පැතූ පැතුමන් පෙරදින ගිනි ගනිද්දී
අනන්තය තෙක් එකිනෙක ගැටෙද්දී
ගල් බොරලු නොව
හිත් පතුලෙන්ම පියුමන් යදිද්දී
සදෙව් කුලයෙන් වැඩියාදෝ නුඹ කිරිල්ලී
නැගුණු සුසුමන් පෙරදින ලය දවද්දී
සිතම ගිරිහිස
නැගෙන හිරුමෙන් එළිය දෙද්දී
නුඹේ උවනේ මදහසින්
මගේ සිත පිරෙද්දී
සසරේ මතුදාත් නුඹ මගේ දැයි
කියපන් කිරිල්ලී
ඉරි තැලුණු පොළවකට
පොදවැසි ඇද හැලෙද්දී
අමාවක පරදා නැවුම් සඳ
නුඹ අරක් ගද්දී
වසන්තය ලග යලිත් මල් පිපෙද්දී
මගේ විජිතෙන් නොයනු මැන ඉගිල්ලී