සිහින සිතිවිලි

Alochana-poems

අසීමිතයි ඔය සෙනෙහස
දැහැන්ගතව එය විදින්න
නුඹ මට භාවනාවක් ය
ජීවිතයට සතුට ගෙනෙන. ..

දයාබරව අමතන විට
නිවෙනවා දුක්ගිනි සියල්ල
ජිවත්වෙන ඩිංගට ඇති
දැහැන්ගතව මෙත් වඩන්න..

සමාධිගත හිත් දැහැනින්
වෙහෙස ටිකක් නිවා ගන්න
කරුණාගුණ නැණ ඔය හිත
දෙනවද මට නතර වෙන්න..

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත