සමරසිංහ ගුණසේකර

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest
තීරු ලිපි
සමරසිංහ ගුණසේකර

මහත්තයා බග්ගියා

බග්ගි සමග හරකුන්ට ලාඩම් ගහන, බග්ගි හදන, බග්ගි අලුත්වැඩියා කරන, හරකුන් හංවඩු ගහන තැනද අපමණ තිබුණේය. හරක් වෙද්දුද සිටියෝය. අපේ වත්තට අල්ලපු දානේ වත්තේ පදිංචි වී සිටි කලු අප්පු පොඩි පුතා චිත්‍රපටියේ ප්‍රධාන නලුවා කොළඹ කෝච්චියෙන් බසින විට “එන්න මහත්තයා බග්ගිය” කියා එක දවසෙන් චිත්‍රපටි නලුවෙක් වුණේය. අපි බ්‍රොඞ්වේ තියටරයට ගොස් විමලවීර මාස්ටර්ගේ පොඩි පුතා හතර පස් සැරයක් බැලුවෙමු. ඒ ප්‍රධාන නලුවා වූ ආනන්ද වීරකෝන්ට වඩා අපේ කලු අප්පු රඟපාන නිසයි.

වැඩිදුර කියවන්න »
තීරු ලිපි
සමරසිංහ ගුණසේකර

කලිසමටම පණ දෙන්න හදන්නේ

අපේ මුත්තලාගේ වයසේ දිග කලිසම් හැඳ පිරිමියෙක් සිටියේ කලාතුරකිනි. දිග කලිසම අඳිනවා නම් ඉංග්‍රීසි පුලුවන් විය යුතු යැයි මතයක් වූ අතර දිග කලිසම් නඩුකාරයන්ගේ සංකේතය විය.

“අයියෝ දෙයියනේ, මගේ බුදු සාමිනේ
ගැහැණුන් හට මොකද මේ වුණේ
රෙදි සරම්වලට ආස නැති වුණේ
කලිසමටම පණ දෙන්න හදන්නේ”

යැයි සරම් කාරයන් ලතෝනි දෙන තරමට සරම, ජාතික ඇඳුම යට ගොස් කලිසම මතු වුණේය. පිරිමි පමණක් නොව කුඹුරේ සිටින පඹයාද ඇන්දේ කලිසමයි!

වැඩිදුර කියවන්න »
තීරු ලිපි
සමරසිංහ ගුණසේකර

ගමක විපරිනාමය

ගමේ පවුල් අතරෙන් හතරෙන් තුනක් රත්නායක මුදියන්සේලාය. ඉතිරි හතරෙන් එක දිසානායක මුදියන්සේලාය. ගැමි පිරිමි අතර ගනරත් බංඩලා, කලු බංඩලා, සුදු බංඩලා, රතු බංඩලා, නිලමෙලා, හේරත් බංඩලාය. ගමේ ගැහැණු වැඩිදෙනා සුදු මැණිකෙලා, රතු මැණිකෙලා, කලු එතනලා, සුදු එතනලාය.
මගේ මිත්‍රයා ගමේ පාසලේ විදුහල්පතිය. එකම ගුරුවරයාය. ඒ වගේම පාසලේ මුල් ගුරුවරයාය. එය තනි ගුරුවරයාගේ පාසලක් වූ අතර බාලාංශයේ සිට අටවැනි ශ්‍රේණිය දක්වා ළමයින් හැත්තෑවක් පමණ සිප් සතර හැදෑරුවෝය.

අප ලැගුම් ගත්තේ පාසලේ කන්තෝරු කාමරයට යාබද ගබඩා කාමරයේය. පොළ දවසට මම නිදි පැදුරේ හිඳ පාසල සමීප කරත්ත පාරේ යන කරත්ත ගණන් කළෙමි. කෙසෙල්, මඤ්ඤොක්කා, බතල වැනි ගැමියන්ගේ අතිරික්ත භව භෝග පුරවාගත් කරත්ත හත අටක් උදේ පාන්දරම මැදගම පොළට යයි. ගැමියෝද බඩු පුරවා ගත් මලු හිසින් ගෙන උදේ පොළට යති.

සවස ඔවුන් ආපසු එනවිට මලුවල ඇත්තේ තුනපහ, දියලුණු, කරවල වැනි ගමේ නැති කළමනා විතරය. ඉතිරි සියල්ලෙන් ගම ස්වයංපෝෂිතය.

වැඩිදුර කියවන්න »
You-Alochana-Samarasinghe-Gunasekara
තීරු ලිපි
සමරසිංහ ගුණසේකර

ඔහේලා, තමුසෙලා හා ඔයාලා

“….ඉංග‍්‍රීසි බසින් මහරජුටත්, මහරැජණටත්, ඇමතිටත්, ගෙදරක මෙහෙකරුවාටත්, යාලුවාටත්, හතුරාටත්, බිරිඳටත්, දරුවාටත් අමතන පදය You ය. සිංහලෙන් තැන නොතැන අනුව මේ පදය වෙනස් වේ. අපේ ගම් පළාත මාතරය, මාතර මිනිස්සු You වෙනුවට ඔහේ යැයි කියති.
මාතර ඔහේලාට පේන්න බැරි වහකදුරු වගේ වචනයක් තිබේ. ඒ තමුසේය. තමුසේ කියන්නේ පාච්චලේට බව මාතර මිනිස්සු දනිති. ගරු කටයුතු අයට තමුන්නාන්සේ, තමුන්නැහේ කියා අනිත් අයට තමුසේ කියනවිට මොකක්දෝ නුහුරු ගතියක් අපට දැනේ….”

වැඩිදුර කියවන්න »
තීරු ලිපි
සමරසිංහ ගුණසේකර

බස දන්නෝ රස හඳුනති

“…….අඹ ගැට කාලයේදී ඇඹුල් රසය. ඉදුණාම පැණි රසය. කුණු වුණොත් කුණු රසය. සමහර මාලු පිළී රසය. මාලු පිහිනන මහ මුහුද ලුණු රසය. සමහර ළිංවල වතුර කිවුල් රසය. මේ විදිහට දිවට දැනෙන රස නානාප‍්‍රකාරය. හිනි රස, දුම් රස, ජරා රස, තෙල් රස, මුඩු රස, මිරිජ්ජ රස, කරෝල රස ලෙස නොයෙකුත් රසවල් දිවට දැනේ. දිවට නොදැනෙන තවත් අමුතු රසවල්ද තිබේ. පෙම් රස එවැනි රසකි…..”

වැඩිදුර කියවන්න »
තීරු ලිපි
සමරසිංහ ගුණසේකර

එපිට රටෙන් ආ දෙපිට පිස්කල්

මේ කාලේ අපේ මිනිස්සු එංගලන්තයෙන් ගෙනා ඉංග්‍රීසි නම්ද සිංහල කටටම හුරුවන ලෙස තලාපෙලා සකස් කරගත්තෝය. එංගලන්තයේ ඩේවිඩ්ලා ලංකාවේ දාවිත්ලා වූ අතර ග්‍රෙගරිලා ගිරිගෝරිස්ලා වූහ. එංගලන්තයේ මේරිලා, මාගරට්ලා, මැගිලින්ලා රෙදි හැට්ට අඳින මේරි නෝනලාය. මාගරට් නෝනලාය. මැගිලින් නෝනලාය. ඒ අතර බේබි අක්කලා එලිසබත් හාමිනේලාද සිටියෝය.

වැඩිදුර කියවන්න »
Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest
Ad
වර්ගීකරණය
කර්තෘ
සංරක්‍ෂිත