

බලු අනාථාගාරයේදී දුටු දෙව් දුව…
මම ඇය කතාවට අල්ලා ගතිමි. ඇය බල්ලන් ගැන බොහෝ දේ දන්නා අයෙකි. මේ මිශ්‍රණයෙන් බිහිවෙන බල්ලන් අතිශය මිත්‍රශීලි වන බවත් ඒ තරම් හොඳ සත්ත්ව යහළුවන් ලෝකයේ කිසිම තැනකින් වත් නොලැබෙන බවටත් ඇය මට කීවාය.
මේ අතර කඩේ මැනේජර් ලෙස වැඩ කරන වයස 20 ක් පමණ පිරිමි ළමයාද අපේ කතාවට එකතු විය.
“මෙතනට තිස්සෙම පැටව් එනවා….යනවා… හැබැයි මං මූට මාර ආදරෙයි … මම හැමදාම රෑට ජර්සිය අස්සේ දාගෙන මූ ගෙදර අරන් යනවා.. මූට මොලේ තියනවා.. මම සල්ලි එකතු කර ගන්න කල් තමයි මෙච්චර දවසක් තිය ගත්තේ. ඒත් උඹට සල්ලි තියනවනම් මූ ගනින්… උඹ මූට අදරෙයි කියලා මම දැකල තියනවා…” හේ මට කීය.
“පොඩ්ඩක් හිටපන්…”කී මම බැංකුවට ගියෙමි.
ගෙවමින් පවතිනා නිවාස ණයෙන් අපදා සඳහා කෙතරම් මුදලක් ආපසු ගන්නටව පුලුවන්දැයි විමසුවෙමි. බල්ලා ගේ ගණනට වඩා ඩොලර දෙතුන් සියයක් ආපදාවකදී මට ලබා ගත හැක. මට ඒ ප්‍රමාණවත්ය.
“වැට කඩා වැටුණ ඊයේ රෑ ..” මම බැංකුවට කීවෙමි. වැට කඩා වැටීම අපදාවකි.