සුහසර: නවරත්න ගමගේ

අද්‍යතන ශ්‍රී ලාංකේය සංගීත කේෂේත්‍රයේ සුවිශේෂී දස්කම් දක්වන සංගීතඥ නවරත්න ගමගේ ගීතය, ටෙලිනාට්‍ය, සිනමාව වැනි ඉසව්හි සංගීත නිර්මාණය කිරීමෙන් සිය අනන්‍යතාව සටහන් කොට ඇත. ඔහුම පවසන පරිදි නොසිතූ මොාහොතක, නොසිතූ ආකාරයට සමාජගත වූ “නවා”ගේ සංගීතමය ප්‍රවේශය එහැමපිටින්ම අහම්බයකි. එනමුදු එකී අහම්බය අග්‍රඵලයක් ලෙස සමාජය අත්පත් කරගන්නේ කාලාන්තරයක් තිස්සේ ඔහු සොයා ගිය දැනුම මෙන්ම ජීවත් වූ පරිසරයෙන් උකහා ගත් අත්දැකීම් පාදක කොට ගෙනය.

ගායකයෙකු ලෙස මතු වන්නට කිසිදු උවමනාවක් නොතුබුණද අහම්බෙන් ඔහු ගායනා කළ අල්පවූ ගීත ප්‍රමාණයද නවරත්න ගමගේ තුළ සැඟවී සිටින සංවේදී ගායකයා කරළියට ගෙනැවිත් ඇත. කොළඹ ගෙන්දගම් පොළොවේ කරක් ගසමින් සොයා ගිය ජීවිතය මෙන්ම ජීවිතයේ අත්පත් කොටගත් ජයග්‍රහණ පිළිබඳ සිය සමකාලීන මිතුරෙකු මෙන්ම වෙනත් ක්ෂේත්‍රයන්හි නිර්මාණශිල්පියෙකු වන හෙන්රි වර්ණකුලසූරිය සමඟ පැවැත්වූ හෘදයාංගම සාකච්ඡාවයි මේ දිග හැරෙන්නේ.

වර්ගීකරණය
සංරක්‍ෂිත