ළදල්ලක් වියළි සුළඟේ
සැලෙන තාලයට
නිදිබර දෑස් පියවේ
යුවතිය නිදිමත ද නුඹට ?
මැලැවුණ කුසුමක් ව
ඈ උවන බේරෙයි සෙමෙන්
මා උර මත
සියුමැළි මුදු පෙනුම
වසාගෙන ඇත විසල් බර
දිනපතා මේ රියෙහි
එහෙ මෙහේ යන අපට
උරුමය ඔය සංසාර නිදිමත
නාඳුනන අප දෙදෙන
බැස යා යුතුය
අපට හිමි නවාතැන් පොළ
ළගා වූ විගස
නිදියන්න එතෙක් හිතවතිය
නවාතැන මුණගැසෙන තුරු
දැරිය හැක නුඹේ වෙහෙස
ඇස් හරිනු මැන
නැවතුම් පොළ ඉදිරියෙනි
මට උරුම.
නිදිමත නිසා
මඟහැරී යා හැක
නුඹට හිමි නැවතුම..


3 Responses
ලස්සනයි … අලුත් අදහසක් ..
ලස්සනයි
මේ වගේ අත්දැකීම් බස්වල බහුලයි….! ඒ්ක අරුම පුදුමයි…
Comments are closed.