තීරු ලිපි

තීරු ලිපි
සමරසිංහ ගුණසේකර

කලිසමටම පණ දෙන්න හදන්නේ

අපේ මුත්තලාගේ වයසේ දිග කලිසම් හැඳ පිරිමියෙක් සිටියේ කලාතුරකිනි. දිග කලිසම අඳිනවා නම් ඉංග්‍රීසි පුලුවන් විය යුතු යැයි මතයක් වූ අතර දිග කලිසම් නඩුකාරයන්ගේ සංකේතය විය.

“අයියෝ දෙයියනේ, මගේ බුදු සාමිනේ
ගැහැණුන් හට මොකද මේ වුණේ
රෙදි සරම්වලට ආස නැති වුණේ
කලිසමටම පණ දෙන්න හදන්නේ”

යැයි සරම් කාරයන් ලතෝනි දෙන තරමට සරම, ජාතික ඇඳුම යට ගොස් කලිසම මතු වුණේය. පිරිමි පමණක් නොව කුඹුරේ සිටින පඹයාද ඇන්දේ කලිසමයි!

වැඩිදුර කියවන්න »
ආ ගිය කතා
තුසිත් රවීන්ද්‍ර අබේනායක

අන්තිම දඩයම

දඩයම් ඉංජිනේරු ක්‍රියාන්විතය ඇරඹුණේ එවෙලේය. ඔහු වැටුණු ගස් කඳට ආනතව ඉන් අඩි දහයක් පමණ ඇතින් ඔහුගේ තුවක්කුව අටවයි. “මේ අඩි වල හැටියට ඌරා මෙච්චර විතර උස වෙන්න ඕන. අත්ත යටින් යනකොට හොම්බ මෙතන නම් කන මේ හරියේ වෙන්න ඕන. ටිකක් පහළින් අඩියක් විතර ඈතින් රත් කිහිල්ල. (රත් කිහිල්ල යනු ඉදිරියෙන් එන උණ්ඩයක් ඉදිරිපස වම් උරහිස මගහැර කිහිල්ල හරහා හදවතට ඇතුළු විය හැකි පෙදෙසයි.) සතා තුවක්කුව ළඟ වැටෙනවා…. බලන්නකෝ මං කියන දේ…” මම නිහඬව අස සිටියෙමි. ඔහු හීන් සීරුවේ මරුවැල ඇටවීය.

වැඩිදුර කියවන්න »
තීරු ලිපි
දේශාන් කරුණාරත්න

අනාගත යථාර්ථයන් ජය ගැනීම සඳහා දැනුම හඹා යා යුත්තේ ඇයි ?

කෘත්‍රිම බුද්ධිය (Artificial intelligence / AI) හා ඒ ආශ්‍රිත යෙදවීම් වල ඇතිවන දියුණුවත් සමඟ අනාගතයේ දී පහළ මට්ටම් වල සුදු කර පටි රැකියා සඳහා ඇති ඉල්ලුම අඩු වනු ඇති අතර. බොහොමයක් කාර්යාල කටයුතු ස්වයංයාමන (Autonomous) පද්ධති මගින් පාලනය වනු ඇති
කෘත්‍රිම බුද්ධිය (Artificial intelligence / AI) හා ඒ ආශ්‍රිත යෙදවීම් වල ඇතිවන දියුණුවත් සමඟ අනාගතයේ දී බොහොමයක් කාර්යාල කටයුතු ස්වයංයාමන (Autonomous) පද්ධති මගින් පාලනයවීමට නියමිතයි. අනාගතයේ සාම්ප්‍රදායික රැකියා සඳහා අවස්ථා අඩු වුවද නිර්මාණාත්මක කටයුතු වල යෙදෙන නිර්මාණකරුවන් හට ඇති ඉල්ලුම එලෙසම පවතිනු ඇති….

වැඩිදුර කියවන්න »
Anchor-alochana-column
තීරු ලිපි
හෙන්රි වර්ණකුලසූරිය

මධ්‍යම රාත්‍රියේ ගැඹුරු මුහුදේ මෙහෙයුමක්

මුහුදු පුහුණුවේ සතියක් හමාරක් ගත වෙද්දී මා කෙමෙන් කෙමෙන් මුහුදු ජීවිතයට හුරු වෙන්න පටන් ගත්තා. එය ඒකාකාරී ජීවන රටාවක් වුවත් අහම්බෙන් සිදු වෙන සුළු සිදුවීම්

වැඩිදුර කියවන්න »
ඡායාරූපකරණය
ඉන්ද්‍රනාථ තේනුවර

අතීත සටහන් අතර මග හැරුණු මිනිස්සු

කැම්පිනස් හි පදිංචි වූ විගසම, හර්කියුලිස් ෆ්ලෝරන්ස් නව නිපැයුම්කරුවෙකු සහ ව්‍යාපාරිකයෙකු ලෙස හොඳ වෘත්තියක් ආරම්භ කළේය. ලැන්ග්ස්ඩෝෆ් ගවේෂණයේදී ඔහු කුරුල්ලන්ගේ ගීත සහ වෙනත් සතුන්ගේ හඬ පටිගත කිරීම සඳහා සංගීත අංකනය භාවිතා කිරීමේ නව ක්‍රමයක් සකස් කර ඇති අතර එයට ඔහු “සූෆෝනියා (zoophonia) ” යන නම තැබීය. 1830 දී, ඔහු ලැන්ග්ස්ඩෝෆ් ගවේෂණයේදී සිදු කරන ලද නිදර්ශන 200 කට වඩා මුද්‍රණය කිරීමේ සරල ක්‍රමයක් සොයමින් සිටියදී, ලී සහ ලෝහ (සයිලෝග්‍රැෆි සහ ලිතෝග්‍රැෆි) මත මිල අධික හා කාලය වැය කරන කැටයම් භාවිතා කිරීම හැරුණු විට ඔහු නව ක්‍රියාවලියක් නිර්මාණය කළේය. ඔහු “පොලිග්‍රැෆියා” ලෙස නම් කළ එය මයිමොග්‍රැෆි වලට සමාන වන අතර, මෙය ඔහුගේ මුද්‍රණ කාර්යාලයේ වාණිජමය වශයෙන් භාවිතා කිරීමට පටන් ගත්තේය. ඔහුගේ තාක්‍ෂණය පරිණාමය වන විට, වර්ණ සංයෝජනය කිරීමටත්, ගණනය කළ නොහැකි තරම් වූ බැංකු නෝට්ටු නිෂ්පාදනය කිරීමටත් ඔහුට හැකි විය.

වැඩිදුර කියවන්න »
කට කහනවට
සියාතු

වෙද්දු

සමහර වෙද්දුන්ට කිව්වේ ඕකා නම් රටේ වෙදා කියාය. රටේ වෙද්දු අතර පාරම්පරික වෙද්දු, ආයුර්වේද වෙද්දු පමණක් නොව ඩිස්පැන්සරි එකේ සිටි බටහිර බෙහෙත් කරන වෙද්දුද වූහ. ඔය ටවුමෙ ඉන්න වෙදා ඉස්පිරිතාලෙ බෙහෙත් කලවම් කරපු හාදයා කියා තාත්තා කියනවා මට මතකය. හැබැයි ඒ වෙද්දුන් ගෙන්ද මිනිස්සු බේත් ගත්හ.

සර්ප වෙද්දු, හරක් වෙද්දු, හන්දි වෙද්දු, කැඩුම් බිඳුම් වෙද්දු, සර්වාංග වෙද්දු යනාදී වශයෙන් වෙද්දු නම් බොහෝය. මව් එළදෙනගෙන් වැඩියෙන් කිරි බිව් වසු පැටවාගේ අංග ජාතයට පණුවන් ගැසූ පසු හරක් වෙදා පැමිණ කළේ වසු පැටවා බිම පෙරළාගෙන ගල්පොයියක් උඩ අංගජාතය තබා පොල්කට්ටකින් තැලීමය. එවිට කිරිපාට පණුවන් හතර අතේ විසිරුණා මට මතකය.

වැඩිදුර කියවන්න »
Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත