ආචාර්ය වෛද්‍ය ගුණදාස අමරසේකර කවියෙකු, කෙටිකතාකරුවෙකු හා නවකතාකරුවෙකු ලෙස හෙළ සාහිත්‍ය කෙත පෝෂණයට දැක්වූ දායකත්වය ඉමහත්ය. එතුමන්ගේ චින්තන වෙනසක් සිදුවන්නේ එංගලන්තයට ගොස් පශ්චාත් උපාධි අධ්‍යයනයේ නිහැලීමත් සමඟය.
අනතුරුව සමාජ විචාරකයෙකු ලෙස කටයුතු කරමින් ලාංකේය සමාජය තුළ ජාතික චින්තන මතවාදය ප්‍රචලිත කිරීම සඳහා සිය දිවිය කැප කළ අමරසේකරයන් තමන්ගේ ලේඛන ආවේශය ඒ වෙනුවෙන්ම දිශානතිගත කළේය.
“ආලෝචනා” සමඟ පැවැත්වූ සාකච්ඡාවේ දෙවන දිග හැරුම වෙන් වන්නේ අමරසේකරයන්ගේ සමාජ චින්තනයත්, භාවිතයත් එතුමන්ගේ නිර්මාණ ආවේශයත් අතර දෝලනය වෙමින් හරවත් කතිකාවක යෙදීම සඳහාය.
ඡායාරූපය: දිනිල් අබේගුණවර්ධන