නාද සිත්තම් – තුන්වෙනි වෙළුම

ඕලන්ද ජාතික වින්සන්ට් වැන් ගොහ් [30 March 1853 – 29 July 1890]  බටහිර කලා ලෝකය තුළ  වැජඹුණු කීර්තිමත් චිත්‍ර ශිල්පියෙක්. තෙල් සායම් චිත්‍ර 860 ක්ද ඇතුලුව වසර දහයක් තුළ ඔහු කළ නිර්මාණ ගණනින් 2100ක් වෙනවා. ඔහු අතින් නිමවූ භූ දර්ශන, ජීව චිත්‍ර, ප්‍රතිමූර්ති, [landscapes, still life, portraits] සඳහා භාවිත වර්ණ, නිමිති සහ ආවේග නිසා ඒවා ප්‍රබල ප්‍රකාශන ගුණයෙන් පරිපූර්ණ එඩිතර කලා නිර්මාණ ලෙස සැලකෙනවා. ඔහුගේ අර්ථපූර්ණ තෙලිතුඩ අද්‍යතන කලා නිර්මාණ [modern art] සඳහා පසුබිම සකස් කළා. වින්සන්ට්ගේ මුළු ජීවිත කාලය තුළම ඔහු අලෙවි කළේ  එකම එක චිත්‍රයක් පමණයි. අධික ලෙස මතට ඇබ්බැහි වූ වින්සන්ට් වසර ගණනාවක් දරිද්‍රතාවයෙන් පෙලුණා. අවසානයේ දැඩි මානසික කම්පාවෙන් යුතුව වයස තිස් හතේදී පපුවට වෙඩි තබාගෙන සියදිවි නසාගත්තා. ජනප්‍රියත්වය ඔහු හඹා ආවේ ඔහුගේ අකල් මරණයෙන් පසුව.  

ඔහුගේ උපතින් වසර සියයක් ගතවූ තැන සුප්‍රකට ඇමෙරිකානු ගායක දොන් මැක්ලේන් [Don McLean] වින්සන්ට්ගේ The Starry Night  චිත්‍රය තේමා කර ගනිමින් නිර්මාණය කළ ගීතය ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම නැග්ගා. ගීතය ජනගතවූ පසුව වින්සන්ට් පිළිබඳ නොදත් බොහෝ දෙනා ඔහු ගැන සොයන්නටත් ඔහුගේ කලා නිර්මාණ පසුපස හඹා ගොස් ඒවා මිලදී ගන්නටත් උනන්දු වූ වග ප්‍රකට රහසක්.

වර්ගීකරණය
සංරක්‍ෂිත