තමන් යතුරු ලියනයට බාරගත් නවකතාවක් පොතේ නම වෙනස් කොට තමන්ගේ නමින් ප්‍රකාශකයෙකු ලවා එළිදක්වා වංචා කිරීමට අධිකරණයෙන් වරදකරුවෙකු වූ ප්‍රසිද්ධ පත්තරකාරයෙකුගේ නම ලේඛනාගාරයේ ලියාපදිංචියෙන් ඉවත් කළේ 60 දශකයේ මුල් භාගයේදී.
කලෙක ගුවන් විදුලි ගීත රචනා බැංකුවට ආධුනිකයින් යැවූ නිර්මාණ ප්‍රවීනයින් තම නමින් ගායකයින් ලවා ගායනා කළ බවට චෝදනා නැගුණා. තරඟ සඳහා හෝ කියවන්නට ලැබුණ චිත්‍රපට තිර රචනා ප්‍රවීනයින් විසින් මංකොල්ල කනු ලැබූ බවටද චෝදනා එල්ල වූ අවස්ථා තිබුණා.
එපමණක් නොවේ තමන්ගේ නවකතාවක් ඇසුරෙන් නිෂ්පාදනය කළ චිත්‍රපටයට වෙනෙකෙකු ලියූ ගීත තමන්ගේ නමින් ලේබල් ගසා ගත් ප්‍රසිද්ධ සිංහල උපකාර පංති ගුරුවරයෙකු ලියූ තිරනාටකයක්ද තවත් උන් සොරකම් කිරීමේ අත්දැකීම් අප කියවා තියෙනවා.
විශිෂ්ට චිත්‍රපටයකට හෙළ කව්, ගී අරණේ දැවැන්තයා ලියූ ගීතයක් තමන්ගේ නමින් ලේබල් ගසා ගත් මහාචාර්ය චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් ගැනද, ජ්‍යෙෂ්ඨ ජන වහර පර්යේෂකයෙකුගේ පර්යේෂණ සොරා ගෙන තමන්ගේ පොත් වලට යොදා ගත් ලේඛක ප්‍රකාශකයෙක්, හෙළ කලා ලොව මුදුන් මල් කඩක් වන් නිර්මාණකරුවන්ගේ පොත් පිටින් හොරෙන් මුද්‍රණය කොට විටෙක උසාවි ගොස් වැරදි කරුවන් වූ බවද, උසාවි නොගිය සොරකම් එසේම ඉතිහාසයේ වැලි තලාවට යට වූ බවද ප්‍රචලිතයි.