සයිබර් අවකාශය යනු යථාර්ථයෙන් වියුක්ත, දරුවන්ට අධීක්ෂණයකින් තොරව භාවිතා කිරීමට නුසුදුසු, විපරීත අඩවියක්ය යන්න බහුතර දෙමාපියන් සහ වැඩිහිටියන් තුළ මුල් බැස ඇති අදහසක් බව පෙනෙන්නට ඇත.
විටෙක අප බිය වද්දන සයිබර් අවකාශය එක්තරා ආකාරයක මනෝ මූල සිතිවිල්ලකි, සැබවින්ම එහි අඩංගු වන්නේ තාක්ෂණික විධික්රම මගින් ආඳන ලද පරිගණක ජාලයක ඇති දත්ත සහ තොරතුරුය.
එම තොරතුරු එක් අතකින් සමාජයට අතිශයින් වැඩදායක දැනුම වියහැකි අතර අනෙක් අතින් සමාජයට හානිකර දේ වියහැකිය.
මෙම දත්ත සහ තොරතුරු සයිබර් අවකාශයට ඕපපාතිකව පහළ වන්නේ නැත. සයිබර් අවකාශයෙහි ඇති හොඳ මෙන්ම නොහොඳද කවුරුන් හෝ ඒ මත පිහිටුවන ලද තොරතුරුය.
සයිබර් අවකාශය යනු අප ජීවත් වන සමාජයේ සැබෑ මනෝභාවයන් අපට පෙන්වා දෙන හොඳම කැඩපතය. මිනිසුන් සැබෑ ජීවිතයේ නොකරන හෝ නොසිතන දෑ සයිබර් අවකාශයේ කිරීමට හෝ සිතීමට පෙළඹෙන්නේ නැත.
සයිබර් අවකාශයෙහි සැබෑ වියතා, අප අතර සැරිසරන සැබෑ වියෙතෙකි. සයිබර් අවකාශයෙහි වියතෙකු ලෙස පෙනී සිටිමින් බහුතර අහිංසකයින් මුලා කරන්නා අප අතරම සැරිසරන ලාබ ජේත්තුකාරයෙකි. සයිබර් අවකාශයේ කාමාතුරයා සයිබර් අවකාශයට ඉන්ද්රජාලිකව පහළ වූවෙකු නොවේ, ඔහු සැබෑ ජීවිතයේදීද කාමතුරයෙකි.
අගතීන් දුරලමින් මෙම විශ්වීය ජාලය පොහොසත් කළ හැක්කේ සමාජ ප්රගමණය අපේක්ෂා කරන්නාවූ වියතුන්ගේ සහ හොඳ මිනිසුන්ගේ ආගමනයෙන්ම පමණි.
ඒ සඳහා අප සමග එක්වන ලෙස අපි ඔබට ඉත සිතින් ආරාධනා කරමු!