මගේ හිතේ ගණුදෙනු

Alochana-poems

ඇයි මට නොහැකි
නුඹට පෙම් කරන්නට
යස වැඩක් නොවැ
ඒ මගේ අයිතිය
ආ… මොකක්….?
නුඹට ඇත කෙනෙක්
ඕ… ඉතින් මට මොකද

මට ඕන මල රැකබලා ගන්නට
එය නෙලන්නට හිතක් නෑ මට

ආදරේ කරන්නට
ආදරේ කරන්නට පමණක්ම
මගේ කර ගන්න නම්
අදහසක් නෑ මට

ඉතින්
කාගෙන් තහංචිද
මගේ හිතේ ගණුදෙණුවලට

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත