ප්‍රේමයක් කියන්නෙම
හද දවන ගින්දරක්
සිසිලසින් වසාගෙන
කප්පරක් දුක උණන
ප්‍රේමයත් ගින්දරක්
මුදු සුමුදු පවනකින්
ගත තුටින් සැනසුවද
හෙමි හෙමින් ගිනිපිඹින
සුසුමකින් ගිනි වදින
ප්‍රේමයම ගින්දරක්
කොයිතරම් ඇවිලුනද
හද ගින්න දරාගෙන
යළි යළිත් සිප ගන්න
ප්‍රේමයම ගින්දරක්
අළු දූලී වන බවම
හදවතම දැන දැනම
සිනාසී දෝත පා
සිත තුටින් වැළඳගත්
ප්‍රේමයම ගින්දරක් ….

