"සබ්බෙ තසන්ති දණ්ඩස්ස
සබ්බෙසං ජීවිතං පියං"
-දණ්ඩ වර්ගය,
ධම්ම පදය-
යුක්තිය පසිඳලන තැනට දෙවඟන වැඩ සිටින
විත්තිකරුවන් රැගෙන එන මොහොතෙහි දසුන
එය අඳුරු සිත්තමකි දිනෙක හද පතුලේ ඇඳුණ
නෙත් තුළින් එසැණ කඳුළු කවියක්ව ගිලිහුණ
තැවුණු සෝබර මුහුණ වැසුණු දැළි රැවුලින්
අකීකරු කෙහෙරැලි කැරලි දරාගෙන දෙවුරින්
බැඳ දමා එකම රෑනට රැගෙන එන යදමින්
හිස් දෑතෙ මාංචුව සිර කෙරුව ඔහු නුඹගෙ පියාණන්
රැඳවුම් මැදිරියේ ඉඩහසරෙ තෙරපෙන හැගුම් අපමණය
කෙලෙස මුදන්නද එහැඟුම් රැකවල්ය- තහනම්ය
ය'පොලු අතරින් හුවමාරු වන අමුණන වදන් දහසක්ය
දෑත දිග නැත පියඹ, දියණිය වැළඳ ගන්නට සිතෙන්නෙය
පෙනෙන මානයෙ අඩි කිහිපයක දුරින්
රැකවරණයයි ඒ නුඹේ - සිරගතව ඇත බලන්
යන්න දියණිය නුඹ වලකන්න ද කවුරුන්
බිය නොවන් 'සිරකරු' වුවද ඒ නුඹේ පියාණන්
One Response
“බිය නොවන් ‘සිරකරු’ වුවද ඒ නුඹේ පියාණන්’
ලස්සන කියවීමක්..
Comments are closed.