January 11, 2021

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest
තීරු ලිපි
සමරසිංහ ගුණසේකර

මහත්තයා බග්ගියා

බග්ගි සමග හරකුන්ට ලාඩම් ගහන, බග්ගි හදන, බග්ගි අලුත්වැඩියා කරන, හරකුන් හංවඩු ගහන තැනද අපමණ තිබුණේය. හරක් වෙද්දුද සිටියෝය. අපේ වත්තට අල්ලපු දානේ වත්තේ පදිංචි වී සිටි කලු අප්පු පොඩි පුතා චිත්‍රපටියේ ප්‍රධාන නලුවා කොළඹ කෝච්චියෙන් බසින විට “එන්න මහත්තයා බග්ගිය” කියා එක දවසෙන් චිත්‍රපටි නලුවෙක් වුණේය. අපි බ්‍රොඞ්වේ තියටරයට ගොස් විමලවීර මාස්ටර්ගේ පොඩි පුතා හතර පස් සැරයක් බැලුවෙමු. ඒ ප්‍රධාන නලුවා වූ ආනන්ද වීරකෝන්ට වඩා අපේ කලු අප්පු රඟපාන නිසයි.

වැඩිදුර කියවන්න »
Anchor-alochana-column
තීරු ලිපි
හෙන්රි වර්ණකුලසූරිය

ආවේක්ෂණ කලාපයේ “හොර බඩු” වල්ලම

අප අසලින් කිසියම් යාත්‍රාවක් ඇදී යනු නිරීක්ෂණය කරනු ලැබුවේ එවන් අවස්ථාවකයි. අපට අණ ලැබුණේ එකවරම flare එකක් දල්වා කුඩා යාත්‍රාව කවරක් දැයි නිශ්චය කරගෙන ඊට අනතුරු සංඥා කරමින් ළඟා වන ලෙසයි.

පරිසරය ඒකාලෝක කරමින් විහිදුණු ආලෝක ධාරාවෙන් අප දුටුවේ වල්ලම් යාත්‍රාවක් අප පසුකොට වේගයෙන් ඉවතට ඇදෙන්නට උත්සාහ කරන බවයි. එහි පුද්ගලයින් සිව් දෙනෙකු සිටිනු නිරීක්ෂණය කළ හැකි වුණා. ඔවුන් අත පෙනෙන්නට ආයුධ නොතිබූ නමුදු උපක්‍රමශීලී ලෙස ආයුධ සඟවා ගෙන සිටින ත්‍රස්තවාදීන්ද නැතහොත් ඉන්දියාවේ සිට contraband නොහොත් නීති විරෝධී ලෙස භාණ්ඩ ප්‍රවාහනය කරන සංවිධානාත්මක මුහුදු සොරුන් දැයි අපට එකවර නිශ්චය කර ගැනීමට හැකි වූයේ නෑ.

වැඩිදුර කියවන්න »
කට කහනවට
සියාතු

මළ මිනී විකුණන්නෝ බොහෝ වෙත්

මේ සියල්ල උඩුයටිකුරු කළේ කොරෝනාය. කොරෝනා හැදී මියයන පුද්ගලයන්ගේ මළසිරුරු කිසිසේත්ම භූමදානය කළ නොහැකි බව ආණ්ඩුව ප්‍රකාශයට පත් කළේද, ඒ තීන්දුව ඉතා දැඩි ආකාරයෙන් ක්‍රියාත්මක කළේද ඒ පිළිබඳ විශේෂඥයන්ගේ උපදෙස් පරිදිය.
ඒකට කිව්වේ විද්‍යාත්මක ක්‍රමවේදය කියාය.
හුටා…. ඒ මගින් ආගමික විශ්වාසයන්ට කෙලවුණේය. පොළවේ පසෙන් උපන් එකා පොළවට පස් විය යුතුය,

වැඩිදුර කියවන්න »
පුනරුද භාෂණ
වීඩියෝ නිෂ්පාදන කණ්ඩායම

පුනරුද භාෂණ – එකොළොස්වන දිගහැරුම – ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන

ලෝකය යහපත් ලෙස වෙනස් කිරීම සඳහා පිටුබලය දෙන්නාවූ, පිටිවහලක් වන්නාවූ, ඇත්ත වශයෙන් ඊට සහභාගි වන්නාවූ, ඊට නායකත්වය දෙන්නාවූ කතෘකයා පිළිබඳ කාරණය ගැඹුරින් සාකච්ඡා කරන ආචාර්ය

වැඩිදුර කියවන්න »
විශේෂාංග
කරුණාරත්න පීරිස්

ලක්දිව ප්‍රාග් බෞද්ධ ඇදහිලි සහ විශ්වාස

මේ බෝධි වන්දනාව සාධාරණීකරනය කිරීම සඳහා ආනන්ද බෝධි රෝපණයක් ගැන සඳහන් කරති. බුදුන් වහන්සේ ජීවමාන කල වැඳුම් පිදුම් කළා යයි පැවසෙන ඒ ආනන්ද බෝධිය ගැන සූත්‍රපිටකයේ කොතැනකවත් සඳහන්ව නැත. එය මුල්වරට සඳහන් වන්නේ මෙරට කාලිංග බෝධි ජාතක ගාථා වලත් නොව ඊටත් පසු කලක මෙරට දී ලියන ලද කාලිංග බෝධි අට්ඨ කතාවේ බව මෙහිදී සිහිපත් කළ යුතුය. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්ව පන් සාලිස් වසක්ම ධර්මය දේශනා කළත් කිසිම අවස්ථාවක තමන් බුද්ධත්වයට පත් වූ වෘක්ෂ මූලයක් ගැන සඳහන් කර නොමැත. බෝධි වෘක්ෂය වන්දනා මාන කිරීම ඇරඹුණේ ක්‍රි.පූ. 3වන සියවසේ දී ඉන්දියාවේ අශෝක අධිරජුගේ සමයේ දී බව ශාසන ඉතිහාසයෙන් පැහැදිලි වේ.

වැඩිදුර කියවන්න »
ඡායාරූපකරණය
ඉන්ද්‍රනාථ තේනුවර

ඡායාරූපකරණය බිහිවීම

ඡායාරූපශිල්පය Photography නාමික ව ලොව භාවිතයට එන්නටත් පෙර, 1825 දී නිසෙෆෝර් නියප්සේ විසින් නිර්මාණය කරන ලද පැරණි ම ඡායාරූප කෞතුක වස්තු තුනෙන් එකකි, කඩදාසියක් මතතීන්තෙන් මුද්‍රණයක් සිදු කිරීම. එය මුද්‍රණය කිරීමට භාවිතා කරන මුද්‍රණ තහඩුව ඡායාරූපමය වශයෙන් නිර්මාණය කරන ලද්දේ නීප්සෙගේ හීලියෝග්‍රැෆි ක්‍රියාවලියෙනි. එය 17 වන සියවසේ ෆ්ලෙමිෂ් කැටයමක් ප්‍රතිනිෂ්පාදනය කරන්නට ද සමත් විය.

වැඩිදුර කියවන්න »
Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest
Ad
වර්ගීකරණය
කර්තෘ
සංරක්‍ෂිත