
කලිසමටම පණ දෙන්න හදන්නේ
අපේ මුත්තලාගේ වයසේ දිග කලිසම් හැඳ පිරිමියෙක් සිටියේ කලාතුරකිනි. දිග කලිසම අඳිනවා නම් ඉංග්‍රීසි පුලුවන් විය යුතු යැයි මතයක් වූ අතර දිග කලිසම් නඩුකාරයන්ගේ සංකේතය විය.
“අයියෝ දෙයියනේ, මගේ බුදු සාමිනේ
ගැහැණුන් හට මොකද මේ වුණේ
රෙදි සරම්වලට ආස නැති වුණේ
කලිසමටම පණ දෙන්න හදන්නේ”
යැයි සරම් කාරයන් ලතෝනි දෙන තරමට සරම, ජාතික ඇඳුම යට ගොස් කලිසම මතු වුණේය. පිරිමි පමණක් නොව කුඹුරේ සිටින පඹයාද ඇන්දේ කලිසමයි!





