අප කතා කරමින් ඉන්නේ සමාජ ඓතිහාසික සමස්ථාර්තයෙන්ම පෙරළියක් සඳහා වූ කතෘත්වය ගැන. ඒ වගේම අපි ඉන්නේ මේ මනුෂ්‍යය වර්ගයා මුහුණදෙන විශාල අභියෝගයක් මැද්දේ බවත් කතා කළා. මේ මහා ගෝලීය වසංගතය.
මෙවැනි ගෝලීය වසංගතයක් මීට පෙරාතුව මීට වඩා භයානක ආකාරයෙන් මනුෂ්‍යයාට මුහුණ දෙන්නට සිද්ධ වුණු අවස්ථාවක් තිබෙනවා. ඒ තමයි එක්දහස් තුන්සිය ගණන්වල , ඒ කියන්නේ මධ්‍යකාලීන යුගයේ අඳුර මැද්දේ යුරෝපයේ මත පාත් වූ black death නැත්නම් කළු මරණය නැත්නම් මහාමාරිය නැමැති වසංගතය.
මිනිසුන්ගේ ජීවිත සම්බන්ධයෙන් ගත්තම අති විශාල විනාශයක් වුණා. මේ අභියෝගය නිසා විශාල පෙරළියක් සිද්ධ වුණා. මිනිසුන් තුළ වූ විශ්වාස පද්ධතිය බිඳ වැටුණා. තිබුණු ආයතනය තවදුරටත් ගෙන යන්න බැරි වුණා. මිනිස්සු හරියට බිත්තියටම තද කරා වගේ.
මේ වසංගතයෙන් පස්සේ බටහිර යුරෝපයේ ලොකු පෙරළියක් සිද්ධ වුණා. ඒ කියන්නේ මිනිසුන්ට නැගිට ගන්න බැරි වෙන්න, මිනිස්සුන්ට අනුප්‍රාණය සපයන්නේ නැති, මිනිසුන්ට වැඩ කරාට කිසි ප්‍රයෝජනයක් පේන්නේ නැති නිස්සාරක ආයතන තිබුණු රටේ ඒ ආයතන පද්ධතිය බිඳවැටිලා ඊට වඩා යහපත් අන්තර්ග්‍රාහී ආයතන, ඒ කියන්නේ මිනිසුන්ට යම් කිසි විදිහකට අනුප්‍රාණයක් සපයන, මනුෂ්‍ය ගෞරවය පිළිබඳ ඉහළ ප්රමිතීන් ඇති ආයතනය බිහි වුණා.
මේ පිළිබඳ තවදුරටත් අදහස් මේ කතිකාවෙන් ඔබට ලබා ගන්නට පුළුවන්.