මායාකාර සන්තියාගෝ

Alochana-poems

නුඹ ළඟදී මට,

සිනිඳු රොබරෝසියා මල් පෙත්තක

ගසල් කියන තම්බලීනාව

සත්‍යයක්…

පුරාණ වීදී ලාම්පුවක් යට

වෙඩි පහරෙන් නිදහස

අත්පත් කරගත්

සිල්වියොගෙයි මගෙයි

“නිදහස” ගැන සංවාදය

සත්‍යයක්…

ගිම්හාන කුටියකදී

ඇතුලාන්තයේ එළිය සොයා ගිය

මරියාගෙයි මගෙයි

මිනිත්තු එකොලහේ

ආශ්වාදයේ වැළඳ ගැනීම

සත්‍යයක්….

වියලි පලාපත් මැද බංකුවේ

පුංචි කාලේ අප්පච්චි කීව

පිඳුරු රන් කෙඳි කළ

රම්පල් ස්ටීල් කිංග්වත්

සත්‍යයක්…

මායාකාර සන්තියාගෝ

දන්නවද නුඹ,

මං මගේ ආලෝකය

සොයා ගත් බව…

 
Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත