වසර 40ක් ගෙවී ගිය ද තවමත් අප අන්ධකාරයේ අතපත ගාමින් සිටින රටට ටෙලිවිෂන ප්‍රතිපත්තියක් (Television Policy) දැක ගන්නට හෝ හඳුනා ගන්නට නොහැකි වීම ගැටලුවකි. 1990 කොළඹ පදනම් ආයතනයට රැස් වූ කණ්ඩායමක් එම වසරේ දෙසැම්බරයේ 12, 13, 14 දින තුනක සමුළුවක් පවත්වා ප්‍රතිපත්තියක් සකසා ගැනීමට උත්සාහයක් ගෙන තිබණි. ඒ ටෙලිවිෂනය ආරම්භ වී යන්තම් වසර දහයක් ගෙවුණු තැනය. දැනට වසර හතලිහක් ගෙවී හමාර ය. ඒත් තවමත් අන්ධකාරයේ ය. අප බොහාේ දෙනා තුළ ඇති පිළිගැනීම නම් මෙරටට ටෙලිවිෂනයේ ප්‍රවේශය සැළසුම් ගතව සිදු වී නොමැති බවය. රේඩියෝව පිළිබඳව ප්‍රධාන පෙලේ කොමිෂන් සභා තුනක් හතලිහේ, පනහේ හා හැටේ දශකවල පවත්වා කරුණු අධයයනය කර තිබේ. පිළිවෙළින් වෛද්‍යානාදන් කොමිෂම (1940) වීරසූරිය කොමිෂම (1950) හුළුගල්ල කොමිෂම(1960) ඒවාය. එහෙත් ටෙලිවිෂනය සම්බන්ධයෙන් එවැන්නක් සිදුවී නැත.
1982 අංක 06 දරණ රූපවාහිනී සංස්ථාව පිහිටුවීමේ පණත පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරමින් අමාත්‍ය ආනන්ද තිස්ස ද අල්විස් කළ ප්‍රකාශයෙන් කොටසක් උපුටා දැක්වීමට මෙය අවස්ථාවක් කර ගනිමි.
(උපුටනය) “When I was the secretary of the then Ministry of State, and pioneered the concept of introducing television of that time, we were getting it as a free gift from the government of Germany. The greatest opponents of it was the late Mr. Dudley Senanayaka who was then my Minister-in-charge of the Broadcasting corporation. In the face of this objection the idea had been shelved… ( පළමු උපුටනය අවසන්) (අදහස – එතුමා අමාත්‍යාය ලේකම් වශයෙන් සිටියදී ජර්මනියෙන් ටෙලිවිෂන සේවයක ලබා දීමට එකඟ වෙද්දී එවකට පැවති විදුලි ඇමැති ඩඩ්ලි සේනානායක මහතා විරුද්ධ වී තිබේ.)
(දෙවැනි උපුටනය)
“Man makes from whatever technological breakthrough he may achieve, something for good and something for evil. Let us hope and pray that this new medium that has been given to us, we can protect to the best of our ability. It will be ridiculous for us to say that we are going to do something which nobody else has done which is to have television service so magnificent that. The whole world will come here to see… It has never happened before and it is never likely it happen here. It is not the fault of the transmitter, it is not the fault of the camera. An these things are being manipulated and used by human beings, and the frailties or the greatness of the units that manage them will determine the quality of what they will broadcast”
ඉහත උපුටන දෙකෙන්ම කියවෙන්නේ ටෙලිවිෂනයේ කාරිය විය යුත්තේ කුමක් ද යන්න පිළිබඳව යම් අදහසකි.
අපට ආසන්න ඉන්දියාවේ ටෙලිවිෂනය සැළසුම් කළේ කෙසේ ද බැලුවොත් අදහසක් ලබා ගැනීමේ හැකියාව තිබේ. ඉන්දියාවේ ටෙලිවිෂනය ක්‍රමික ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. 1959 සැප්තැම්බරයේ ආරම්භ කරණ ලද ඉන්දීය ටෙලිවිෂනයට සමස්ථ ඉන්දියාව ආවරණය කරන්න ලැබෙන්නේ 1980 තමන්ගේම සැටලයිටයක් පිහිටුවා ගැනීමෙන් අනතුරුවය. නියාමන ව්‍යාපෘතියක් ලෙස නවදිල්ලියෙන් ආරම්භ කළේ 1959 දීය. අත්හදා බැලීම්, පුහුණුවීම් වලින් අනතුරුව පාසල් 250 කට (ද්විතියක පාසල්) ටෙලිවිෂන යන්ත්‍ර ලබා දී ආරම්භ කළ ව්‍යාපාතියට ගොවියන් සඳහා ද වැඩසටහන් ඇතුළත් කර තිබේ. ඉන් අවුරුදු 13 කට පසුව 1976 දී දූර්දර්ශන් සේවය ආරම්භ කර තිබේ. වර්ණ ටෙලිවිෂනය හඳුන්වා දෙන්නේ 9 වන ආසියාතික ක්‍රීඩා උළෙල දිල්ලියේ පැවැති අවස්ථාවේ ය.
ඉන්දීය මාධ්‍ය කුමන ස්ථාවරයක වී ද යන්න පිළිබඳව 1948 බලයට පත් වූ එරට ප්‍රථම අග්‍රාමාත්‍ය ශ්‍රී ජවහල්ලාර් නේරු තුමා ගේ සඳහනක් මෙහිලා වැදගත් වේ.
“ My own view of the setup for broadcasting is that we should approximate as far as possible to the British model, the BBC, that is to say, it would be better if we had an autonomous corporation. Now, I think that is not immediately possible…”
1985 රජිව් ගාන්ධි ප්‍රකාෂ කළේ ද AIR (All India Radio) and Doordharshan are not yet ripe for autonomy” යනුවෙන් වුවද V. P. සිංග් ගේ ජනතා ඩාල් රජය මැතිවරණ පොරොන්දුවක් ඉටු කරමින් 1990 දී පනත සම්මත කරන ලද අතර 1991 දී ක්‍රියාත්මක කරනු ලැබීය. රජයේ පාලනයෙන් මාධ්‍ය නිදහස් කර ගැනීම ක්‍රමික වැඩ පිළිවෙළක ප්‍රතිඵලයක් වශයෙන් ජය ගැනීමට ඉන්දියාව සමත් විය. “ප්‍රසාර්භාරතී පණත” එහි ප්‍රතිඵලයයි.
මාධ්‍ය ප්‍රතිපත්තියක් පිහිටුවීමේ දී අවධාරණයට ගත යුතු වන්නේ නිදහස්, විෂය මූලික අදහස් සැළකිල්ලට ගත හැකි බුද්ධිමත් කාර්ය මණ්ඩලයක අවශ්‍යතාවයයි.
අපගේ මීලඟ අවධානය යොමු කළ යුත්තේ ප්‍රධාන ප්‍රශ්න දෙකක් වෙතය. ටෙලිවිෂන් ප්‍රතිපත්තියක් අවශ්‍ය කාටද?
- වැඩසටහන් පිළිබඳ තීන්දු තීරණ ගන්නා කණ්ඩායම
- නරඹන කණ්ඩායම
මෙයින් වඩාත් බලපැමට ලක් වෙන්නේ නරඹන පිරිසය.
පළමුවන කණ්ඩායම සඳහා යම් ආකාර මග පෙන්වීමක් අවශ්‍ය වේ. එය හුදෙක් රජයේ කිසිදු බලපැමකින් තොරව සිදුවිය යුතුවේ. එහිදී අවශ්‍යයෙන් සමාන සාධාරණත්වයක්, ආර්ථික වශයෙන් සුභ සාධනයක් හා සංස්කෘතික අංශ සැලකිල්ලට ගෙන මානව සමාජමය වශයෙන් වඩාත් අර්ථවත් සමාජයක් වෙනුවෙන් කැපවිය යුතුය. සමාජ සත්කාරක සුපෝෂණයක් උදෙසා ජනමාධ්‍ය (විශේෂයෙන් විද්‍යුත් මාධ්‍ය) ප්‍රතිපත්තියක් සම්පාදනයේ දී,
Individual
Provincial
National
මට්ටමෙන් සලකා බැලීම අවශ්‍ය වේ.
හැදුනු පුද්ගලයෙකු නිර්මාණය කිරීම සඳහා, අපට උරුම සංස්කෘතිය තේරුම් ගැන්වීම හා සියලුම ජන කොටස් වලට ගරු කරමින් සහජීවනයෙන් ජීවත්වීමට හුරුකෙරෙණ වැඩසටහන් සම්පාදනය කරමින් උසස් රසවින්දනයක්, අපක්ෂපාතව තොරතුරු බෙදා හරිමින් අධ්‍යාපනයට ද ඉඩකඩ සළසන ක්‍රමවේදයක් අපට ගැලපෙන ටෙලිවිෂන ප්‍රතිපත්තියක් සම්පාදනයේ දී සැළකිල්ලට ගත යුතු වේ.
මා අසා ඇති පරිදි ලෝකයේම අධ්‍යපනය වෙනුවෙන් කැපවුනු ටෙලිවිෂනය ප්‍රතිපත්තියක් ඇති එකම රට ඊශ්‍රායලය බවය. අප මුලින් සඳහන් කළ පරිදි ඉන්දියාවේ ටෙලිවිෂනය අත්හදා බලා ඇත්තේ ද අධ්‍යාපනය පාදකවය. අපගේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනතේ ද අධ්‍යපන ඇමැතිවරයාගේ නියෝජිතයෙකු සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩලටය ඇතුළත් කර ඇත ද අධ්‍යයනය උදෙසා මෙරට ටෙලිවිෂනයේ දායකත්වය පිළිබඳව සෑහීමට පත් විය හැකි ද යන්න ප්‍රශ්නාර්තයකි.
බහු භාෂික රටක් වන ලංකාවේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවන් මැනවින් හසුරුවීමට යම් දිරිදීමක් මුල් කාලයේ ක්‍රියාත්මක වූ “අත්වැල” සිංහල-දෙමළ වැඩසටහන, “follow me” වැනි වැඩසටහන් දෙකේම නිෂ්පාදකයා වූ ලියුම්කරු අදත් ඒ පිළිබඳව සතුටු වෙයි. ඒ ඒ ජාතීන්ට අනන්‍ය වූ සංස්කෘතික අංග සුරක්ෂා කිරීමට, ප්‍රවර්ධනය කිරීමට, සංගීත, නර්ථන, නාට්‍ය කලා වැඩසටහන් වලට අවස්ථාවක් සලසා දීම අවශ්‍ය වේ. එහෙත් නැටුම්, ගැයුම් වැයුම්, නාට්‍ය ලෙසින් ගෙනහැර පාන “බහුරූ කෝලම්” මගින් සංස්කෘතික පුනරුදයක් ඇති කිරීමට ඉඩක් ලැබේදැයි දැන් දක්නට ලැබෙන වැඩසටහන් වලින් පිළිවන් ද? ටෙලිවිෂන ප්‍රතිපත්තියක් සැකසීමේ දී මෙවැනි දෑ පිළිබඳව වඩාත් සැළකිලිමත් වීම යුගයේ අවශ්‍යතාවයක්ව පවතී. ටෙලිවිෂනය පවුලේ සැවොම එකට එක්ව නරඹන රටක් බව අමතක නොකළ යුතුය.
ප්‍රජාතන්ත්‍රවාදයේ අදහස සුරක්ෂා කිරීම, අදහස් ප්‍රකාශනයේ නිදහස (පක්ෂපාති, දේ කිරීමට ඇති නිදහස නොවේ)සමබර පුවත් ප්‍රකාශය, කාලීන වැදගත් සංවාද, පිලිසඳර පැවැත්වීම, ජාතික වශයෙන් අපේක්ෂා කළ යුතු වේ. ධනාත්මක ආකල්ප වර්ධනය හා පවත්වා ගෙන යෑම, දැනුමෙන් පොහොසත් පිරිසක් නිර්මාණය ටෙලිවිෂන ප්‍රතිපත්තියක් සම්පාදනයේ දී සැළකිල්ලට ගත යුතු තවත් කරුණු වේ.
මේ සියල්ලක්ම සපුරාගත හැක්කේ මාධ්‍ය දැනුම, පුහුණුව, සුපෝෂනය, මාධ්‍ය අධ්‍යාපනය හා ප්‍රතිපත්ති ගරුක මාධ්‍යකරුවන් බිහි කිරීමෙනි. ප්‍රමිතීන් සම්පාදනය කිරීමෙන් පෞද්ගලික අභික්ෂාවන් බැහැර කොට සාධාරනීයකරණය කළ හැකි මගක් ඔස්සේ යමින්, අන් දේශ දේහාන්තරයන්ගේ පිළිගත් ආචාර ධර්‍මයන්හි පිහිටා අපට උරුම ටෙලිවිෂන ප්‍රතිපත්තියක් උදාකර දෙතැයි අපට ඇති බලාපොරොත්තුව තවමත් බැහැරවී නොමැති බව මෙහි දී සිහිපත් කරමු.
