නියම කල තැනක
තිබුණා නම් යමක්
සොයා යයිද කිසිවෙක්
අනියම් තැනක කිසිවක්…
ඒක ඉන්ද්‍රජාලික ඉසව්වක්
ඇවිද ගිය පා ලකුණු මිස,
ආ පිට තැබූ ලකුණු නැති…
මල් පවාරණ සමයක් වුවත්
රොන් සුනක මිහිර ශේෂ වුණ,
නර කෙසක කතන්දර අස අස
මඛාදේවලත් ඇවිද යයි….
කටුසර මලකට උරුම
වාලුකා උර තලක
නිල්මහනෙලක්
හිස තියයි…
පැසි පැසී සුසුම් ලන
රත් යබොර කඩිත්තක
පැනි කුරුල්ලෙක්
සිහිල් දිය සනහයි….
ඇසිඩ් වැසි මල් තුහින
රෝස පෙත්තක කවි ලියයි
ජීවිතේ අනියත වග කියන
තණ පතක අග මූනිස්සමයි…
මුරුගසන් වැස්සටත්
සේදී නොයයි
පාට හත දරාගෙන
දේදුන්න සදා කාලිකයි…
ඒක ඉනද්‍රජාලික ඉසව්වක්
එල්ලුම් ගහෙත්
මල් පිපෙයි….!

