දැක්ම

කිරි කල සහ ගොම තලි

ආරම්භයක් ඇති සියල්ලට අවසානයක් ඇත. ලෝක ස්වභාවය එයය.

එකම අයුරකින් ළදරුවන් ලෙස ජීවිතය අරඹන අපි, එකම ලෙස ප්‍රාණය නිරුද්ධ වී මිය යයි. අවසනදී වැදගත් වන්නේ මෙම ආරම්භයේ සිට අවසානය දක්වා අප කළ කී දෑ සහ අපගේ ශිෂ්ටාචාරයට අප විසින් ඉතිරි කර යන දෑය.

ලොව බිහිවන සෑම පුද්ගලයාටම සමාජ ප්‍රගමණයට හා ශිෂ්ටාචාරයට එක ලෙස දායක විය නොහැක නමුත් තම නැණ පමණින්, හැකියාවෙන්, ධනාත්මක යමක් සමාජය⁣⁣ට සහ ලෝකයට ඉතිරි කර යන්නෝ මෙම සමාජ සහ ශිෂ්ටාචාර ප්‍රගමනයට දායක වන්නවුන්ය.

ඔබ මහා ප්‍රාඥයෙකුද, දාර්ශනිකයකුද, කලාකරුවකුද, නැතිනම් මානව දායාවෙන් යුතු සරල අහිංසක මිනිසකුද යන්න වැදගත් නැත. නැණ පමණින් සහ හැකි පමණින් දායක වීම ප්‍රමාණවත්ය.

නමුත් අප සියල්ලෝම මතක තබාගත යුතු කාරණයක් ඇත. ජීවිත කාලයක් මුළුල්ලේ තම නැණ පමණින්, හැකි පමණින්, මහා ප්‍රාඥයෙකු ලෙස, විද්වතකු ලෙස හෝ සරල අහිංසක මිනිසකු ලෙස අප සමාජයට එක්කළ දෑ අපගේ එක් නුණුවන, මුග්ධ, අවස්ථාවාදී, බඩගෝස්තරවාදී සහ මානව දායාවෙන් තොර තීරණයකින් හානියට පැමිණිය හැකිය.

කිරි කල කරත්ත ගණනින් දොවා ඇත්නම්, එයට ගොම බින්දුවක් හෝ නොදමා නික්ම යාම අගනේය.

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත