March 22, 2021

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest
table with ipad teacup newspaper spectacles
තීරු ලිපි
දිනිල් අබේගුණවර්ධන

ඒ කාලෙ පත්තර සහ මේ කාලෙ පත්තර

අලවත්තාගොඩ ප්‍රේමදාස කියල මහත්තයෙකුයි නලින් ද සිල්වා කියලා මහත්තයෙකුයි හරි හරියට රණ්ඩු වෙනවා. සුචරිත ගම්ලත් කියලා මහත්තයෙක් එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයත් එක්ක ඔට්ටු වෙනවා.
සරච්චන්ද්‍ර මහත්තයා ගැන නම් අපි ඉස්කෝලෙදි අහල තිබුණා!
පියසීලි විජේගුණසිංහ කියලා නෝනා කෙනෙකුත් අතර මැද්දෙන් පැනලා මේ වලි වලට සෙට් වෙනවත් මතකයි.

පස්සෙ කාලෙක හැරිලා බලනකොට තමයි තේරෙන්න ගත්තේ මිනිස්සුන්ට ගහන්නේ නැතුව අදහස් මත වාද වලට ගැටෙන්න පුළුවන් කියලා.

වැඩිදුර කියවන්න »
දැක්ම
සංස්කාරක

පන බේරාගෙන මහ පාරේ යාම

වසරක් තුළ අනතුරු නිසා සිදුවන මිය යෑම් සහ අබාධිත වීම් නිසා සිදුවන අනාථ වීම්, සෞඛ්‍යයට, ආර්ථිකයට සහ සමාජයට පැටවෙන්නාවූ බර, අන් සියලු ආකාර වලින් සිදුවෙන්නා වූ හානි වලට සහ පැටවෙන්නා වූ බරට වඩා වැඩි බව සංඛ්‍යා ලේඛන ඉතා පැහැදිලිව පෙන්වා දෙයි.

මේ සඳහා පිළිතුරු අපම සෙවිය යුතුය. උදෑසන වැඩට ගිය පවුලේ බත සරි කරන්නා වූ මව, පියා, සහෝදරයා, සහෝදරිය,රට බාර ගැනීම සඳහා අධ්‍යාපනය ලැබීමට ගිය පුතා හෝ දුව රැකගැනීම අප සැම දෙනාගේම වගකීමකි.

වැඩිදුර කියවන්න »
Anchor-alochana-column
තීරු ලිපි
හෙන්රි වර්ණකුලසූරිය

බෑ කියලා බෑ… CO ගෙ ඕඩර්ස්…

රේඩාර් තිරයෙන් දකින කුඩා ආලෝක පුංජ දෙස ඇස ගසාගෙන සිට ඒවා නිසල වස්තූන්ද, මාළු බෝට්ටුද, හොරබඩු වල්ලම්ද, කොටි ප්‍රහාරක යාත්‍රාද යන්න අනුමාන කිරීමට විශේෂඥ දැනුමක් අවශ්‍ය වුණා. මට ඒ දැනුම ලබා ගන්නට කෙටි කාලයක් ගත වුණත් නැවේ කපිතාන් ලෙස කටයුතු කළ කොමාන්ඩර් රසීක් මෙන්ම විධායක නිලධාරී ලෙස කටයුතු කළ ලුතිනන් කොමාන්ඩර් ජයනාත් කොළඹගේ මට ඒ සඳහා අවකාශ ලබා දුන්නේ එන්ජින් කාමරයේ වැඩමුර නැති අවස්ථාවල පාලක මැදිරියට ගෙන්වාගෙන රේඩාර් යන්ත්‍රය නිරීක්ෂණය කිරීමේ රාජකාරිය බාර දීමෙනුයි.

වැඩිදුර කියවන්න »
the-dhamma-exploration-of-siduhath-bodhisatta
තීරු ලිපි
කරුණාරත්න පීරිස්

සිදුහත් බෝසතුන්ගේ ධර්ම ගවේශණය (තෙවන කොටස)

පසුගිය කලාපයෙන් සිදුහත් තවුසාණෝ සත්‍යාවබෝධය උදෙසා දුෂ්කර ක්‍රියා මඟට පිළිපන් අයුරු සඳහන් කළබව සිහිපත් කර ගනිමු. එහිදී පස්වග මහණුන් මුණගැසුන අයුරුද සාකච්ඡා කළෙමු.  පස්වග මහණුන්

වැඩිදුර කියවන්න »
තීරු ලිපි
දිනිති නවරත්න

ඈත යන කවි

හිමොග්ලොබින් අඩුයි කියලා රිපෝට් එකේ තිබුණම ‘හොඳට කන්න ඕන’ කියන දොස්තර මහත්තුරු නෝනල කී දෙනෙක් මේ ළමයි බෝඩින් කාමරේ ගත කරන ජීවිත ගැන දන්නවා ඇතිද? කලාපෙ ලඟම බිහිවෙලා තියෙන අළුත් ටවුන් වල ඇඳුම්, කෑම කඩ වලට වැඩිය තියෙන්නෙ රත්තරන් බඩු හා උකස් සාප්පු. තරුණියො සල්ලියක් එකතු උණාම ගන්නෙ රත්තරන් බඩු. ඊට පස්සෙ පවුල් වල දාන, මගුල්, ලෙඩදුක්, අවමගුල් වලට ඒවා උගස් තියනවා. ආයි බේර ගන්නවා. විද්‍යාත්මක ඇහැකින් බලනකොට නිෂ්ඵල දේවල් හැටියට සැලකෙන, ඒත් අපේ රටේ කෘතඥ භාවයේ මහාර්ඝ සංකේත හැටියට සලකන විටමින් අරන් දෙමාපියන්ට අරිනවා.

වැඩිදුර කියවන්න »
වීඩියෝ
වීඩියෝ නිෂ්පාදන කණ්ඩායම

“ගයා” නග්න ඡායාරූප ප්‍රදර්ශනය ගැන සංජය විතාන සමඟ පිළිසඳර

දශක ගණනාවකට පසු අප රටේ ප්‍රදර්ශනය කිරීමට යෙදුන නග්න ඡායාරූප ප්‍රදර්ශනයක් පිළිබඳ ඡායාරූපශිල්පී සංජය විතාන සමඟ ⁣සිදු කරන පිළිසඳර. “ගයා” නග්න ඡායාරූප ප්‍රදර්ශනය පැවැත්වීම සඳහා

වැඩිදුර කියවන්න »
Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest
Ad
වර්ගීකරණය
කර්තෘ
සංරක්‍ෂිත