
මහත්තයා බග්ගියා
බග්ගි සමග හරකුන්ට ලාඩම් ගහන, බග්ගි හදන, බග්ගි අලුත්වැඩියා කරන, හරකුන් හංවඩු ගහන තැනද අපමණ තිබුණේය. හරක් වෙද්දුද සිටියෝය. අපේ වත්තට අල්ලපු දානේ වත්තේ පදිංචි වී සිටි කලු අප්පු පොඩි පුතා චිත්‍රපටියේ ප්‍රධාන නලුවා කොළඹ කෝච්චියෙන් බසින විට “එන්න මහත්තයා බග්ගිය” කියා එක දවසෙන් චිත්‍රපටි නලුවෙක් වුණේය. අපි බ්‍රොඞ්වේ තියටරයට ගොස් විමලවීර මාස්ටර්ගේ පොඩි පුතා හතර පස් සැරයක් බැලුවෙමු. ඒ ප්‍රධාන නලුවා වූ ආනන්ද වීරකෝන්ට වඩා අපේ කලු අප්පු රඟපාන නිසයි.




