දැක්ම

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

දිශාව සහ වේගය

අපි කවුරුත් ගමනක් ආරම්භ කර ඇත්තෙමු.

මේ ආරම්භයට අත තැබූ නිසා අපි එහි අවසානයට ළඟා විය යුතුය. ගමන යනු එයයි.

අපි කී දෙනෙක් අපි විසින් ගමන් කළ යුතු නිවැරදි දිශාව කුමක්දැයි තීරණය කර සිටී ද? එය අපටම භාර කටයුත්තකි.

අපි සැවොම තමන්ට ආවේණික වෘත්තියමය තත්වයක් පිරිපහදු කර ගත් කිසියම් වෘත්තියක නිරත වන්නෝ වෙමු. මේ ගමනේදී අනිවාර්යයෙන්ම පරිස්සම් කර ගත යුත්තේ තම වෘත්තීයභාවයයි.

පළමුව තමන්ට උරුම සහ නියමවූ වගකීමට ප්‍රමුඛත්වය ලබා දිය යුතුය. ගෘහ නිර්මාණ ශිල්පියා තම විෂයයත්, උයන්පල්ලා තම විෂයයත්, ඉංජිනේරුවා තමන්ට නියම විෂයයත්, රථාචාරියා තමන්ට නියමිත විෂයයත් ආදී වශයෙන් සෑම අයෙකුම තමන්ට පැවරුණු වෘත්තීය වගකීම නිසි ලෙස දරා සිටින්නේ නම්, අපේ ගමන විධිමත්ව සහ විද්‍යාත්මකව නිමා කෙරෙණු ඇත.

අපේ මනස තුළ විශ්වයේ නියම නිවැරදි සිතියමක් සනිටුහන් කරගෙන, එහි උදව්වෙන් අපගේ ගමනාන්තය කරා ළඟාවීමට නම් විෂයයේ නිපුණතාවය මෙන්ම වෘත්තීයභාවය ගරු කටයුතුව ආරක්ෂා කර ගත යුතු වෙයි. තමන්ට උරුම නොවෙන අනෙකුත් අවශේෂ විෂයයන් කරා පා තබන්නට පෙර තම විෂයය වෙනුවෙන් තම වගකීම නිසි ලෙස ඉටු කර ඇත්දැයි සිතා බැලීම වැදගත්ය.

අනෙක් වෘත්තියකට සමගාමීව මාධ්‍යවේදී වෘත්තිකයන්ගේ වගකීමද ඒවාට සමාන තත්වයකම පවතී. ඔහු හෝ ඇය ඉතිහාසීය දැනුම අනුව, පළපුරුද්ද අනුව සහ ලබාගත් තොරතුරු අනුව විද්‍යාත්මක ලෙස තම ගමනේ ඉදිරිය සැලසුම් කර ගත යුතුවේ.

මේ සියලු කරුණු කාරණා ඔස්සේ වෘත්තිකයා නිවැරදි ලෙස තම ගමනේ දිශාව නිර්ණය කරයි. මාලිමාවක් අත දැරු දේශ ගවේෂකයෙකු මෙන් ඔහුද, ඒ තොරතුරු වලට සාපේක්ෂව ගමනේ වේගය තීරණය කරනු ඇත. එය විශේෂණ පද ඉවත් කරමින් ද, ක්‍රියා පද වල ස්ථාන මාරු කරමින්ද, ව්‍යක්ත ලේඛකයෙකු විසින් සකස් කරන පිවිතුරු ලේඛනයක් බඳු ය.

අප ලබාගන්නා දැනුම, ඇත්තටම දැනුමක් බවට පත් වන්නේ, අවශ්‍යම මොහොතෙහි එය තම සහායකයා ලෙස සේවයට යොදවා ගන්නා ක්‍රම වේදය කුමක්ද යන්න තීරණය කිරීමේ ශක්‍යතාවය මතයි.

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත