

අන්තිම දඩයම
දඩයම් ඉංජිනේරු ක්‍රියාන්විතය ඇරඹුණේ එවෙලේය. ඔහු වැටුණු ගස් කඳට ආනතව ඉන් අඩි දහයක් පමණ ඇතින් ඔහුගේ තුවක්කුව අටවයි. “මේ අඩි වල හැටියට ඌරා මෙච්චර විතර උස වෙන්න ඕන. අත්ත යටින් යනකොට හොම්බ මෙතන නම් කන මේ හරියේ වෙන්න ඕන. ටිකක් පහළින් අඩියක් විතර ඈතින් රත් කිහිල්ල. (රත් කිහිල්ල යනු ඉදිරියෙන් එන උණ්ඩයක් ඉදිරිපස වම් උරහිස මගහැර කිහිල්ල හරහා හදවතට ඇතුළු විය හැකි පෙදෙසයි.) සතා තුවක්කුව ළඟ වැටෙනවා…. බලන්නකෝ මං කියන දේ…” මම නිහඬව අස සිටියෙමි. ඔහු හීන් සීරුවේ මරුවැල ඇටවීය.