October 26, 2020

විශේෂාංග
දේශාන් කරුණාරත්න

i – අකුරේ විප්ලවය සහ අපි

නව ලොව තාක්ෂණ දැනුම මොහොතින් මොහොත යාවත්කාලීන වෙනවා. විටෙක එය අපේ අතට අසුකරගන්න නොහැකි තරම් වේගයකින් වෙනස් වෙනවා. මේ දැනුම අසීමිතයි.
මේ අසීමිත දැනුම් සම්භාරයෙන් බිඳක් “ආලෝචනා” පාඨකයින් වෙත ගෙන එන ලිපි මාලාවක ආරම්භයයි මේ.
මේ පළමු ලිපියට පාදක වන්නේ ජංගම දුරකථනයේ ව්‍යප්තියත් සමඟ අන්තරජාල භාවිතයේ වූ විප්ලවීය වර්ධනය සහ ඒ්ය ලෝකය පුරා සමාජ ආර්ථික ක්‍රියාවලිය වෙනස් කිරීමට දායක වූ ආකාරයයි. ලෝකය පුරාම අනාගත පරපුර තාක්ෂණය හා කරට කර ගමන් කර හැකි සුහුරු පරපුරක් බවට පත් කිරීමට වැයම් කරද්දී අපි අපගේ හෙට පරපුර තාක්ශණයෙන් බැහැර කිරීමට උත්සාහ කිරීම කේදනීය තත්වයක්.

වැඩිදුර කියවන්න »
Alochana-Che-Punaragamanaya
කෙටි කතා
වසන්ත කේ. ලක්ෂ්මන්

පුනරාගමනය

උත්සව සංවිධායකයින් හොදටම කලබල වුණා.අවුරුද්දකට සැරයක් මේ ‘මැහෝගනී’ ගහ යට ‘චේ’ අනුස්මරණ උත්සවයක් පැවැත් වුවත් ඔවුන් හිතන්න නැතිව ඇති ‘චේ’ කවදාකවත් සජීවම ඊට සාභාගි වේවි කියල. අනිත් එක මේ ‘චේ’ගෙ පනස් වන අනුස්මරණ උත්සවය.

වැඩිදුර කියවන්න »
Alochana-Thusith-Abeynayake-Dirty-Peter
ආ ගිය කතා
තුසිත් රවීන්ද්‍ර අබේනායක

කිළුටු පීටර්

කෙදිනකව වත් නොදුටු ලෙස මම ඔහු දැකීමි. මුහුණ පුරා වැඩුණු අපිළිවෙළ රැවුල නැත. මනා සේ කොට කර කැපු උඩු
රැවුල මේ දැන් අද උදේ කැපූ හැටියකි. පරණ හම ගිය තොප්පියෙන් වැසුණු කිළිටි දිග කෙස් වැටිය වෙනුවට බාබර් කෙනෙකුගේ හොඳ සාත්තුවක් ලැබී ඇතැයි දුටු ගමන් කිව හැකි ලස්සනට කොටට කපා පස්සට පීරූ කොණ්ඩයකි. ඇඳුම් පීටර් කවදාවත් නො ඇඳ සිටි තරමට පවිත්‍රය. සෝදා මදින ලද කලිසමකින්ද කපුවෙන් ගෙතූ ස්වෙටරයකින් ද ඊට උඩින් පැළඳි උණුහුම් කබායකින්ද ඔහු සැරසී සිටී. කිළිටි ගතියක් අහලකවත් නැත. හැබයි පීටර් රෝද පුටුවේය.

“මේ මොකද ?..රෝද පුටුවක? මට ඇසුණේ නිතැතිනි.
“මට මෝටර් නියුරෝන් හැදුණ තුසිත්…දැන් කකුල් වැඩ කරන්නේ නැහැ… කකුල් වැඩ කරන්නේ නැහැ..
මම කම්පාවට පත්වීමි. මගේ තොල කට වේලිණි … දිවේ වචන හිරවිණි.

වැඩිදුර කියවන්න »
වීඩියෝ
වීඩියෝ නිෂ්පාදන කණ්ඩායම

සුහසර: ගුණදාස අමරසේකර – දෙවැනි කොටස

ආචාර්ය වෛද්‍ය ගුණදාස අමරසේකර කවියෙකු, කෙටිකතාකරුවෙකු හා නවකතාකරුවෙකු ලෙස හෙළ සාහිත්‍ය කෙත පෝෂණයට දැක්වූ දායකත්වය ඉමහත්ය. එතුමන්ගේ චින්තන වෙනසක් සිදුවන්නේ එංගලන්තයට ගොස් පශ්චාත් උපාධි අධ්‍යයනයේ

වැඩිදුර කියවන්න »
Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත