පුනරුද භාෂණ – තෙවන දිගහැරුම – ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන

දේශපාලන ආයතන ක්‍රම කියලා මම හඳුන්වන්නේ පොතේ තියන එක නෙවෙයි. ඇත්තටම වැඩ කරන එක. මගේ කල්පනාවේ හැටියට ව්‍යවස්ථාව ඒකේ කටු සටහනක් වගේ පෙනුණාට අපේ රාජ්‍ය ක්‍රමය, ඇත්ත රාජ්‍ය ක්‍රමය තියෙන්නේ ලක්ෂ පහළොවක් මිනිස්සු වැඩ කරනවා රාජ්‍ය නිලධාරීන් විදියට උඩ සිට පහළට ..ඒ ගොල්ලන්ගේ හැසිරීම තමයි රාජ්‍ය හැසිරීම. රාජ්‍යය කියලා මම නං කියන්නේ වෙන දෙයක්. ව්‍යවස්ථාවෙන් හෝ නීති පද්ධතියෙන් ලංකාවේ රාජ්‍ය පේන්නෙ නැහැ ලංකාවේ රාජ්‍ය පේන්නේ රාජ්‍යයේ චර්යාවෙන්. රාජ්‍ය හැසිරෙන විදිහෙන්. ඒක මොකක්ද…ඒ අපිම තමයි. අන්න එතන තමයි ප්‍රශ්නය තියෙන්නේ. ඒ කියන්නේ කාරකයා පිළිබඳ ප්‍රශ්නයක් තමයි නැවතත් එන්නේ.

මේ පිළිබඳ කෙරෙන කතාබහක් අද කතිකාවෙන්.

වර්ගීකරණය
සංරක්‍ෂිත