස්ථාව කරන්නේ. චිත්‍රපටකරුවා රැක ගන්නවා තියා ඔවුන් ඉතා අමාරුවෙන් නිෂ්පාදනය කරගන්නා චිත්‍රපටයකට ඒක පෙන්න ගන්න හරි හමන් තැනක් හරි සූදානම් කරල දෙනවද? බෙදා හැරීම ගැන බැලුවත් ප්‍රදර්ශනය ගැන බැලුවත් ඔක්කොම ජරාජීර්ණයි. යල් පැන ගිහින්. ජාත්‍යන්තර සම්මාන ලබන්න, බටහිර නිර්මාණ සමග තරග කරන්න පුළුවන් නව තරුණ පරපුරක් අපිට ඉන්නවා. එහෙත් ඔවුන්ට මේ රටේ දී ලැබෙන උපකාරය, මගපෙන්වීම හා දිරිය කුමක්ද?
අපි ප්‍රංශයට ඕස්ට්‍රේලියාවට යන්න ඕනෙ නෑ. අපේ අල්ලපු රට ඉන්දියාවට යමු. බලන්න ප්‍රාන්ත වල දී පවා ඒ රටේ කලාකරුවා රැකගන්න ඔවුන් දෙන සහයෝගය. දැන් සෑම රටකම කලාව සහ සංස්කෘතිය මානව ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක්. මේ නිසා තමයි ඉන්දියාව ඔවුන් හඳුනාගෙන ඔවුන්ට උපකාර වන්නේ. ජාතික අධ්‍යාපනය පුහුණුවීම් ආයතන පිහිටුවා සිනමාවට කලාවට උදව් කරන්නේ. ඒ නිසාම අද ඉන්දියාව සිය ජාතික ආදායමෙන් 35% සිනමාව හරහා උපයා ගන්නවා. එහෙත් අපේ රටේ සිනමා විද්‍යාර්ථයින් බිහි කිරීම තබා ඔවුන් ඉතා අමාරුවෙන් නිර්මාණය කර ගන්නා නිර්මාණයන්ට හෝ දියයුතු උපහාරය කරනවාද?
බටහිර රටවල නිර්මාණකරුවා රැකගන්න නඟා සිටුවන්න අරමුදල් පවා පිහිටුවා තිබෙනවා. හැම ආණ්ඩුවක්ම බලයට පත්වූ විගස සිනමාව කලාව හා සංස්කෘතිය ගැන කතා කරනවා. ඉන් පසුව ඒවා යළිත් පැරණි හුදකලා ඉබි ගමනේමයි.”
චිත්‍රශිල්පියෙකු සහ මුද්‍රණ ක්ෂේත්‍රයේ සාර්ථක ව්‍යවසායකයෙකු ලෙස T P G අමරජීව මහතාගේ ගමනක මතකයන් අද සුහසරින් ඔබ වෙත ගෙන එනවා. අම්පාර දිස්ත්‍රික්කයේ දුෂ්කර ග්‍රාමයකින් ඇරඹෙන
ගමේ පවුල් අතරෙන් හතරෙන් තුනක් රත්නායක මුදියන්සේලාය. ඉතිරි හතරෙන් එක දිසානායක මුදියන්සේලාය. ගැමි පිරිමි අතර ගනරත් බංඩලා, කලු බංඩලා, සුදු බංඩලා, රතු බංඩලා, නිලමෙලා, හේරත් බංඩලාය. ගමේ ගැහැණු වැඩිදෙනා සුදු මැණිකෙලා, රතු මැණිකෙලා, කලු එතනලා, සුදු එතනලාය.
මගේ මිත්‍රයා ගමේ පාසලේ විදුහල්පතිය. එකම ගුරුවරයාය. ඒ වගේම පාසලේ මුල් ගුරුවරයාය. එය තනි ගුරුවරයාගේ පාසලක් වූ අතර බාලාංශයේ සිට අටවැනි ශ්‍රේණිය දක්වා ළමයින් හැත්තෑවක් පමණ සිප් සතර හැදෑරුවෝය.
අප ලැගුම් ගත්තේ පාසලේ කන්තෝරු කාමරයට යාබද ගබඩා කාමරයේය. පොළ දවසට මම නිදි පැදුරේ හිඳ පාසල සමීප කරත්ත පාරේ යන කරත්ත ගණන් කළෙමි. කෙසෙල්, මඤ්ඤොක්කා, බතල වැනි ගැමියන්ගේ අතිරික්ත භව භෝග පුරවාගත් කරත්ත හත අටක් උදේ පාන්දරම මැදගම පොළට යයි. ගැමියෝද බඩු පුරවා ගත් මලු හිසින් ගෙන උදේ පොළට යති.
සවස ඔවුන් ආපසු එනවිට මලුවල ඇත්තේ තුනපහ, දියලුණු, කරවල වැනි ගමේ නැති කළමනා විතරය. ඉතිරි සියල්ලෙන් ගම ස්වයංපෝෂිතය.