පාළුයි කියා නොකියාම ……….

Alochana-poems
Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

හිත ඇතුලෙ කැකෑරෙන 
ඒ සිතුවිලි කුණාටුව
ඝන තිමිර පටලයකින්
හදවත ම වසාගෙන
දරන්නට අමාරුම
වේගෙන් හැමුවා
දස දිසාවෙම

සත්තයි ඒත් මං
උන්නා ඉවසාගෙනම

ඇහැට ඇඟිල්ලෙන්
ඇන්නත් නොපෙනෙන
කළුම කළු පාට
තිත්තම තිත්ත උන
ඒ රාත්‍රිය පුරා
අඳුරක් උනත් ඉවසගෙන
ඉන්න බැරී තරමටම
වද දෙන කොට

උන්නා මම ඉවසගෙන
සත්තයි මේ හැමදේම

කාලය උනත්
යන්න ම යන්න
හදන්නේ
තත්පරයකවත්
අස්වැසිල්ලක් ළඟ නොතියාම
විසඳාවි කියන්නට තරම් 
විනිසුරෙක් නොවන බව
පසක් කොට
කාලයත් ඕං
උසාවිය වසා දැම්මා
කාටත් පේන්නම

සත්තයි ඒත් මං
උන්නා ඉවසාගෙනම

ගෙයි පුරා සිනාසෙන
ඔච්චම් එමටයි
අඩක් සිනාසී මගහැරී
යන තනිකමේ
අරුමය
ඔච්චමක් දෙකක් නොව
සත සහස්‍රය දක්වාම
පැතිරී හමාරය
ස්නේහය පිරුණු
හදවතකට නම්
එය
උහුලන්න අමාරුය

සත්තයි ඒත් මං
උන්නා ඉවසාගෙනම

දබර කරන්න ට පුරුද්දක්
නැති
වචන එක දෙක
තෝන්තුවාවෙන්
බලා ඉන්න හදන කොට
ගිනි ගහන අව්වක්
ඇවිත් බදා ගත්තා
මුළු හිසම
මෙහෙම කියමින් ම
තව ඉවසපන් මේ
දුක් කන්දම

උපන් සුසුමක් උනත්
ඝනව විහිදී ගියේ
දස අතම
මුල මැද අගක් ගැන
මට මුකුත් නොකියාම

ඒත් මං උන්නා
සත්තයි ඉවසගෙනම

ගෙවුනු සිදුවුණු
ඒ හැමදේම
මගේ හිත පුරා
ඇති කළ සෙවනැලි
පාලුයි කියා
නොකියාම හදවත
ගිලගත්
දුක් කන්දක ……

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Ad
වර්ගීකරණය
කර්තෘ
සංරක්‍ෂිත